බලපෑමක්

671 110 47
                                    

අනාත්මික ලෝකේ ආත්මීය බැදීම් කියලා දෙයක් නෑ...

කාලෙත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙනවා..සමහරුන් අපේ ජීවිතේට ඇවිත් නොකියම යන්න යනවා...

මොකද ගෙවන හැමතප්පරයක් පාසාම හැමදේම වෙනස් වෙනවා..මේ සිද්ද වෙන දේ ඊළග තප්පරේදිම වෙනස් වෙනවා...

ඔව් ඒක තමයි මේ ලෝක ස්වභාවය..

අපි කාටවත් ඒ දේ වෙනස් කරන්න බෑ..අපිට කිසිම දෙයක් බලෙන් රදවගන්නත් බෑ..

හිමි නැති දේවල් වලට අයිතිවාසිකම් කියන්න ගියාම අපිට වෙන්නේ අවසානේදි අපිවම රිද්දගන්න...

ඉතින්  මේ අස්ථීර ලෝකේ ස්ථීරයි කියන්න කිසිම දෙයක් නැති නිසා

ආදරය කියන්නෙත් හිමි උනොත් රැකගන්න ඕනේ ඒත් අහිමි උනොත් දරාගන්න ඕනේ දෙයක් විතරයි..

_සික්කා_

Junkook's POV.


අතීතය සම්පූර්ණයෙන්ම සුව කළ නොහැකි බව අවබෝධ කර ගැනීම වැදගත් ⚠️🧤🎭

සමහර මතකයන් තියෙනවා කොච්චර උත්සහකලත් අමතක කරලා දාන්න බැරි..

අනිවාර්යෙන්ම ඒ දේවල් අපේ අනාගතේටත් බලපාන දවසක් එනවා..

මං දන්නවා මගේ අතීතය නිසාම මට කාත් එක්කවත් එකතු වෙන්න බෑ කියලා..

මං උත්සහ කලා මගේ තත්වය හංගගන්න..

මං ආදරේ කරන මගේ ටේගේ ආදරෙන් ඒ නරක මතක මකල දාන්න..

ඒත් එදා මට ඒ දේ එතනින් එහාට කරන් යන්න ශක්තියක් තිබ්බේ නෑ..

මට එයාගේ වෙන්න බැරි උනා..

ඇත්ත අපි දෙන්නට ශරීරයෙන් අපේ වෙන්න බැරි උනා..

ඒත් අපි හදවතින් අපේම උනා ❤....

මං ටේට ගොඩක් ආදරෙයි..

එයත් මට ඒ තරමටම ආදරෙයි කියලා මම දන්නවා...

ඒත් මට බයයි...

ᴅᴏᴘᴇ | ᵗᵃᵉᵏᵒᵒᵏWhere stories live. Discover now