Part 6

36 10 2
                                    

ඒ වගේ ඇස් තියෙන වෙන කෙනෙක් වෙන්න ඇති ..මම බිම බලාගෙන මගෙ මේසය ලගට ගියා.. අනේ මම හිතුවෙ නෑ එයා මෙච්චර ලස්සනයි කියලා ..මට ලැජ්ජත් හිතුනා ..මගෙ මූනත් හොදටම රතු වෙලා ..

ඔයාගෙ සින්දුවනන් මාරම ලස්සනයි බෙලා .. අනේ ආයි කියන්නකෝ එකක්.....

Thanks යොන්රා ..ආයි පස්සෙ කියමු..

මම බිම බලාගෙන කිව්වා..

මොකද මේ බිම බලාගෙන ඉන්නේ..කෝ බලන්න මං දිහා චුට්ටක් ..

මම හෙමින් යොන්රා දිහා බැලුවා ..මට ඕන උනේ එයාගෙන් මූන හංගන් ඉන්න ඒත් ඒක කරන්න උනේ නැහැ.

මේ මොකද මේ කෙල්ලව හොදටම රතු වෙලා ...ජම්බු ගෙඩියක් වගේ කම්මුල් දෙක..

මට තවත් ලැජ්ජ හිතුනා ..

ඔයාට ඔහොම වෙන්නේ ගොඩක් බය උනාම හරි ලැජ්ජ හිතුනාම හරි නේද...ඉතින් මොකද උනේ ඔයා සින්දු කියන්න බය නෑනේ...කවුරු හරි ඔයාට මොනා හරි කිව්වද..?

නෑ නෑ යොන්රා කවුරුත් මට මොකුත් කිව්වෙ නෑ...මේ නිකන් වෙන්න ඇති ..අද රස්නෙත් එක්කනෙ...

මම කතාව මගහරිමින් කිව්වා ..මම මගේ පුටුවෙන් ඉදගෙන ඉස්සරහ බලා ගත්තා ..

ආ...මේ මොකද එක පාරටම jungkook මගේ පැත්තට එනවා ... එයා එන්නෙ මගේ ලගටද...මගෙ heart එකත් වේගෙන් ගැහෙනවා...ඒ සද්දෙත් හොදටම මට ඇහෙනවා...මට දැනෙන්නේ මාව ගිනි ගොඩකට වැටිලා වගේ ..මාව හොදටම රත් වෙනවා...

අම්මෝ..එයා ආවෙ මගේ පැත්තට උනාට එයා ආවෙ මගෙ ලගට නෙමෙයි ..මං අද තමයි දන්නේ එයා ඉන්නේ මගේ එහාපැත්තෙ මේසෙ කියලා ..

මම ගනන් ගන්නෑ වගේ අහක බලා ගත්තා... නෑ ..නෑ..මං එයා දිහා බලන්නෑ....මම මොකටද එයා දිහා බලන්නේ...එයා මාත් එක්ක හිනා වුනා විතරයි නේ...මොකටද ඉතින් මං එයා දිහා බලන්නේ.... නෑ නෑ බෙලා ඔයා එයා දිහා බලන්නෑ..... මම මටම කියා ගත්තා ...

මම මගේ පොත් මේසය උඩින් තියාගෙන කියවන්න ගත්තා ..ටික වෙලාවක් යද්දි කවුදෝ මගේ දිහා බලන් ඉන්නවා වගේ ...මට දැනුනා....

කවුරු මං දිහා බලන්නද....හොල්මනක් වෙන්න ඇති ..එයාලා විතරයි මං දිහා බලන්න ඉන්නේ...

මට හිනාත් ගියා ..

ස්ස්ස්...ඒයී මේ...බෙලා...බලනවකෝ..

යොන්රා මට හොරෙන් කතා කරනවා.

ඕ...කියන්න ...
මම පොත කියවන ගමන් කිව්වා..

චුට්ටක් මෙහේ බලන්නකො...

හ්ම්ම්ම්...ඕඕඕ කියන්නකො මොකක්ද කියන්න ඕනි දැන් ඔයාට ...

මම යොන්රාගෙන් ඇහුවා... එයාට හරිම සතුටෙ මොනා කියන්න යනවද මන්දා...හිනා වෙවී මං දිහා බලන් ඉන්නවා..

අර අලුතෙන් ආව කොල්ලා..

ඔව්ව් jungkook ...ඉතින්

අම්මටසිරි කෙල්ලට නමත් මතකයි නේද ..

හරි හරි ඉතින් කියන්නකෝ..

මම බිම බලාගෙන හිනා වුනා..

ඌ මෙච්චර වෙලා ඔයා දිහා බලාගෙන ඉදලා..අන්න දැන් ගියා ...අරහෙට..

ඇයි එයා මං දිහා බලන් ඉදියෙ ..

මම දැක්කා එයා class එක ඇතුලට එන්නැතුව ඔයා සින්දු කියන දිහා ආසාවෙන් බලන් ඉන්නවා ..

අනේ නිකන් ඉන්න යොන්රා ..එයා මං දිහා නෙමෙයි බලන් ඉන්න ඇත්තේ..අනික class එකට කඩාගෙන බිදගෙන එන්න බෑනේ..ඒකයි එයා එතන ඉන්න ඇත්තේ....

හා හා ඉතින් ඔහොම යන්කෝ ....

ඊලගට මොනවා වෙයිද...🤭
ඒක ඊලඟ කොටසින්ම බලමුකො..🙈❤️

Bella with Vempires Where stories live. Discover now