1 part

89 12 5
                                    

අපි කවදාවත් දැකලා නැති කාටවත් දකින්නත් බැරි මායාවලින් පිරුණු අත්භූත ගම්මානයක් අපේ නගරයට ඈතින් පිහිටලා තිබුනා....මේ ගම්මානෙ රහස් වලින් පිරුණු තැනක්

හෝව් හෝව් මං දැන් මේ කියන්න යන්නෙ මේ ගම්මානෙ ගැන නම් නෙමෙයි , මේ මගේ කතාව...
( හැබැයි මගේ කතාවට මේ ගම්මානෙ සම්බන්දයි. )

මගේ නම බෙලා. මං ඉන්නෙ seoul වල.
ඔව්ව් මගේ නම කොරියන් නමක් නෙමෙයි . ඒකට හේතුව මං ඉපදුනේ new york වල මගේ දෙමව්පියොත් New york වල. මං පොඩි කාලෙදිම අම්මලා Korea වලට ඇවිල්ලා. දැන් මට මෙහේ ගොඩක් හුරුයි. මං තාම College යනවා අදත් ඉතින් වෙනදා වගේම....

බෙලා college යන්නැද්ද...? හොදටම පරක්කු වෙලා

පේනවනේ හැමදාම ඔහොමයි..

මේ එනවා අම්මා...

( college geat එක ලගදි )

බෙලා... good morning බබා...මං මේ ඔයා එනකන්මයි බලන් ඉදියේ....

Good morning යොන්රා.. ඒ පාර ඔයා මොනාද කර ගත්තේ..

කර ගත්තා නෙමෙයි අනේ...අද මුලු college එකම පිස්සු වැටිලා ඉන්නේ..මං උදේ එද්දිමයි එයාලා ආවේ.. මට නන් හිතා ගන්නවත් බෑ..

කා ගැනද ඔයා ඔය කියවන්නෙ කවුද ආවේ...
(පඩිපෙල නගින ගමන් මම යොන්රා ගෙන් ඇසුවා)

ඔයා දන්නවද ලස්සන සුර කුමාරයො වගේ පිරිමි ලමයි 7 දෙනෙක් අපේ college එකට ආවා.... ඒ වගේ ලස්සන හැන්සම් කවුරුවත් මං මීට කලින් අපේ college එකේ දැකලවත් නෑ..

( ගැහැණු ළමයි සේරම එකපාරට පහලට දුවන්න ගත්තා..එයාලා පිස්සුවෙන් වගේ කෑ ගහනවා .. යොන්රා මාවත් ඇදගෙන යන්න හැදුවා. මට එයාලව බලන්න ඒ තරම් ආසාවක් තිබුන්නෑ..)

අනේ අපිත් යමුකෝ බෙලා... හැමෝම යනවා... ඔයාටත් එයාලව දැක්කොත් පිස්සු හැදෙයි ...

අනේ මට ඕවා වැඩක් නෑ. මං යනවා class එකට ඔයා මෙයාලා එක්ක ගිහින් බලලා එන්න..

( මම class එකට ඇවිදගෙන ගියා. කොරිඩෝ එකේදි ලාවට දැක්කා පහල ගෑණු ළමයි වට වෙලා ඉන්නවා.හරියට සීනි කන්න ආව කූඹියො වගේ )




ඊලඟ කොටසින් හමුවෙමු ....🙈❤️

Bella with Vempires Where stories live. Discover now