ලේ වලින් නැහැවිලා බිම වැටිලා ඉන්න තමන්ගෙ රෝස බෝනික්කව දැකලා ජන්ග්කුක්ගෙ හදවත මොහොතකට නතර වෙන්න ඇති.
නමුත් හරි සිහිය ලබපු පළවෙනි තත්පරේම ජන්ග්කුක් මහ හයියෙන් කෑගගහ අඬන්න ගත්තේ පාරෙ තැන් තැන් වල හිටපු මිනිස්සු ජන්ග්කුක් ගාවට කිට්ටු වෙද්දි.
" ජිමිනී... ජ්..ජිමිනී... නැගිටින්න පණ.... ඇයි මේ... "
අඬ අඬම ජිමින්ගෙ සිහිසුන් සිරුර තමන්ගෙ අත් දෙකට ගනිපු ජන්ග්කුක් වටවෙලා හිටපු මිනිස්සුත් පෙරලගෙන හොස්පිට්ල් එකට දුවන්න ගත්තේ තමන්ගෙ වටිනම දේ රැකගන්න.
වාහනයකින් එන්නත් විනාඩි පහළොවක් ගතවෙන ගමන ජන්ග්කුක් විනාඩි විස්සක් වගේ කාලයක් ඇතුළත දුවගෙන ආවෙ කොහොමද කියන එක එයාටවත් හිතාගන්න බැරුව ඇති. සමහරවිට ආදරේ එහෙම වෙන්නැති. තමන් ආදරේ කරන කෙනා රැකගන්න තියෙන බලවත් අවශ්යතාවය මත එයාලා තවත් ශක්තිමත් වෙනවා ඇති.
*************
ආරංචිය ලැබුණු පළවෙනි මොහොතෙම ටේහ්යුන් හොස්පිට්ල් එකට ආවෙ ගෙදරට ඇඳන් හිටපු ඇඳුම පිටින්මයි.
" ජ්..ජන්ග්කුකා.. මොකක්ද උනේ මේ ? "
බිම ඉඳගෙන බලාගත්තු අතේ බලාගෙන අඬ අඬ ඉන්න ජන්ග්කුක්ගෙන් ටේහ්යුන් ඇහුවේ හිතේ තියෙන දුක හංගගන්න ගමන්.
" මගෙ.. පණ... ජිමිනි... එයාට මුකුත් වෙන එකක් නෑ නේද ටේ ? "
" නෑ. නෑ. උබ බය වෙන්න එපා.. උබේ ජිමිනිට මුකුත්ම වෙන්නෑ... "
" එයාව ඇතුළට අරගෙන පැය හතරකටත් වැඩී... මට බයයි බන්.. "
ජන්ග්කුක් අඬ අඬම ටේහ්යුන්ගෙ පපුවට හේත්තු වුණේත් ටේහ්යුන්ගෙ දිග ඇඟිලි ඒ තද දුඹුරු පාට කෙස් අතරින් එහෙ මෙහෙ යන්න පටන් ගත්තෙත් එකම මොහොතෙ.
තමන්ගෙ ඇස් වලින් එළියට පනින්න දඟලන කඳුලු බිංදු අමාරුවෙන් නවත්තගන්න ටේහ්යුන්ට පුලුවන් උනා. එයාට ඕනි වුණේ ජන්ග්කුක්ට මේ වෙලාවෙ ශක්තියක් වෙන්න මිසක් එයාව තවත් දුර්වල කරන්න නෙවෙයි.ගත වෙන හැම තත්පරක් විනාඩියක් ගානෙම ජන්ග්කුක්ට දැණුනෙ මේ හැමදේම තමන් ගෙ මෝඩ කම් නිසා සිද්ධ වුණා කියලමයි. ' මං තව පොඩ්ඩක් පරිස්සං උනා නම් ඔයාට මෙහෙම වෙන්නෙ නෑ ඩෝල් ' හැම විනාඩි පහකට වතාවක් ඒ වචන ටික ජන්ග්කුක්ගෙ තොල් අගින් මිමිණෙන්නේ ටේහ්යුන්වත් කම්පා කරවලා.
කල්පයක් වගේ ගෙවුණු පැය හයකට පස්සෙ ඩොක්ටර් ICU එකෙන් එළියට ආවෙ මේ තරම් වෙලා යන්තමට හුස්ම වැටුණු ජන්ග්කුක්ගෙ හිතට යම් තරමක සහනයක් අරගෙන.
" කවුද පාක් ජිමින්ගෙ භාරකාරයා ? "
" මම "
" මම "ජන්ග්කුක්ගෙත් ටේහ්යුන්ගෙත් තොල් වලින් එකම මොහොතෙ ඒ වචන පිට පැන්නෙ බිත්ති ඔරලෝසුවේ ටක් ටක් සද්දය විතරක් ඇහෙන තරමට පරිසරය නිහඬ කරවලා.
" මෙයා තමයි සර් එයාගෙ භාරකාරයා " නිශ්ශබ්ද තාවයට තිතක් තියමින් ටේහ්යුන් ජන්ග්කුක් දිහාට ඇඟිල්ලක් දික් කරමින් කිව්වා.
" ජිමින්ගෙ බාහිර තුවාල හැම එකක්ම සාමාන්යයි. ඒත් එයාගෙ ඔලුව හයියෙන් හැපිලා තියෙන නිසා හෙඩ් ඉන්ජරි එක ටිකක් ඩේන්ජරස්. ඒත් දැන් එයාගෙ තත්වය සතුටු දායකයි. දැන්මම අපිට මුකුත් කියන්න බෑ. එයාට සිහිය ආවම එයාගෙ හැසිරීම අනුව තමයි අනිත් දේවල් තීරණය කරන්න පුලුවන්. එයාගෙ මතකයට යම් තරමක හානියක් වෙලා තියෙන්න පුලුවන් සමහරවිට. එයාට සිහිය ආවම ඔයාලට පුලුවන් එයාව බලන්න යන්න "
ජන්ග්කුක්ගෙ උරහිසට තට්ටුවක් දාගෙන ඩොක්ටර් ආපහි ICU එක ඇතුළට ගියේ. ජන්ග්කුක්ව ප්රශ්න ගොඩක හිර කරලා.
" ජන්ග්කුකා.. උබට ජිමින් ළඟට ඔහොම යන්න බෑනෙ. අපාර්ට්මන්ට් එකට ගිහින් වොශ් කරගෙන එමු. බලපන් ඔය ඇඟ හැමතැනම ලේ "
" ටේහ්යුනා.. එයාට මාව අමතක වෙන එකක් නෑ නේද ? "
ටේහ්යුන් කියපු දේවල් ගාණකට නොගෙන ජන්ග්කුක් අහපු ප්රශ්නය නිසා ටේහ්යුන් පවා මොහොතකට ගොලු වුණා.
_____________________________________________________________
සුදූලා 🍁
උදේම එන්න හිටියේ... කතා පොතක් සෙට් උනානේ.. ඒ හින්දා එන්න බැරි වුණා.. 🙂😌
මොනා හරි කියාගෙන යන්ඩෝ...
_MatheeJM_
YOU ARE READING
Peaches || Jikook || ✔
FanfictionTake my hands now.... You are the cause of my EUPHORIA 💜️ Start Date :- 27/ 11/ 2021 End Date :- 17/ 01/ 2022