"පොඩ්ඩක් ඉන්න ජන්කුක්..."
ටේ රින්ග් වෙන ෆෝන් එක අතට අරන් ජන්කුක් ඉන්න තැනින් ඈත් උනේ කෝල් එක ආන්සර් කරන්න.
Tae : හෙලෝ යුන්ගි කියහන්
Yoongi : මොකද උනේ ගියපු වැඩේට ??
Tae : එයාව හම්බුනා බම්
Yoongi : අඩෝ නෑ සිරාවට ... ?? අම්මේ ඇති යන්තම්...අපි දෙන්නගේ මහන්සිය වතුරේ ගියේ නෑ එහෙනම්
Tae : ඔව් යුන්ගි මං කිව්වනේ එයා සෝල් වල කොහෙම හරි ඉන්නවා කියලා..
Yoongi : ඔව් හැබැයි..අපරාදේ අපි එයාව බූසාන් වල හොයන්න මහන්සි උනේ..
Tae : කමක් නෑ එහෙ හොයපු නිසානේ අඩුම තරමේ විස්තර ටිකක්වත් හොයාගන්න පුලුවන් උනේ..උබ හිටියේ නැත්තම් මේ තනි මට මෙච්චර ඉක්මනට ජන්කුක්ව හොයාගන්න වෙන්නේ නෑ බම්..
Yoongi : අඩෝ අඩෝ .... දැන් මෙතන ස්තූති කතා දෙන්න ලෑස්ති වෙන්න එපා 😂💔 උබ මගේ බොක්ක..මං නැතුව වෙන මොකා උබට උදව් කරන්නද
Tae : බෑනේ කරන්න.. 😬😂
Yoongi : ඉතින් ඉතින් මොකද සීන් එක..කියහන්කෝ ජන්කුක් මොකද කිව්වේ..උබ දැන් ගෙදරද ඉන්නේ...
Tae : ආ ජන්කුක් දැන් මෙහෙ ඉන්නේ..වැස්සේ තෙමිලා තෙත ඇදුම් පිටින් හිටපු නිසා මං මෙහෙට එන්න කිව්වා.
Yoongi : යකෝ මිනිහා ඔහෙද...??ඒනම් උබ මොන මගුලකටද මාත් එක්ක කියව කියව ඉන්නේ..ගිහිං කතා කරපන් උෟත් එක්ක..අවුරුදු ගානක් හොයලා හොයලා හම්බුනෙත්..කතා කරන්න කොච්චර දේවල් ඇත්ද...
VOUS LISEZ
ᴅᴏᴘᴇ | ᵗᵃᵉᵏᵒᵒᵏ
FanfictionDOPE | JJK × KTH පොඩි සිද්ධියකට පුලුවන් මනුස්සයෙක්ගේ ජීවිතේ නැත්තටම නැති කරල දාන්න.. මගේ අතීතය මගෙම අනාගතයේ බාධාව උන තැනක ඒ අතීතය අතඇරල අනාගතයත් එක්ක ආයේ ආයේ සටන් කරන්න මට පුලුවන් වෙයිද ????? TW ( Trigger Warning⚠️) BTS FF TAEKOOK 🔇🗡️🎭�...