" ජන්ග්කුකාහ්.. "
" ටේහ්‍යුන් "
හොඳම යාලුවො දෙන්නගෙ ඒ වැලඳගැනීම ඇතුළෙ වචනෙන් නොකියන මහා ගොඩාක් කතන්දර ලියවෙලා තියෙන්න ඇති.
" දෙන්නම පරිස්සමින් "
" උබත්. උබටත් අපි එක්ක එන්න බැරි ද ? "
ජන්ග්කුක් ටේහ්‍යුන්ගෙන් හරිම ආත්මාර්ථකාමී ප්‍රශ්නයක් ඇහුවා.
" බලමු. "
ටේහ්‍යුන් තමන්ගෙ සුපුරුදු පෙට්ටි හිනාවෙන් ජන්ග්කුක්ගෙ උරහිසට තට්ටුවක් දැම්මෙ තමන් හොඳින් බව ජන්ග්කුක්ට පෙන්නද ? නැත්නම් තමන්ටම ඒත්තු ගන්ව ගන්න ද ? ඒ ගැන හරියටම දන්නෙ ඉතින් ටේහ්‍යුන්ම තමයි.
" මියානේහ්.. "
" මොකට ද කුකා ? "
ටේහ්‍යුන්ට උත්තරයක් බඳින්න මහන්සි නොවී ජන්ග්කුක් තරමක් වෙලා ඒ චොක්ලට් පාට ඇස් දිහා බලාගෙන ඉඳලා ලොකු සුසුමක් හෙළලා ටේමින් එක්ක කතා කර කර හිටපු ජිමින් දිහාවට අඩිය තිබ්බා.
" ජිමින් ඔයා කැනඩා වලට ලෑන්ඩ් කරපු ගමන් ඔම්මාට කෝල් එකක් දෙන්නා. එයා ඔයා ගැන ගොඩක් කරදර වුණා "
ටේමින්ගෙ අන්තිම උපදෙසත් පිළිගත්ත ජිමින් ටේමින්ව හග් කළේ එයා නොහිටින්න තාමත් එයා හොස්පිට්ල් රූම් එකේ බව මතක් වෙලා.
" චොම්මල් කුමාවෝ ටේමින්. "
ටේමින් ලස්සන හිනාවක් ජිමින් දිහාවට පා කළා.
ජිමින් ටේමින්ගෙන් ඈත් වෙනවත් එක්කම ජන්ග්කුක් ඇවිත් ජිමින්ගෙ ඉණවටේ අත යවලා තමන්ගෙ ළඟට ඇදලා ගත්තේ හරියට ටේමින් ජිමින්ව උස්සන් දුවයි වගේ.
( A/N : ජියොන්ලස් 😎 )" ටේහ්‍යුන් "
ඉණවටේ එතිලා තිබුණු ජන්ග්කුක්ගෙ අත එහාට කරලා ජිමින් ටේහ්‍යුන්ව බදාගත්තේ ජන්ග්කුක් ආපහු වතාවක් මූණ පුම්බගන්න කොට. ටේහ්‍යුන් ඇස් කොනින් ඒ බව දැකලත් නොදැක්කා වගේ ජන්ග්කුක්ට කින්ඩි හිනාවක් දැම්මා.
ජිමින් ටේහ්‍යුන්ව තද කරලා බදාගනිද්දි ටේහ්‍යුන්ට මොහොතකට හිතුණා හැමදේම නතරවුණා නම් කියලා. ඒත් ඒ ආත්මාර්ථකාමී සිතුවිල්ලා ඉක්මනින් තමන්ගෙ හිතෙන් අයින් කරගන්න එයාට පුළුවන් උනා. මොකද එයාට වටින්නෙ ජිමින්ගෙ සතුට.
සමු ගැනීමේ කතා බහ ඉවර වෙලා ජිමින් ජන්ග්කුක්ගෙ අතේ එල්ලිලා චෙකින් ඒරියා එක දිහාවට අඩි තිබ්බේ ටේහ්‍යුන්ගෙ ඇස් කඳුළු පටලෙකින් බොඳ වෙලා යද්දි.
" ජන්ග්කුකී... "
" ම්ම්.. "
" ආදරෙයි... "
" මමත්... "
" ගොඩාක් ආදරෙයි ද ? "
" ඔව් ගොඩාරියක් "
ජන්ග්කුක් ජිමින්ගෙ රෝස පාට ඒ ෆ්ලෆී තොල් අස්සෙ මොහොතකට නතර වුණේ අදින් පටන් ගන්න අලුත් ජීවිතය පුරාවටන ඒ දෙන්නට ආදරෙන් ඉන්න පුලුවන් වෙන්න කියලා හිතන ගමන්.
නිමි 🍁
______________________________________________________________
අවසානයේ ඒ කුමාරයෝ දෙන්නා හැමදාම සතුටින් ජීවත් උනාලු...
ඇත්තමයි මේක හැපි එන්ඩින් දෙන්න සෑහෙන කට්ටක් කෑවා මං. මට හිතුණෙම ඔය ෆ්ලයිට් එක පුපුරයි කියලා ( දුස්ට සිතුවිලි 🙂 )
මේක මට ශෝට් ස්ටෝරි එකකට ආව ප්ලොට් එකක්.
තරිදු දම්සර - ආගන්තුක මනමාලි ( මේ සින්දුව අහලා තමා ප්ලොට් එක ඔලුවට ආවෙ )
අද නම් කතාව ගැන මොනවම හරි වචනයක් මං ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා.
මෙච්චර දවස් කතාවත් එක්ක හිටපු ඔයාලට ගොඩාක් ස්තූති !!!
( මගේ හිත කියනවා මං මෙච්චර කාලෙකට ලිව්ව මොට්ටම කතාව මේක කියලා 🙂)
පරිස්සමින් ඉන්න.
_MatheeJM_
YOU ARE READING
Peaches || Jikook || ✔
FanfictionTake my hands now.... You are the cause of my EUPHORIA 💜️ Start Date :- 27/ 11/ 2021 End Date :- 17/ 01/ 2022