මිනිස් වසර 20 පසු....
🌻 එලීනා...අද ඔයාගේ මේසේට ලස්සන බෝයි කෙනෙක් ඇවිත්...
නිශී කිව්වේ මේසයක ඉදන් ඉන්න ලා අලු පාට කොන්ඩයක් තියන ලස්සන කොල්ලෙක් පෙන්නලා...මම එලීනා...වයස 19 යි...මම වැඩ කරන්නෙ පොඩි හොටෙල් එකක අපිට මේස බෙදලා දීල තියෙන්නේ...අපිට අදාලා මේසෙට එන කෙනාට අපි සලකන්න ඕන..
🌻 ඒ කොල්ලාව කන්න වගේ ඉන්නේ නැතුව කන්න මොනාද ඕනේ අහපන්..
නිශී මට වැලමිටෙන් ඇන්නා..
👩 ඒ ලමයා කලිනුත් ඇවිත් තියනවා...එයාගේ යාලුවෝ හතර දෙනා එක්ක...ඒ ලමයා හරි නිහඩ පාටයි..
❄️ මට නම් පේන්නේ දගකාරයෙක් වගේ...
මම කිව්වේ බෙල්ලේ තියන පෙන්ඩන්ට් එක කරකෝ කරකෝ...මේ මාලේ මම දන්න දා ඉදන් තිබ්බා...ඒකේ හැඩය මලක් වගේ...
🌻 මගෙන් මුකුත් නාහා පලෑම්..මම යන්නද..
❄️ ඒ මගේ කස්ටමර්...
මෙනු එකත් අරන් මම ඒ කොල්ලා ගාවට ගියා...මට එයාව ටිකක් හුරුයි වගේ....
❄️ සර්...
මේකා බීරිද යකෝ..
❄️ ස...ර්..ර්...ර්...
මම සිංහයා වගේ ගෙරෙව්වම ඒකා ගැස්සුනා....
💙 අ..ස්..සොරි මිස්...
එයා කිව්වේ මේසේ දිහා බලන්..
❄️ මොනාද ඕඩර් කරන්නේ...
💙 ම්ම්...මුකුත් එපා..
❄️ එහෙනම් ආවේ..
💙 නිදහසේ ඉන්න..
❄️ මොනා හරි ගන්නවකෝ...මම පව්නේ...
මම එයාගේ මූනට එබුනා..එතකොටයි එයා මූන ඉස්සුවේ...වාව්...මේකා නම් නලුවෙක්ද කොහෙද...එයත් මා දිහා කට ඇරන් බලන් ඉන්නවා...එක පාර එයාහේ ඇස් ගියේ මගේ බෙල්ලට..මම නැවිලා ඉදලා සුටුස් ගාලා කෙලින් උනා..
💙 ඔය..ඔය මාලේ කොහෙන්ද..
❄️ මම දන්න දා ඉදලා තිබ්බේ...ඇයි..
💙 න්..නිකම්..මම ඔයාව කලින් දැකලා නෑනේ..
❄️ මම..මම මෙහාට අලුත්...
![](https://img.wattpad.com/cover/289770616-288-k565689.jpg)
YOU ARE READING
Guardians✔️✔️
Fantasyකාටුන් චරිත කීපයක් මුල් කරගෙන තමා කතාව යන්නේ 😊😊 එහෙම කතා අඩුයිනේ... මේ මම කාටුන් චරිත දාලා ලිව්ව දෙවනි එක....කියවලා බලන්න...