" යාහ්... කුකී ඕක නවත්තන්නකෝ.."
" ම්හු.. මට බෑ.. "
තමන්ගෙ උකුල උඩ ඉන්න රෝස බෝනික්කගෙ බෙල්ල මුල මූණ ඔබාගෙන ඒ සුවඳින් තමන්ගෙ පෙනහළු පුරවගන්න ගමන් ජන්කුක් කිව්වේ තමන්ව පේනවද කියලවත් ශුවර් නැති තරමටම හිනාවෙන් චූටි වෙන ඒ ඇස් දිහා බලාගෙන.
ජිමින්ගෙ ඇස් කොහේදෝ අතරමං වෙලා. ජිමින් හිටියේ උදේ අප්පාගෙන් ලැබුණු තර්ජනේ ගැන ජන්ග්කුක්ට කියනවද නැද්ද කියලා හිතන ගමන්.
" බබා.. මොනවද කල්පනා කරන්නේ ? ම්ම්... "
ජිමින්ට බෑ එයාගෙ කල්පනාකාරී ඇස් මේ ජන්ග්කුක් කියන හොට් ඇන්ඩ් සෙක්සි එයාගෙ යෝධ බෝයිෆ්රෙන්ඩ් ගෙන් හංගන්න.
" මං කල්පනා කළේ ඔයාගේ ඇඟට යට වෙලා මාව චොප්ප වුණොත් මොකද කරන්නෙ කියලා "
" යාහ්... මට පුළුවන් ඔයාව චොප්ප නොකර චුට්ට චුට්ට හපලා කන්න.. මගේ පීච් ගෙඩිය.. "
එහෙම කියන ගමන් ජන්ග්කුක් එයාට අයිති පීච් ගෙඩිය පොඩ්ඩක් මිරිකුවේ අයිතිය හඟවන්න හිතාගෙන වෙන්නැති.
" ජන්ග්කුකී... අපි දැන් යමු ද ? හවස් වෙලානේ.. "
ජිමින් කිව්වේ තවත් හවස් වෙනකන් පාර්ක් එකේ ඉන්න එකෙන් අප්පා තවත් කේන්තිගන්න පුළුවන් කියලා දැණුනු නිසා. මොකද ජිමින් දන්නවා අද එයා ජන්ග්කුක් එක්ක පාර්ක් එකේ ඉන්න බව මේ වෙනකොටත් අප්පාට කවුරුමහරි කියලා ඇති බව.
" හ්ම්ම්.. යමු එහෙනම්.. "
ජිමින්ගේ චූටි අත ජන්ග්කුක් තමන්ගෙ දිග ඇඟිලි අතර හිර කරගෙන ඉඳගෙන හිටපු බංකුවෙන් නැගිට්ටා.
පාර්ක් එකෙන් එළියට ඇවිත් පාර දිගේ ඇවිදගෙන යන අතරෙ ජන්ග්කුක්ට දහස් වතාවටත් හිතුණා ජිමින්ව එයාට විතරක් පේන තැනක විතරක් හංගලා තියාගන්න. මොකද එයාගෙ රෝස බෝනික්කා දිහා හැමෝම ඇස් ලොකු කර කර බලන එකට එයා හිටියේ අමනාපයකින්.
ජිමින්ගෙ දිලිසෙන ඇස් දිහා බලපු ජන්ග්කුක් දැක්කා ජිමින් ගෙ ඇස් නතර වෙලා තිබුණේ අයිස් ක්රීම් ශොප් එකක් ළඟ බව.
" අයිස්ක්රීම් ඕනි ද ? "
" ඔව්... "
ජන්ග්කුක්ගේ ශර්ට් එකේ අත තමන්ගෙ ඇඟිලි වලින් පොඩි කරන ගමන් ජිමින් කිව්වේ පොඩි බබෙක් වගේ.
" එහෙනම් ඔයා මෙතනම ඉන්න මං ඉක්මනට අයිස්ක්රීම් අරගෙන එන්නම්. "
ජිමින්ගේ පිම්බුණු කම්මුලක් මිරිකන ගමන් ජන්ග්කුක් කිව්වා.
" හ්ම්ම්.. පරිස්සමින් "
තමන්ගෙ ජීවිතේ තරම්ම වටින රෝස බෝනික්කව පාර අයිනෙ තනියෙන් තියලා යන්න ලෝභ හිතුණත් ඉක්මනට එනවා කියලා හිතාගෙන ජන්ග්කුක් පරිස්සමට පාර පැනලා අයිස්ක්රීම් ශොප් එකට ගියා.
තනි කළු පාටින් ඇඳගෙන පාර පනින තමන්ගේ යෝධ පෙම්වතා දිහා බලාගෙන ජිමින් ආදරණීය හිනාවක් පා කළේ එයාගේ ආත්මයම ඒ යෝධයාට ඇබ්බැහි වෙලා බව පෙන්නන්න වගේ.
______________________________________________________________
සුදූලා 🍁
මං ආවා...
පොඩ්ඩක් කම්මැලි උනාට මං හොඳ ළමයෙක් 😌
_MatheeJM_
![](https://img.wattpad.com/cover/281018586-288-k98280.jpg)
YOU ARE READING
Peaches || Jikook || ✔
FanfictionTake my hands now.... You are the cause of my EUPHORIA 💜️ Start Date :- 27/ 11/ 2021 End Date :- 17/ 01/ 2022