I AM COMING ☠️

232 59 23
                                    

ජංකුක් කාලෙකට පස්සෙ Uni එකට යන්න ලෑස්ති උනා.යන්න කලින් එමලි හම්බෙන්න ගියෙ කලින් නෝට් ටික ඉල්ල ගන්න.

"එමලි ඔයා ඉන්නවද?"

ජංකුක් එමලිගෙ ගෙදර දොරට තට්ටු කරන ගමන් ඇහුවා.ජංකුක්ට ලොකු සීතලක් දැනෙන්න ගත්තා.එයාට දැනුනා එයා තනියම නෙමේ ඉන්නෙ කියලා.කව්රු හරි එයා දිහා බලන් ඉන්නවද?නැත්තම් එයාගෙ ආත්මය ඇතුලෙද?ජංකුක් හිත ශක්තිමත් කරන් පිටිපස්ස බලන්න හැදුවා.එතකොටම එමලි ආවා.

"ආා........ජංකුක්"

"එ.....එම.....එමලි මට past notes ටික දෙන්න පුලුවන්ද"

"අයියො...එන්න ඇතුලට"

"දැ.......දැං බෑ........පරක්කුයි.ගෙනල්ලා දෙනවද"

"ආහ් ඉන්න පොඩ්ඩක්...මන් ගේන්නම්"

එමලි ඉක්මනට ගිහිල්ලා note ටික අරන් ආවා.ජංකුක් ඇවිල්ලා කතා කරාට එක විනාඩියකටවත් එමලි දිහා බැලුවෙ නෑ.ජංකුක් සාමාන්‍යයෙන් එහෙම කෙනෙක් නෙමේ.එයාට මේ මොකද වෙලා තියෙන්නෙ.කියලා එමලිටත් හිතා ගන්න බැරි උනා.

"කුකි ඔයා මොකක් හරි අව්ලකද?"
"නෑ......නෑ.......එමලි එහෙම දෙයක් නෑ...මං යනවා"

ජංකුක් මූණවත් බලන්නෙ නැතුව ආපහු යන්න හැදුවා.එමලි ජංකුක්ගෙ අතින් අල්ලගත්තා.

"ජංකුක් මොකක්ද ප්‍රශ්නෙ මට කියන්න"

"එමලි.....මට එහෙම ප්‍රශ්ණයක් නෑ."

"ඒත් ඔයාගෙ හැසිරීමෙන් පේනවා ඒක....."

"මං තමුසෙට කිව්වා.මට එහෙම ප්‍රශ්ණයක් නෑ.මට පාඩුවෙ ඉන්න දීපං.මං උබේ කව්රුත් නෙමේනෙ"

ජංකුක් එමලිගෙ අත අයින් කරලා දාන ගමන් කිව්වා.

"මං ජීට කියනවා."

"ඉතිං කියනවා.ඇයි ජී කියන්නෙ මගෙ කව්ද?"

"මොකක්.....එයා කවදාවත් ජීට එහෙම කතා කරන්නෙ නෑ.එයාට මොකක්ද වෙලා තියෙන්නෙ."

ජංකුක් යනකම් ඉදලා එමලි තනියෙන් හිතුවා.

"කෝකටත් ජීට කියනවා."

එමලි ජීට call එකක් ගත්තා.

🌷:hellow emali

DEMON LET US BE FREE|MYG|✔|Where stories live. Discover now