ජින්ගේ හෙල්ල...?

174 36 55
                                    

Frank POV:

ජන්කුක් අපිව එයාගේ යාළුවෝ ඉන්න මේසේ ගාවට එක්කගෙන ගියා. එතන තව කොල්ලෝ හතර දෙනෙක් හිටියා. දෙන්නෙක් නම් ‌සාගතේකට අහුවෙලා වගේ බඩ කට පුරවගන්න වැඩේ යෙදිලා හිටියේ. අනිත් දෙන්නා අපි එන දිහා හැරිලා කට ඇරගෙන බලන් ඉන්නවා. හරි මං එයාලව අඳුරගත්තා. ඒ අර ඉස්සෙල්ලා මගේ ඇඟේ හැප්පුන කොල්ලායි එයාගේ කොට යාළුවයි. මෙහෙමයි ඉතින්, කොට අයට කොටයි නොකියා වෙන මොකක් කියන්නද? මම කොහොමත් උසයිනේ.

අපි එතනට ගියා. අර කොට කොල්ලනම් හුස්ම හිරකරගෙන මං දිහා බලාගෙන ඉන්නවා. මට බයවෙලාද දන්නෑ. අර මගේ ඇඟේ හැප්පුන කෙනානම් ඒ කොල්ලගේ කකුලකුත් පාගගෙන අපි එක දිහා බලන් ඉන්නවා. ඇයි දන්නෑ කකුල පෑගුවේ?

" අන්යොන් හියොන්ග්ලා. මේ ඉන්නේ මගේ යාළුවෝ දෙන්නා. එයාලා මෙහෙ අය නෙවෙයි. ඇමරිකන්. ඒ හින්දා එයාලත් එක්ක ඉංග්‍රීසියෙන් කතාකරන්න ඈ. මේ ඉන්නේ ෆ්‍රෑන්ක්. එතකොට මේ ඉන්නේ හේසල්"

"ආ... එහෙමද? හලෝ, නයිස් ටු මීට් යූ. මම හෝසොක්. හොබී කියලා කියන්න" මෙසේ වාඩිවෙලා හිටපු කොල්ලෙක් හිනාවෙන ගමන් කිව්වා.

( මේ අහන්නකෝ, දැන් ඉතින් මෙයාලා ඉංග්‍රීසියෙන් කතාකරත් කොරියන්වලින් කතාකරත් ඔිතර් හොඳටම කතාකරන්න දන්නේ සිංහල විතරයිලු. ඒ නිසා සියලු දෙබස් සිංහල ඔන්ලි. හි හී...)

" මම ටේහ්‍යුන්ග්. කුකියගේ ඔතාගෙන පතාගෙන ආපු ආදරණිය එකම පොඩි අයියා. මේ නසරාණි කල්ලියේ සෙකට්‍රි. අපි තාම ආවා විතරයිනේ. ඉක්මනට නසරාණි වැඩ ටිකක් කරන්න ඔිනේ. ඒවා නැතුව නිකන් බත් කෑවේ නෑ වගේ. ඔයාලවත් අපේ කණ්ඩායමට සාදරෙන් පිළිගන්නවා. මගේ කතාව මෙතැනින් අවසානයි. අසා සිටි සැමට තුති."  මේසේ හිටපු අනිත් කොල්ලා කිව්වා.

හරි, ඒ කියන්නේ මෙයා ජන්ග්කුක්ගේ අයියා කෙනෙක්. එතකොට අනිත් කෙනා කවුද? 

" ඔියි ජිමිනෝ! මොකද බං ඔය පිටසක්වලින් බැහැලා වගේ ඉන්නේ? මේ දෙන්නට කතා කරන්නැද්ද?"

"ඈ? ආ! හා... හායි... මම ජිමින්. ජන්ග්කුක්ගේ ලොකු අයියා. ඔයාලා කොහොමද මෙයාව යාලුවෙක් කරගත්තේ? හී... නෑ මං මේ කියන්නේ, ඉස්සල්ලා උන දේට යූන්ගි වෙනුවෙන් මම සමාව ගන්නවා. සොරි ඈ." අර කොට කොල්ලා කිව්වා. එයා නිකන් හිටියේ සන්නිය හැදිලා වැටෙන්න වගේ. මං එච්චර බය වෙන්න කෙනෙක් නෙවෙයි අනේ. 

Descendants Of Olympus ║ᵇᵗˢ ˣ ʰᵉʳᵒᵉˢ ᵒᶠ ᵒˡʸᵐᵖᵘˢ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ║Hikayelerin yaşadığı yer. Şimdi keşfedin