" ඒත් ජිමින් ඔයාලගෙ අප්පා මෙතෙන්ට ගාර්ඩ් එක දාලා තියෙන්නේ. කොහොමද ඔයා හොරෙන් යන්නේ ? "
" මං කොහොම හරි යන්න ඕනි ටේමින්. මං මේක විසඳ ගන්න ඕනි "
" ම්ම්ම්.. හැබැයි අද අප්පට බිස්නස් පාටි එකක් තියෙනවා කිව්වා. අපිට මොකක් හරි කරගන්න පුලුවන් වෙයි. "
" මට ක්ලබින් යන්න ඕනි "
" වට් ??.. ආ යූ සීරියස් ජිමින් ? මෙතනින් එළියට යන්න විදිහක් නැතුව ඉන්දැද්දි ක්ලබින් යන්නෙ කොහොමද ? "
" මට තනියෙන් යන්න බැරි උනාට ඔයත් එක්ක යන්න පුලුවන් ටේමින්. අප්පා අනිවාරෙන් මට ඔයත් එක්ක ක්ලබින් යන්න පර්මිශන් දෙයි. "
ටේමින් ජිමින් දිහා බලාගෙන ලොකු හුස්මක් පහත හෙලුවෙ හැම දෙයක්ම හොඳින් විසඳෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්.
" හරි එහෙනම් මං අප්පා ගෙන් පර්මිශන් අරගන්නම්. "
" තෑන්ක්ස් ටේමින් "
************
" ජන්ග්කුකා...
විකාර නොකර ගෙදර පලයන්. අද උඹට බොන්න බෑ. බිව්වා කියලා ප්‍රශ්න විසඳෙනවා මං උබත් එක්ක හැමදාම ක්ලබ් යන්න එනව. බය නොවී හිටපන්. ජිමින් ආයෙ උඹ ළඟට එනව. මට විශ්වාසයි "" උඹ හිතනවද එයාට ආපහු මාව මතක් වෙයි කියලා ? "
" ඔව් අනිවාරෙන්ම. "
ජන්ග්කුක්ගේ හොඳම යාළුවා විදිහටත් ජිමින්ට ඒකපාර්ශ්විකව ආදරේ කරපු මේ ලෝකේ ආදරණීයම හදවතක් තියෙන මනුස්සයෙක් විදිහටත් ටේහ්‍යුන් එක හිතින් පැතුවෙ ඒ දෙන්නගෙම සතුට විතරක් බව මට විශ්වාසයි.
" ටේ අදත් උඹ මගේ අපාර්ට්මන්ට් එකට එනවද ? "
" දැන් මං සතියක් තිස්සෙ උඹට පාලු මකන්න ආවෙ. තනියෙන් හිටපන් අද. "
" කමක් නෑ ඉතින් අදත් වරෙන්කෝ "
" මගේ ඇඳේ මකුළු දැලුත් බැඳිලා ඇති දැන්. හොඳ එකා වගේ අද තනියම හිටපන් හොඳේ ... ආ.. මතක ඇතුව චූ දාලා නිදාගනින්... මං කැපුණා එහෙනම් "
ටේහ්‍යුන්ගේ කතාවට ජන්ග්කුක්ට හිනා නොවී බැරි වුණා. අපි දුකින් ඉන්න වෙලාවට මූඩ් ෆික්ස් කරන්න යාලුවෙක් ළඟ ඉන්න ඕනි මයි. ජන්ග්කුක්ට ටේහ්‍යුන් කියන්නෙත් අන්න ඒ වගේ යාලුවෙක්.
_____________________________________________________________
සුදූලා 🍁
මට කම්මැලී...
මේක හරියට ලියවිලා නෑ නේත ?
_MatheeJM_
YOU ARE READING
Peaches || Jikook || ✔
FanfictionTake my hands now.... You are the cause of my EUPHORIA 💜️ Start Date :- 27/ 11/ 2021 End Date :- 17/ 01/ 2022