" ජන්කුකා... "
" ම්ම්.. "
" මෙහෙ වරෙන් ෆොටෝ ශූට් එක පටන් ගන්න "
" මට බෑ උඹ පලයන්. උඹ කියන්නේ ජිමින් වෙන මිනිහෙක් බදාගෙන ඉන්නවා බල බල එතන ඉන්න කියල ද ? ආ යූ සීරියස් ටේ ? "
" මේ අහපන්. මී හරකෙක් වෙන්බ එපා. ජිමින්ව දැක්ක ගමන් පේනවා එයා මේ මැරේජ් එකට කැමති නෑ කියලා "
" ඉතින් දැන් උඹ කියන්නෙ අර තට්ට පාර්ක් කාරයට හිරෙන් ජිමින්ව උස්සමු කියලද ? "
" ඒකත් බැරි නෑ හැබැයි "
ජන්කුක්ට අමුතු හිනාවක් දාගෙන තේහ්යුන් ජන්කුක්වත් ඇදගෙන ගියේ ජිමිනුයි ටේමිනුයි ඉඳගෙන හිටපු සෙටි පැක් එක ළඟට.
උදේ ඉඳන් වෙඩින් එකට ආපු කිසිම කෙනෙක් දිහා වුවමනාවෙන් නොබලපු ජිමින් තවත් කෙනෙකුගෙ අතින් ඇදගෙන තමන් දිහාවට එන තේහ්යුන්ව අඳුරගත්තා.
" ටේ ටේ... ඔයා කොයි වෙලේද ආවේ " තමන්ගෙ ලස්සනම ඇස් ගිලෙන හිනාව තේහ්යුන් දිහාවට පා කරන ගමන් ජිමින් ඇහුවේ තේහ්යුන්ට එහා පැත්තේ ඉන්න කෙනාටත් බැල්මක් දෙන ගමන්.
" ආයිශ්... ජිමිනී.. අපි තමයි ඔයාගේ වෙඩින් එකේ ෆොටෝග්රැෆි කරන්නේ ? යා... ඔයා කියන්න එපා මේන් ඩෝ එක ළඟින් එනකොට මාව දැක්කෙ නෑ කියලා "
" අනියා... ඇත්තටම මං දැක්කෙ නෑනේ... එතකොට මේ කවුද ? ඔයත් එක්ක වැඩ කරන කෙනෙක් ද ? " තේහ්යුන් ගාව රැඳුණු ඇස් ජන්කුක්ගේ ඒ කලු පාට ඇස් අතර රඳවන ගමන් ජිමින් ඇහුවා. ජිමින්ට දැනුනේ එයා ඒ ඇස් අතර අතරමං වුණු බවක්. මොකක්දෝ කියාගන්න නොතේරෙන් ගුප්ත බවක් එක්ක හුරුපුරුදු බවක් ඒ ඇස් වල තිබුණු බව ජිමින්ට විශ්වාසයි.
' අද දැකපු කෙනෙක් ගැන මට මෙහෙම හිතෙන්නෙ ඇයි ? ' තමන්ගෙ හිත ඇතුළෙම ප්රශ්නය ඉතුරු කරගෙන ජිමින් තේහ්යුන් දිහා බැලුවේ එයාගෙ ප්රශ්නෙට උත්තරයක් බලාපොරොත්තුවෙන්.
" අහ්.. ඔව් ජිමිනි... මේ ඉන්නෙ ජන්කුක්.. අඳුරගන්න "
" හායි ජන්කුක්... " තමන්ගෙ චූටි අත ජන්කුක් දිහාට දික් කරන ගමන් ජිමින් කියද්දි ඒ කලු ඇස් ගැස්සෙන හැටි ජිමින් හොඳටම දැක්කා.
ජන්කුක්ගේ දිග ඇඟිලි ඒ චූටි අත අල්ලගනිද්දි ජිමින්ට දැණුනේ තමන්ගෙ මුළු හිතම වෙව්ලුම් කනවා වගේ. ජන්කුක්ගේ ඇස් අස්සෙන් ජිමින් තේරුම් ගත්තේ එකම දෙයයි.
' මේ මනුස්සයා දුකෙන් ඉන්නේ '
______________________________________________________
සුදූලා 🍁
මේ මෝඩ කතාව ගැන මොනා හරි කියන්නකෝ...
_MatheeJM_
![](https://img.wattpad.com/cover/281018586-288-k98280.jpg)
YOU ARE READING
Peaches || Jikook || ✔
FanfictionTake my hands now.... You are the cause of my EUPHORIA 💜️ Start Date :- 27/ 11/ 2021 End Date :- 17/ 01/ 2022