MISTAKE ❌

254 61 7
                                    

ජී නැගිටිද්දිත් යුංගි පුටුවට වෙලා කල්පනා කරනවා.

"යුංගි ඔයා නිදා ගත්තෙ නැද්ද 🥺"

"ආහ් මට නින්ද ගියෙ නෑ 😶"

"බොරු කියන්න එපා.ඔයා මං දැක්ක දේ ගැනද වද වෙන්නෙ ඒ ගැන වද වෙන්න එපා ඒක සමහරවිට මගෙ හිතේ මැවිච්ච දෙයක් වෙන්න ඇති.ඩ්‍රස් එක තිබ්බ තැන ඒ විදියටම තිබ්බෙ"

"ජී පුලුවන්නම් ඔයා මං එනකම් එක්කො ජංකුක්ගෙ ගෙදර හරි ගිහිල්ලා ඉන්නවද"

"අයියො.මගෙ අයි⁣යා බයවෙලාද මට කරදරයක වෙන්නෙ නෑ.ඔයා බය වෙන්න එපා.🙂"

"මං යනවා....අද මං යන්නම ඕනෙ දවසක් මං ගිහිල්ලා එනකම් පරිස්සමින් ඉන්න."

"යුංගි ඔයා කෑවද"

"මං එහෙන් කන්නම්."

යුංගි ලෑස්ති වෙලා universityට ගියා.යන අතරමගදි ජංකුක් හම්බුනා.

"ඒයි ජංකුක් උබ අද යන්නෙ නැද්දෙ 🤨"

"ආ අද බෑ වගෙ "

"උබට කවද්ද ඉතිං පුලුවන්.🙄මේ උබ යන්නෙ නැති එකේ ජීව මං එනකම් බලා ගන්න පුලුවන්ද"

"ඇයි ජීට අසනීපද ☹️"

"නෑ ජී ඊයෙ දෙයක් දැක්කා.ඒකට ජී ටිකක් බයෙන් ඉන්නෙ.තනියෙම ඉන්නවට වඩා කව්රු හරි ලග ඉන්න එක හොදයිනෙ"

"ආහ් හරි බයවෙන්න එපා මං දැන්ම යන්නම්"

"thank you so much ජංකුක්"

"ඕක මොකක්ද"

at home

ට්‍රීං ට්‍රීං

"කව්ද"

ජී කිචන් එකෙ ඉදං ඇහුවා.

"මේ මං ජංකුක්"

"ආ ජංකුක් එන්න ඇතුලට"

"ඔයා හොදින් නේද?"

ජංකුක් ජී ලගට එනගමන ඇහුවා.

"මට ප්‍රශ්ණයක් නෑ.කව්ද යුංගිද ඔයාව මෙහාට එව්වෙ."

"ඔව් එයා තමා..ඔයා මොකටද බය උනේ"

"ආහ් මං ඔයාට කියන්නම් පස්සෙ මට උදව්වක් කරනවද"

"කියන්න"

"ඔයාට පුලුවන්නම් අර රූම් එක බ්ලෙස් කරන්න පුලුවන්ද?මන් කෑම හදනකම්."

DEMON LET US BE FREE|MYG|✔|Where stories live. Discover now