" ඕයි ඉක්මනට ඕක ඉවර කරලා වරෙන්කෝ "
ජන්කුක් පැය බාගයක් තිස්සේ තේහ්‍යුන් තමන්ගේ කොටස කරලා එනකන් බලාගෙන හිටියත් තේහ්‍යුන් වැඩ කරනවට වඩා කළේ තමන්ගෙ මේසෙට ළඟ හරියේ වාඩි වෙලා හිටපු ගෑණු ළමයින්ට විහිලු කරන එක.
" හරි හරි මේ එනවා. "
තවත් විනාඩි පහළවකට විතර පස්සෙව් තේහ්‍යුන් තමන්ගෙ ශීට් එකෙන් නැගිටලා ජන්කුක් දිහාවට ආවෙ ' මේ යකාට අස්ස කුලප්පුවනේ ' යැයි හිතින් බැන වදිමින්.
" මොකද තමුසෙ මූලග්ගාය හැදිලා වගේ කෑගන්නේ ? අදත් බාර් එකට යන්න ද ? "
ආපු හැටියෙම තේහ්‍යුන් ජන්කුක්ගේ ඇඟට කඩාගෙන පැන්නා.
" ඔව් ඒකට තමා "
" තෝ අන්තිමට බීලා බීලා ඔය අහවල් අවයවේ කෙළින් වෙන්නෑ කියාගෙන අඬාගෙන වරෙන්කෝ මං ගාවට. පුපට දෙකක් ගහලා දොට්ට දාන්නේ. "
" අනේ පලයන්. නොබී ඉඳලත් තොගෙ කෙලින් දෙනවද ? "
" වරෙන්කෝ රෑට ඒ පැත්තේ මං උඹට කෙලින් වෙන හැටි පෙන්නන්න. "
" නෑ එපා කමක් නෑ. "
" ඔව් ඔව් එන්නත් එපා. ඊලඟට ජිමින්ට මතකෙ ආපු කාලෙක මං උඹේ වර්ජිනිටි එක ගත්තා කියලා දැන ගත්තොත් ජිමින්ගෙ කෑගැහිල්ල අහලම මං ප්‍රෙග්නන්ට් වෙයි "
" තුහ්... තෝ වගේ එකෙක් මගේ යාලුවෙක් උනේ කොහොමද මන්දා ? "
ජන්කුක් මහ හයියෙන් හිනා වෙන ගමන් කිව්වේ මදි පාඩුවට තේහ්‍යුන්ගේ පිටට ගහන ගමන්.
කාලෙකින් ජන්කුක්ගේ මූණෙ ඇඳුණු සුපුරුදු හිනාව දිහා බලාගෙන තේහ්‍යුන් ප්‍රාර්ථනා කළේ ජිමින් ඉක්මනට ජන්කුක් ළඟට ආපහු එන්න ලැබෙන්න කියලයි.
" දැන් තමුසෙට බොන්න ඕනි කිව්වා නේද ? මෙන්න මෙහෙ වරෙන් ඉතින් යන්න "
තමන්ගේ මෝටර් බයිසකලේට නගින ගමන් තේහ්‍යුන් කිව්වේ තාමත් ගැලරි එකේ දොර අල්ලගෙන හිනා වෙන ජන්කුක්ට.
ජන්කුක් ඉක්මන් ගමනින් තමන්ගේ බයි එකට නැගලා තේහ්‍යුන් පස්සෙන්ම පාරට ආවේ අදත් හිතේ දුක නිවෙනකන්ම බාර් එකෙන් එළියට එන්නෙ නෑ කියලා හිතාගෙන.
YOU ARE READING
Peaches || Jikook || ✔
FanfictionTake my hands now.... You are the cause of my EUPHORIA 💜️ Start Date :- 27/ 11/ 2021 End Date :- 17/ 01/ 2022