අදුරු වනය කලු පාට නෑ...ඒක තද නිල් පාටයි...දියසෙවල පාට නටබුන් දම් පාට ලොකු වැල් හැම තැනම තිබ්බා..
🎁 අපි යනවා...සුබ පැතුම්...
💙 මොකද...බයේද...
මම කැලේ දිහා බලන් ඉද්දි ජැක් ඇහුවා.
❄️ අපෝ නෑ...
අපි හය දෙනාම කැලේට ඇතුල් උනා....බය හිතුනේ නෑ කිව්වොත් බොරු....මකරුන්ගේ ඇටසැකිලි පවා තිබ්බා.....ඒ මදිවට ලා කොල පාට මීදුම එක්ක අමුතු සීතලක් ආවා...මට ඒ සීතල දැනුනා...මේරියි ඒඩ්‍රියනුයි දෙන්නා Ladybug & Cat noir විදිහට හිටියෙ....ඒ දෙන්නා නම් තුරුල් වෙලා......😂ඒ දෙන්නා තමා කියුට් කපල් එක....උන් දෙන්නා එකටමයි...මේරි ඉස්සර ඉදන්ම ඒඩ්‍රියන්ව දැක්කම දිය වෙලා යන්වනේ....
ලියා නම් ෆින් එක්ක මරාගන්නවා...දෙන්නට රන්ඩු කරලාම දාඩිය දාලා ඒ හින්දා සීත නෑ වගේ...මුන් දෙන්නා පවුල් ජීවිතයක් ගත කරද්දි ගෙදරට යකඩ බඩු ගන්න එක හොදයි...එක්කො ලී....වීදුරු නම් හරි යන්නෙම නෑ....ඒ වලි කපල් එක...මුන් දෙන්නා ඒන්ජල්ලා උනේ කොහොමද කියලා හිතා ගන්න බෑ....
ඊලගට මායි ජැකුයි....ස්නොව් කපල් එක...කියන්න තරම් දෙයක් නෑ...සාමය සතුට පිරි සාමාන්‍ය දෙන්නෙක්...🐦 මේ කොල පාට මීදුම නිකන් දිය සෙවල වගේ...
💚 හූම්...මෙහෙම තැනක සූර්ය මල තියනවද කියලා හිතන්නත් බෑ...
🖤 මේ කැලේ ගොඩක් විශේශයි...මොකද මොහොතින් මොහොත වෙනස් වෙන නිසා...
❄️ හෑ....
💙 ඔව්..පරිස්සමට යන්න වෙනවා..කාවවත් මග ඇරෙන්න දෙන්න එපා..
ජැක් අයිස් වලින් දිග යශ්ටියක් හදලා අනිත් අයටත් අල්ලගන්න දිලා එයා මගේ අතින් අල්ල ගත්තා....මීදුම එන්න එන්නම ඝන උනේ අවට තියන කිසි දෙයක් අපිට පේන්න නොදී...මම ජැක්ගේ අතින් තදින් අල්ල ගත්ත...කොල මීදුම ටික ටික කලු පාට උනා...මෙලෝ රෙද්දක් පේන්නෙ නෑ...
මට දැනුනා මගේ ඔලුව ලග ලොකූ කෙනෙක් හුස්ම ගන්න සද්දේ...
එතකොටම අනිත් අය නැවතුනා...🐦 සුලි කුනාටුවක්ද....
🐞 අහසෙන් හුලං වැස්සක් වහිනවා වගේ...
මම හිමීට උඩ බැලුවා...ලොකූ...ගුහා දෙකක්...
❄️ අහස උඩ ගුහා තියනවද???
💙 හුටා....ඒ ගෝර්ස්...මකර මාරයා...හැමෝම පාත් වෙන්න...
අපි හිමීට පාත් උනා...මේ ඔක්කොම උනේ කට්ට කලුවරේ...මට දැනුනා මඩේ එරෙනවා වගේ...තව නම් කලුවරේ ඉන්න බෑ....අතක් උස්සලා ආලෝකවත් හිම වැස්සක් වැස්සුවේ හැමදේම පැහැදිලිව පේන විදිහට...
(Froze 2 Intro the unknkwn එකේ එල්සා මේ වගේ එලිය හිම මවනවා...)
💙❄️🐦🖤🐞💚 හත් දෙයියනේ....
අපි එරි එරි හිටියෙ මඩ ගොඩක නෙමේ...යෝද සර්පයෙක්ගේ කටේ...අපි උගේ කට කෙලලවල ගිලි ගිලි ඉදලා තියෙන්නේ....හිතා ගන්නකෝ සයිස් එක...
🐞 මේ මොකෙක්ද...
💚 මේ යෝද සර්පයෙක්...
ඒඩ්‍රියන් එයාගේ පූස් අත උස්සලා නියපොතු වලින් සර්පයාගේ ඝන හම කපලා ලොකු සිදුරක් හැදුවා..සර්පයා වෙදනාවෙන් දගලද්දි ජැක් උගේ කටේ අයිස් තට්ටුවක් හැදුවේ අපිව ඇතුලට යන එක නවත්තන්න....ෆින් එයාගේ අතේ තිබ්බ ලනුවක් සර්පයාගේ දතක රැදෙව්වා....
💚 මේකෙන් උඩට නගින්න...හැමෝම..
ලනුවෙන් ඉක්මන්ට ගොඩ ආවට කරදර වල නම් ඉවරයක් නැ වගේ....😐😐😐 යෝද කුරුල්ලෝ යෝද සර්පයෝ වටේම.
හායි ස්නෝ බේබිලා...
මොන කෙංගෙඩියක් වෙයිද දන්නෙ නෑනේ
YOU ARE READING
Guardians✔️✔️
Fantasyකාටුන් චරිත කීපයක් මුල් කරගෙන තමා කතාව යන්නේ 😊😊 එහෙම කතා අඩුයිනේ... මේ මම කාටුන් චරිත දාලා ලිව්ව දෙවනි එක....කියවලා බලන්න...