ඒ වෙද්දි කුකී එයාගේ ඒන්ජල්ව තනි කරලා ගොඩක් දුරකට ගිහින්.... ආයේ නොඑන්නම....
.
.
.
කුකීගේ ෆියුනරල් එකෙන් මාස තුනක් ගියත් චිම් යථා තත්වෙට ආවේ නැහැ.... එයාලාගේ අපාර්ට්මන්ට් එකේ අන්තිමට් එයාලා ගත කරපු මතක එක්ක ජිමින් ජීවත් උනා...එදා දවසෙන් පස්සෙ ජිමින්ට කවදාවත් උනුහුම කියන දේ දැනුන් නෑ.... නෑ.. නැත්නම් එයාට ඒක දැනෙන්න දෙන්න ඕන උන් නෑ....හැම මොහොතකම ජිමින්ට දැනුනේ එදා උදේ එයාගේ කුකීව අන්තිමට බදාගෙන හිටපු වෙලා එයාගේ කුකීගෙන් දැනුන සීතල..... ඒ සීතල ජිමින්ගේ ඇට මස් නහර හරහා ගිහින් එයගේ හදවත පිස්සු වැට්ටුවා.....
සීතලම සීතල කාමරේක එයාගේ කුකී එක්ක සීතලේම තනිවෙලා පිස්සුවෙන් වගේ කතා කරන්න එයා පුරුදු උනා.....එක වෙලාවකට එයාගේ හිතෙන් මවාගත්ත කුකී නැති උනාම ජිමින්ට ඕනේ උනේ එයාගෙ කුකීව හොයාගන්න.... .ඒ හොයාගන්න විදිහ උනේ එයාවම නැති කරගන්න උත්සහ කරන එක....
ගෙදර අයටවත් එයාව පාලනය කරගන්න බැරි උනේ එක වේලාවකට හිතාගන්න බැරි තරම් ජිමින් නපුරු වෙන්න ගත්තා.... මුලු කාමරේම විනාස කරලා විදුරු වලින් අත් කපාගෙන සිහිය නැති වෙන තරම් ජිමින් මානසිකව වැටුනා...
CITEȘTI
ANGEL BABY ✨️ ( ~~ ONE SHOT ~~ )
FanfictionYou're my angel Angel baby, angel You're my angel, baby Baby, you're my angel Angel baby.... 💜️💜️💜️