අනපේක්ෂිත ආරම්භයක්

531 125 20
                                    


Tae's POV.

පොඩි කාලේ ඉදන් ආදරයක් ලැබුන් නැති මං වගේ කොල්ලෙක්ට පළවෙනි වතාවට ආරක්ෂාවක් රැකවරණයක් ලැබුනේ මගේම වයසේ හිටපු අවුරුදු හතක පොඩි කොල්ලෙක්ගෙන්.

එයා එයාගේ ජීවිතේ මං නිසා අනතුරේ ඇයි කියන එක තාමත් මට ප්‍රශ්නයක්..

ජීවිතේ පළවෙනි වතාවට හම්බුන කවුද කියලවත් හරියට නොදන්න මං වගේ කෙනෙක් වෙනුවෙන් එච්චර සැලකිල්ලක්..

අර ජරා මිනිහගෙන් මාව බේරගන්න පොඩි කොල්ලෙක් වෙලත් එයා එයාගේ ජීවිතේ බිල්ලට තිබ්බා..

එදා එයා මං වෙනුවෙන් ඉදිරිපත් උනේ නැත්තම් මං ඒ ජරා මිනිහගේ අතින් නැත්තටම නැති වෙන්න තිබ්බා..

මං වෙනුවෙන් කරපු ඒ කැපකිරීම නිසාම අදටත් එයා ලෙඩෙක්..

හිත කොච්චර ශක්තිමත් උනත් සමහර දේවල් තියනවා මිනිස්සුන්ව මනසින් වට්ටන..

ජන්කුක් අදටත් එදා වෙච්ච ඒ දේවල් නිසා විදවනවා..

එයා එදා කරපු ඒ කැපකිරීම අද මම දකින්නේ වෙනස් විදියකට..

ඔව්..ජන්කුක්ව අන්තිමටම දැක්ක දවසට පස්සේ මම අවුරුදු ගානක් යනකන් එයාව හැමතැනම හෙව්වා..

මොකද මගේ ජීවිතේ මට වැඩියෙන්ම දැනුනු යාළුවා එයා නිසා..

එකපාරක් දැකලා කතාකරන්න තිබ්බත් ඇති කියලයි මම හිතාගත්තේ..

ඒත් ඒ හිතපු දේට වඩා අද වෙද්දි තත්වේ ගොඩක් වෙනස්..

එක දවසකට හරි හම්බෙන්න ඕනේ කියලා හිතපු ජන්කුක් අද වෙද්දි මාත් එක්ක මගේ ගෙදර ඉන්නවා..

ටිකෙන් ටිකෙන් අපි දෙන්නා ගොඩක් ළං වෙන්න ගත්තා..

අන්තිමට එකම කාමරේ බෙදාගන්නත් අපි දෙන්න හුරු උනා..

ඇත්තටම ජන්කුක් තමා මගේ pain killer එක...

පිටට සතුටින් ඉන්නවා වගේ පෙනුනට මාත් තාමත් හිත යටින් ගොඩක් විදවනවා...

සමහර කැලැල් අදටත් මගේ ඇගේ තියෙනවා.ඒවා දකිද්දි ආයේ ආයෙත් පරණ දේවල් මතක් වෙනවා..

ᴅᴏᴘᴇ | ᵗᵃᵉᵏᵒᵒᵏWhere stories live. Discover now