" ජිමිනි... කොහොමද ඔයාට ? "
" ආහ්.. ටේහ්යුනා.. දැන් නම් ටිකක් සනීපයි... මේ කවුද ? ඔයාගෙ යාලුවෙක් ද ? "
ජිමින්ගෙන් එල්ලවුණු ප්රශ්නයත් එක්ක ජන්ග්කුක්ට දැණුනෙ තමන්ගෙ දණිස් පණ නැති වෙලා යන බවක්. උගුර දිගේ ආපු දැවිල්ලක් එක්ක ඇස් වලට කඳුළු උණද්දි තව මොහොතක් වත් ඒ කාමරය ඇතුළෙ නොරැඳීම ජන්ග්කුක් එළියට ආවෙ ජිමින්ගෙ ආගන්තුක බැල්ම දරාගන්නම බැරි තැන.
" ජන්ග්කුක්... ජන්ග්කුක්.. ඔහොම හිටපන්.. "
" උඹ ජිමින් එක්ක කතා කරලා වරෙන්. මං එළියෙන් ඉන්නම් "
පිට පනින්න හදන ඉකිය හිරකරගෙන ජන්ග්කුක් ටේහ්යුන්ට කිව්වෙ තමන්ගෙ කඳුළු පිරුණු ඇස් ටේහ්යුන්ගෙන් හංඟගන්න ගමන්.
" ජන්ග්කුකා.. හැමදේම හොඳින් විසඳෙයි.. "
ජන්ග්කුක්ගෙ උරහිසට තට්ටුවක් දාලා තවත් මොහොතක් ජන්ග්කුක් දිහා බලන් හිටපු ටේහ්යුන් ආයෙත් ජිමින්ගෙ රූම් එකට යනකොට ජිමින් උනේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව ඇස් ලොකු කරගෙන ටේහ්යුන් දිහා බලන් හිටියා.
" එයාට මොකක්ද උනේ ටේහ්යුන් ? "
" ආහ්.. එයාට පොඩි හෙඩේක් එකක් "
" ඒත් එකපාරටම.. "
" ජිමින්.. ඔයාට එයාව ඇත්තටම මතක නැද්ද ? පොඩ්ඩක්වත්. "
" නෑනෙ. එයත් අපේ යුනි එකේ ද ? "
" හ්ම්ම්.. ඔව්.. ඔයා ඒ ගැන හිතන්න එපා. ඉතින් දැන් ඔයාට සනීපයක් දැනෙනව ද ? "
.
.
.
.
.
.
.
.
.
.
.
.
.ටේහ්යුගෙත් ජිමින්ගෙත් කතාව ඇහුණෙ නැති උනාට ජිමින්ගෙ හැම හැසිරීමක් දිහාම රූම් එකේ තිබුණු වීදුරුවෙන් ජන්ග්කුක් බලාගෙන හිටියේ එයා නොදැනුවත්වම එයාගෙ දෙතොල් අතර හිනාවක් ඇඳෙනකොට. ඒ හිනාව දකින ඕනිම කෙනෙක් ඒ හිනාව ඇතුළෙ තිබුණු වේදනාව කොයි තරම් ද කියලා අනිවාරෙන්ම තේරුම් ගනී.
" ජන්ග්කුක්.. මොකද මේ එළියේ ? "
මේ තරම් වෙකා ඇස් රැඳිලා තිබුණු වීදුරුවෙන් ඇස් අහකට ගනිපු ජන්ග්කුක් නම්ජූන් දිහාවට ඇස් හැරෙව්වේ ඒ කළු පාට බෝල ඇස් අස්සෙ ලොකු කඳුළු ගුලි දෙකක් හංගගෙන.
" ජ්.. ජිමින්ට.. මාව මතක නෑ හ්යුන් "
" මං හිතුවෙ ජිමින්ට කාල සීමාවක මතකයක් විතරයි අමතක වෙලා තියෙන්නෙ කියලා. මොකද එයාට යුනි එකේ සමහර දේවල් මතක නෑ. මං හිතන්නෙ ඒ අමතක වෙච්ච හැම දෙයක්ම ඔයාට සම්බන්ධ දේවල්. සමහර වෙලාවට ඇක්සිඩන්ට් එකේදි වුණු ශොක් එකත් එක්ක එයා අන්තිම මොහොතෙ හිත හිත ඉඳපු කෙනා , ඒ කියන්නෙ ඒ මොහොතෙ එයාගෙ මනසෙ හිටපු කෙනාව අමතක වෙන්න පුලුවන්. හැබැයි ඒක තාවකාලික අමතක වීමක් විතරයි. ඔයාව නිතර මුණ ගැහෙනකොට ජිමින්ට ඔයාව මතක් වෙන්න පුලුවන්. "
" ඒත් හ්යුන්.. මට ජිමින්ව මුණ ගැහෙන්න විදිහක් නෑනේ.. අනික මිස්ටර් පාර්ක් උනත් ජිමින්ට මාව අමතක වුන එක ගැන සතුටු වෙයි.. "
" ඔය තරම් නෙගටිව් විදිහට හිතන්න එපා ජන්ග්කුකා.. අනිවාරෙන් ජිමින්ට ඔයාව මතක් වෙයි.. ඒක අද ද හෙට ද කියන්න මට බෑ.. ඒත් අවශ්යම වෙලාවට ඒ දේවල් සිද්ධ වෙයි.. අපිට පුලුවන් එතකන් ඉවසීමෙන් බලන් ඉන්න.. "
නම්ජූන් අප්පා කෙනෙක් වගේ ජන්ග්කුක්ගෙ ඔලුව අතගාලා කියන කොට ජන්ග්කුක් ඇස් වලින් කඳුලු පිට පැන්නෙ ඒ වෙලාවෙ නම්ජූන් ළඟින් දැණුනු රැකවරණය නිසාම වෙන්නැති.
______________________________________________________________
අදවත් ඉවර කරගන්න පුලාම් උනොත් හොඳා. 🙂
මොනා හරි කියන්ඩෝ...
නැත්තන් කම්මැලී...
_MatheeJM_
![](https://img.wattpad.com/cover/281018586-288-k98280.jpg)
YOU ARE READING
Peaches || Jikook || ✔
FanfictionTake my hands now.... You are the cause of my EUPHORIA 💜️ Start Date :- 27/ 11/ 2021 End Date :- 17/ 01/ 2022