Part 2

57 12 2
                                    

මම හිමින් මගේ class එකට ඇවිදන් ගියා. මගේ හිතට අමුතු කලකිරීමක් ඇතිවුනා. " ඇයි මේ ගෑණු ළමයි මෙහෙම හැසිරෙන්නේ " මම මටම කියා ගත්තා. මගේ class එක තිබුනෙ කොරිඩෝ එකේ කෙලවර .මම class එකට අවිදගෙන ආවා. මං මොනා හිත හිතා ඇවිදන් ආවද කියලා මටවත් මතක නැහැ. කවුරුවත් Class එකේ නැහැ. මං වටපිට බැලුවා කිසිම ශබ්දයක් නැහැ. මම මගේ මේසය ලගට ගිහින් පුටුවෙන් වාඩි වෙලා තනියම කල්පනා කරන්න ගත්තා.

බෙලා.......

යොන්රා හයියෙන් සිනාසෙන ගමන් කෑ ගැසුවා..මම ගොඩක් බය වුනා. මගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා .අත් දෙකත් වෙව්ලනවා ..

මේ මොකද බෙලා ඔයා හොදටම බය වෙලා...?

බය වෙන්නැද්ද කන ලගටම ඇවිත් හයියෙන් කෑ ගැහුවාම...

මම තරහෙන් අහක බලා ගත්තා .

ඔයාට නින්ද ගිහින් ඉදියෙ ඒකයි මං කෑ ගැහුවේ...

යොන්රා මගෙන් සමාව ගන්න ගමන් පැවසුවා.

Good morning ළමායි....!!

Teacher class එකට ආවා. ළමයි හැමෝම නැගිට්ටා.

Good morning teacher!!

හැමොම තමන්ගේ තැන් වලට ගිහින් ඉදගත්තා.

අද ඔයාලට අලුත් යාලුවෙක් අදුන්වලා දෙන්නයි යන්නේ....ඔයාලා ආසාවෙන් නේද ඉන්නේ ඒ කවුද කියලා දැන ගන්න....

ඔව්ව් teacher

හරි පුතා ඔයා එන්න class එකට

හැමෝම උනන්දුවෙන් class එකේ දොර දිහා බලන් ඉදියා ..

අනේ ඒ එයා තමයි ..

හැමෝම පුදුමයෙන් කතා වෙනවා..

බෙලා අර බලන්න ඉක්මන්ට...

යොන්රා පිටුපසින් සිට මගේ පුටුවට පයින් ගැසුවා.

මට ඉන්න දෙන්න යොන්රා.. මට ඕවා වැඩක් නෑ...

මම බිම බලාගත්තා.
ඒ උනත් කවුද මේ ගැහැණු ළමයි පිස්සු වැටුනු කෙනා. ඇයි මෙයාට මෙහෙම ගැහැණු ළමයි වශී වෙලා ඉන්නේ..මටත් එයා කවුද කියලා දැන ගන්න ආසයි. මගේ හිත තුල කුතුහලය පිරෙන්න ගත්තා .

Teacher එයාව හැමෝටම හදුන්වලා දුන්නා. මම බිම බලාගෙන ඉදියත් එයාගෙ කටහඬ මට ඇසුනා.ඔහු ඔහුගේ නම පවසනවා මං අසා සිටියා.

එයාගෙ නම jungkook ඒ නම මගේ හිතේ දෝංකාර දෙන්න පටන් ගත්තා .

එයා ගැන දැන ගන්න උවමනාව ඇති උනත් මට එයා දිහා බලන්න හිතුන්නෑ.
මොකද මගේ හිතේ තිබුනෙ වෙන දෙයක් ගැන..

මං අනිත් ගැහැණු ළමයිට වඩා වෙනස් වෙන්න හේතුව ඒක. මගේ හිතේ ගොඩක්ම තියෙන්නෙ මායාකාරී අදහස්.
මං නිතරම හිතුවෙ මායාකාරයො, වෘක මිනිස්සු ,වැම්පයර්ස්ලා, සුර දූතයෝ ඇත්තටම ඉන්නවද...,එයාලා මොන වගේ ද.. කියලා දැන ගන්න ආසාවක්..






3 වෙනි කොටසින් හමුවෙමු ❤️🙈
















Bella with Vempires Where stories live. Discover now