21. හීනි ඇස්

328 121 10
                                    

මාස හතරකට කිට්ටු කාලයක් ගත වෙලත් ජන්ග්කුක්ටවත් ටේහ්‍යුන්ටවත් ජිමින් ගැන කිසිම හෝඩුවාවක්වත් හොයාගන්න බැරි වුණේ මිස්ටර් පාර්ක්ගේ සූක්ශම බවට පින් සිද්ධ වෙන්න.

ඒ අතරතුර කාලයෙදි වුණු එකම හොඳ දේ තමයි ජිමින් ළඟදි තමන් කොච්චර පොඩි මනුස්සයෙක්ද කියන දේ තේරුම් ගත්තු ජන්ග්කුක් තමන්ගෙම කියලා රැකියාවක් හොයා ගනිපු එක.

ටේහ්‍යුන්ට තිබුණා මේ හැම මතකයකින්ම ඈත් වෙලා ඔම්මා ප්‍රපෝස් කරපු ගැහැණු ළමයව මැරි කරන්න. ඒත් ඈත් වෙන්න බැරි තරමටම ටේහ්‍යුන් එයාගෙ හොඳම යාලුවටත්, හීනි ඇස් තිබුණු ඒ හුරතල් කොල්ලගෙ මතක වලටත් බැඳිලා හිටියා. දවසක තමන් තනි වේවි කියලා අනන්තවාරයක් හිතුණත් ඒ රිදුමට ටේහ්‍යුන් ආස වුණා. තමන්ගෙ හොඳම යාලුවගෙත් ඒ හුරතල් කොල්ලගේ ආදර කතාවට ටේහ්‍යුන් ආදරේ කළා.

මිස්ටර් පාර්ක්ලගෙ ෆැමිලි ඩොක්ටර් උනු කිම් නම්ජූන්ට පවා මේ මාස හතරකට ආසන්න කාලයක් තුළ ජිමින් ගැන හරි තොරතුරක් ලබා ගන්න බැරි වුණා. කිම් නම්ජූන් එහෙම නැත්තන් කිම් ටේහ්‍යුන්ගේ හ්‍යුන් ගෙන් ජිමින් ගැන තොරතුරක් ලැබෙන කන් ජන්ග්කුක් බලාගෙන හිටියෙ නොඉවසිල්ලෙන්. ඒත් අන්තිමට එයාලට දැන ගන්න පුලුවන් උනු එකම තොරතුර උනේ ජිමින්ව ට්‍රීට්මන්ට්ස් වලට ඇමෙරිකා වල ස්පෙශලිස්ට් කෙනෙක් ගාව ඇඩ්මිට් කරපු බව විතරයි.

කල්පයක් වගේ ගෙවුණු අවුරුද්දකට කිට්ටු කාලයක් ඇතුළත ගොඩක් දේවල් වෙනස් වුණා. ජන්ග්කුක් , ටේහ්‍යුන් කියන හොඳම යාලුවො දෙන්නා වෘත්තීය කැමරා ශිල්පීන් වෙනකොට ජිමින් සිහිය ලැබුවේ මිස්ටර් පාර්ක්ගෙ හිතේ තමන් කරපු දේවල් ගැන තිබුණු පසුතැවීම් නැත්තටම නැති කරමින්.

ජිමින්ට සිහිය ආපු බව හ්‍යුන්ගෙන් දැන ගත්තු මොහොතේ ජන්ග්කුක්ගෙ ඇස් වලින් කඳුළු බිංදු නැවතිල්ලේ ගලාගෙන ගියේ තමන්ගෙ ඇස් මානෙ නැති වුණත් එයාව පරිස්සමින් තියන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලමින්.

ජිමින්ට සිහිය ඇවිත් සති දෙකක් වගේ කාලයක් ඇතුළත ජිමින් නැවතත් දකුණු කොරියාවට ආවෙ ජන්ග්කුක්ගෙ වගේම ටේහ්‍යුන්ගෙත් බලාපොරොත්තු ඉටු කරමින්.

මිස්ටර් පාර්ක්ගේ ගාඩ් එක අයින් කරපු වෙලාවක ජිමින්ව බලන්න ජන්ග්කුක්ටත් ටේහ්‍යුන්ටත් අවස්ථාවක් ලබා දෙන්න තරම් නම්ජූන් කාරුණික උනා.

" ජන්ග්කුකා.. උබ මුලින් පලයන් "

" මට යන්න බෑ. උබ මුලින් ගිහින් වරෙන්කෝ "

" විකාර නොකර මෙහෙ එනවා. එහෙනම් දෙන්නම එකට යමු "

සෝල් හොස්පිට්ල් එකේ ජිමින්ට වෙන් කරපු රූම් එකේ දොර ඇරගෙන ටේහ්‍යුනුත් ජන්ග්කුකුත් ඇතුළට ගියේ අවුරුද්දකට කිට්ටු කාලයක් නොදැකපු ඒ සුපුරුදු හිනාව දකින බලාපොරොත්තුවෙන්.

ඔලුව වටේ ඔතපු බැන්ඩේජ් එකත් එක්ක ජිමින්ගෙ ඇස් එලියට නොපෙණුනු තරම්. ඉස්සරට වඩා ඒ කම්මුල් පිරිලා තිබුණු හැටි ජන්ග්කුක් ඈතදීම දැක්කා. ජිමින්ගෙ ඇස් වලින් තමන් දිහාවට වැටිලා තිබුණු ආගන්තුක බැල්ම අඳුරගන්න ජන්ග්කුක්ට ටික වෙලාවක් ගියේ ඇස් කඳුලු වලින් බොඳ වෙලා තිබුණු නිසයි.

ජිමින්ගෙ ඇස් වල තිබුනු ඒ නුහුරු බැල්ම ඇහැ ගැටුණු මොහොතේම ජන්ග්කුක්ගෙ හිත ආගන්තුක බයකින් පිරෙද්දි ටේහ්‍යුන්ගෙ අත තද කරලා අල්ල ගත්තේ ඕනි දේකට මුහුණ දෙන්න සූදානමෙන්.

" ටේහ්‍යුන්... "

ජිමින්ගෙ කටින් මුලින්ම ටේහ්‍යුන්ගේ නම කියවෙද්දි ටේහ්‍යුන් වගේම ජන්ග්කුක් පවා මොහොතකට ගල් ගැහුණා.

______________________________________________________________

සුදූලා 🍁

මං ආවා 😌

අදහස් ප්‍රකාස කරන්ඩෝ..

_MatheeJM_

Peaches || Jikook || ✔Where stories live. Discover now