තරවටුවක් ‼️

647 123 48
                                    

2004 ජූනි 22

"මං තමුසෙට කිව්වා මං ගැන මුකුත්ම කාටවත් කියන්න එපා කියලා..ඇයි තමුසේ මගේ මල්ලි ගැන කටඋත්තරයක් දීලා තියෙන්නේ..."

අමුත්තා කියපු දෙයින් මිස්ටර් ජියොන් පුදුමයට පත්උනේ බන්ධනාගාරේ ඇතුලේ වෙන දේවල් එළියට ගියේ කොහොමද කියලා හිතාගන්න බැරුව.

"ම...මම එහෙම කටඋත්තරයක් දුන්නේ නෑ"

"නැත්තේ කොහෙද මිනිහෝ...තමුසේ හිතන් ඉන්නේ මං කිසි දෙයක් හොයාගන්න බැරි නිකමෙක් කියලද..??

නෑ එහෙම හිතන් ඉන්නවනම් තමුසෙට වැරදිලා මිස්ටර් ජියොන්...මගේ හිතවත් මිනිස්සු ඕක ඇතුලේ ඇති තරම් ඉන්නවා..ඒ නිසා මට බොරු විතරක් කියලා අහුවෙන්න එපා "

"ඔව් මම කිව්වා..උන් මගෙන් වද දීලා ඇහුවා එදා තුවක්කුව ගෙනල්ලා දීලා ගියපු මිනිහා කවුද කියලා..?? මං පුලුවන් තරම් දේවල් හැංගුවා...කිව්වේ ඇදන් හිටපු ඇදුම ගැන විතරයි..."

"තමුසේ හිතනවද ජියොන් මං මෝඩයෙක් කියලා..අනික උබ ඔය කියන්න හදන්නේ පොලිස්කාරයෝ කියන්නෙත් මෝඩ උන් කියලද...??

අදුරන්නැති මිනිහෙක් ගෙනල්ලා දෙන තුවක්කුවක් ඇද යට දාලා තියාගත්ත කිව්වම ඒක විශ්වාස කරන්න තරම් උන් මෝඩ නෑ කියලා මං විශේෂයෙන් කියන්න ඕනේ නෑනේ මිස්ටර් ජියොන්"

" ඇයි තමුසේ මාව මේ වගේ දේකට පැටලුවේ...?? "

"තවුසෙට මගේ ගෑනිව මහපාරේ මැරෙන්න අරින්නේ නැතුව ඉන්න තිබ්බේ ජියොන්.."

"ඒක මං හිතල කරපු දෙයක් නෙමේ මිනිහෝ...මං ඒ වෙලාවේ දෙලෝවිකාරෙන් හිටියේ..මොකද ඒ වෙලාවේ බබාගේ ඩිලිවරි එකට මං මගේ ෆයිෆ්ව අරන් යන ගමන් හිටියේ..."

"හෝව් හෝව්...මට තමුසෙගෙන් නිදහසට කාරණා ඕනේ කරන්නේ නෑ..තමුසේ තමා මං මගේ ගෑනි නිසා පාලනය කරන් හිටපු මගේ ඇග ඇතුලේ හිටපු මිනීමරුවව ආයෙත් ඇවිස්සුවේ.."

"මොකක්ද මං කරන්න ඕනේ ?? "

" මං කලින් කිව්ව වගේ විදවපන් හිර ගේ ඇතුලේ ඉදන්...අපි ගැන මුකුත් එළියට දාන් නැතුව...
නැත්තම් දන්නවනේ...
තමුසෙට ලස්සන පොඩි කොල්ලෝ දෙන්නෙකුත් ඉන්නවනේ...
පව් තනියම වෙන්නැති ඉන්නෙත්..."

ᴅᴏᴘᴇ | ᵗᵃᵉᵏᵒᵒᵏWhere stories live. Discover now