" යාහ්... මාව බිමින් තියන්නකෝ.... "
" ජොන් ජන්කුක්....."
" තමුන් තාම දන්නෙ නෑ මං කවුද කියලා "
පළවෙනි වතාවට ජිමින්ගෙ කටින් තමන්ගෙ නම කියවුණු සතුටට ජන්කුක්ට නම් ජිමින් බනින බවක් වත් ඇහුණේ නෑ. හැමදාම තමන්ට බය වෙලා ඉන්න කොල්ලට වඩා මේ දුශ්ට කොල්ලට ජන්කුක් කැමති වුණා.
ඇත්තටම කිව්වොත් පාර්ක් ජිමින් කියන්නෙ කවුද කියලා ජොන් ජන්කුක් හරියටම දැනගෙන හිටියනම් එයා කීයටවත් මේ විදිහට හැසිරෙන එකක් නැහැ.
ජිමින්වත් කරේ එල්ලගෙන තමන්ගෙ මෝටර් බයික් එක ගාවට ගියපු ජන්කුක් ජිමින්ව බලෙන්ම ඒකෙ වාඩි කරවලා ෆුල් ෆේස් හෙල්මට් එක දැම්මේ ජිමින් තරහින් රතු වෙලා කෑගහද්දි.
' මේ මනුස්සයා නම් මාවම කන්න ආපු වදකාරයෙක් ' ජිමින්ට හිතුණෙ එහෙමයි.
බයික් එකෙන් පනින්න තිබුණු බයටම ජිමින් ජන්කුක්ව හයියෙන් අල්ලගත්තේ එයා කොච්චර කෑගැහුවත් ජන්කුක් දැන් බයික් එක නවත්තන්නේ නෑ කියලා තේරුණු නිසාමයි.
ජන්කුක්ගෙ පළල් උරහිස් වල රැඳුණු ජිමින්ගෙ චූටි අත් බලෙන්ම අල්ලලා ජන්කුක් එයාගෙ ඉණ වටේ රඳව ගත්තා.
බයික් එකට නැගපු වෙලාවෙ ඉඳලා ජන්කුක්ගෙන් කිසිම සද්දයක් නැති නිසා ජිමිනිත් ජන්කුක්ගෙ පිටට තුරුළු වුණේ තද සීතලක් දැණුනු නිසා.
පැය දෙකකට කිට්ටු වෙන ගමනකින් පස්සේ ජන්කුක් බයික් එක නැවැත්තුවේ ජිමින්ගෙ ඇස් පුදුමයෙන් ලොකු වෙද්දි.
එයා ඇවිත් හිටියේ එයා මේ ලෝකෙ යන්න ආසම කරපු තැනකට.
ඒ තමයි හන් ගඟ.
_______________________________________________________
සුදූලා 🍁
අපිට කරන්ට් නෑ. ඔයාලට තියේ ද ?
_MatheeJM_
![](https://img.wattpad.com/cover/281018586-288-k98280.jpg)
YOU ARE READING
Peaches || Jikook || ✔
FanficTake my hands now.... You are the cause of my EUPHORIA 💜️ Start Date :- 27/ 11/ 2021 End Date :- 17/ 01/ 2022