part 5

34 12 2
                                    

මම college යන්න පිටත් වුනා. යන අතර තුරත් මගේ සිතේ තිබුනේ මම දැක්ක හීනය ගැන.දන්නෙත් නෑ මං college එක ඉස්සරහා. වෙනදා වගේම යොන්රා මං එනකන් මග බලන් ඉදියා ..

Good morning බෙලා..

Good morning යොන්රා ..

මොකද මේ බෙලා අද ඔයා අවුලකින් වගේ...මොකද උනේ ....

මට ප්‍රශ්නයක් නෑ යොන්රා ..මම ඊයෙ හීනයක් දැක්කා මම මේ ඒක ගැන කල්පනා කලේ....

ඒ පාර ඔයා මොකක්ද දැක්කේ....

මම දැක්කා කවුද මනුස්සයෙක් මගේ කාමරේ වහලෙ උඩින් ඇවිදන් යනවා....ඊට පස්සේ........

මම යොන්රාට මම දැකපු හීනේ ගැන කිව්වා.....කියන ගමන් අපි අපේ class එකට ආවා.. අපි අපේ තැන් වලින් ඉදගෙන කතාව ආයෙත් පටන් ගත්තා ..

ඊට පස්සෙ මාව කාමරේ ඉනිමගෙන් පහලට වැටුනා.... එක පාරට මාව ඇහැරුනා.... එතකොට තමයි මට ඇහුනෙ අම්මා මට කතා කරනවා..
මට මතක එයාගේ ඒ ලස්සන ඇස් විතරයි .....

මට කියන්නකෝ ඔයා ඊයෙ රෑත් අර හොල්මන් පොත් කියෙව්වද...නිදා ගන්න කලින්

ඔව්ව් ඊයෙ මං vempires ලා ගැන ලියවුණු පොතක් කියෙව්වේ ඒක මං ආසම එකක්...මට නින්ද ගියේ කොයි වෙලේද දන්නෑ......

හරිනෙ ඉතින් ..ඕවා හින්දා තමයි ඔයාට ඔය වගේ හීන පේන්නේ.... ඔය විකාර නැතුව රෑට හොද දෙයක් ගැන හිතලා නිදා ගන්න....

ට්‍රීං......ට්‍රීං.......

බෙල් එක වැදුනා...teacher class එකට ආවා......වෙනදා වගේම... අපි අද දවසෙ වැඩ පටන් ගත්තා ....අද සිකුරාදා දවසක් අපි හැම සිකුරාදම class එකේ කෙනෙක් තමන්ගේ දක්ශතා පෙන්නන්න ඕනී..අද මගේ..දවස.....

අද කවුද ඉස්සරහට ඇවිත් තමන්ගෙ හැකියාවන් දක්ශතාවයන් ඉදිරිපත් කරන්නේ..... මට මතක විදිහට අද බෙලාගෙ දවස...

Teacher මට ඉස්සරහට එන්න කියලා කිව්වා....
යොන්රාට හරිම සතුටුයි...

ලස්සනට කියන්න බෙලා....

මම ඉස්සරහට ආවා...class එක දිහා බලලා හොද හුස්මක් ගත්තා.. heart එකත් වේගෙන් ගැහෙනවා ...මම සින්දුව කියන්න පටන් ගත්තා...

ටික වෙලාවක් යද්දි class එකේ දොර ලග ඉදන් කවුරු හරි මම දිහා බලන් ඉන්නවා වගේ දැනුනා......කවුද ඒ....

මම හෙමින් ඒ පැත්ත බැලුවා...

අනේ ඒ එයාද...jungkook

එයා පරක්කු වෙලා class එකට ඇවිත් ..මම සින්දු කියන දිහා එයා හරි ආසාවෙන් බලන් ඉදියා...මම සින්දුව කියලා ඉවර උනා ..

එයා මාත් එක්ක හිනා වුනා....හරිම හුරුබුහුටි හිනාවක් එයාට තියෙන්නේ හරිම ලස්සනයි ..එයාගෙ ඇස් මට දැකලා පුරුදුයි ....ඒත් කොහේදිද....








ඊලඟ කොටසින් හමුවෙමු ..🙈❤️



Bella with Vempires Where stories live. Discover now