" ජිමින්ට ඔයාව අමතක වෙන්නෙ නෑ කුකා. ඩොක්ටර් කිව්වනෙ එයාගෙ සිටුවේශන් එක හොඳයි කියලා. බය නැතුව හිටපන් "
තමන්ගෙ හිතේ තියෙන බය ජන්ග්කුක් ඉදිරියෙ නොපෙන්වා ඉන්න ටේහ්යුන් උත්සාහ කළා වගේම ඒ උත්සාහය යම් තරමකට සාර්ථක උනා.
" දැන් වරෙන් අපාර්ට්මන්ට් එකට යන්න. ගිහින් ඉක්මනටම එමු. "
ටේහ්යුන්ට පිළිතුරු විදිහට ' හ්ම්ම් ' සද්දයක් පිට කරන්නවත් මහන්සි නොවී ජන්ග්කුක් ටේහ්යුන් පස්සෙ වැටුණා. අඬලම රතු වුණු ජන්ග්කුක්ගෙ ඇස් එයාගෙ රෝස බෝනික්කාව දකින්න ආසාවෙන් බලාගෙන උන්නා. ඒ නිසාම තවත් වතාවක් ICU එකේ දොර දිහා බැල්මක් හෙලන්න ජන්ග්කුක්ට ඕනි වුණා.
************
විනාඩි විස්සක් ඇතුළත තමන්ගෙ ඇඳුම් මාරු කරගෙන ජන්ග්කුක් ටේහ්යුන් එක්ක හොස්පිට්ල් ආවෙ අමුතු බයක් හිතේ හොල්මන් කරද්දි.
" රිලැක්ස් මිස්ටර් පාර්ක්. ඒ උනාට ජිමින්ගෙ භාරකාරයා විදිහට සයින් කරපු කෙනාගෙ පර්මිශන් නැතුව ඔයාලට ජිමින්ව මෙතනින් අරන් යන්න බැහැ. "
තමන්ට ඇහුණු දේ නිසා ජන්ග්කුක් රිසෙප්ශන් එක දිහා බැලුවේ හිතේ තිබුණු දාහක් හැඟීම් දෝරෙ ගලාගෙන යද්දි.
" ආ මේ ඉන්නෙ මිස්ටර් ජන්ග්කුක්. "
රිසෙප්ශනිස්ට් හිනා වෙලා මිස්ටර් පාර්ක් ට ජන්ග්කුක් ව පෙන්නුවාම ජන්ග්කුක්ව අඳුරගත්ත පළවෙනි තත්පරේම මිස්ටර් පාර්ක් ජන්ග්කුක්ගෙ ඇඟට කඩාගෙන පැන්නෙ තමන් ඉන්නෙ කොහෙද කියන එක වත් ගණන් නොගෙන.
" තමුසෙ... ජිමින් තමුසෙ වගේ නිකමෙක්ව ආශ්රය කරපු නිසයි මේ සේරම.. තමුසෙ නිසා මගෙ දරුවට මොනවහරි උනොත්.. තමුන් එදාට ඉවරයි කියලා දැනගන්නවා ජන්ග්කුක්.. "
ජන්ග්කුක්ගෙ කොලර් එකෙන් අල්ලගෙන මහ හඬින් ගිගිරුව මිස්ටර් පාර්ක් එතනින් ගියේ හොඳින් බැරි නම් නරකින් හරි ජිමින්ව මෙතනින් අරගෙන යන බව තමන්ටම මුමුණ ගන්න ගමන්.
" ටේහ්යුනා.. එයාලා මගෙ පණව මෙහෙන් අරන් යන්නද හදන්නේ ? ඒත්.. එතකොට... "
කිසිම අවසරයකින් තොරව ඇස් වලින් එළියට පැනපු කඳුළු බිංදු කම්මුල් දිගේ ගලාගෙන යද්දි ජන්ග්කුක් ටේහ්යුන්ගෙන් ඇහුවෙ තමන්ට ඒකට උත්තරයක් ලැබෙන්නෙ නැති බව දැන දැනමයි.
ICU එක පැත්තට යන්න හැරුණු ටේහ්යුනුත් ජන්ග්කුකුත් හිටි තැනම නැවතුණේ රිසෙප්ශනිස්ට් ආපු කෝල් එක නිසා.
" මොකක් ? එයාලා කොහොමද එහෙම කළේ ? ගයිඩ් ලයින්ස් අනුව ගාඩියන්ගෙ පර්මිශන් එක නැතුව ජිමින්ව අරන් යන්න බෑනෙ ? "
" ................. "
" ඕකෙ. මං පොලීසියට ඉන්ෆෝම් කරන්නම් "
***
" මිස්ටර් ජන්ග්කුක්. ජිමින්ව මිස්ටර් පාර්ක්ලා මේ හොස්පිට්ල් එකෙන් අරගෙන ගිහින් "
" මොකක් ? "
තමන්ගෙ කකුල් පණ නැතුව යන බැව දැනෙද්දි ජන්ග්කුක් එහෙමම බිම ඉන්ඳවුණේ අද දවස තමන්ගෙ දරාගැනීමේ සීමාව පහු කරගෙන ගියපු නිසා.
ටේහ්යුන් ජන්ග්කුක්ගෙ අත තද කරලා අල්ලගත්තේ මොන දේ උනත් මේ වෙලාවෙ තමන් ශක්තිමත්ව ඉන්න ඕනි කියලා දැණුනු නිසයි.
" ජන්ග්කුකා.. "
" අපි යමු ටේ "
ටේහ්යුන් බලාපොරොත්තු වුණේ දුකත් , කේන්තියත් එක්ක වියරු වැටිච්ච ජන්ග්කුක් කෙනෙක්ව මිසක් මේ වගේ ප්රතිචාරයක් නෙවෙයි.
ජන්ග්කුක්ගෙ ඇස් හැඟීම් විරහිත බවකින් පිරිලා තිබුණේ තමන්ගෙ ජීවිතේ අවසාන සතුටත් පැහැරගැනීමට ලක් වුණු කෙනෙකුගෙ වගේ. ඔව් ඇත්තටම ඒක එහෙම තමයි.
ඇස් අග ඉතුරු වෙලා තිබුණු අන්තිම කඳුළු බිංදු කිහිපය ඇඟිලි වලින් පොඩි කරලා දාපු ජන්ග්කුක්ට ඇස් මොහොතකට පියවුණ මොහොතෙ ඒ ඇස් ගිලෙන හිනාවට තමන්ගෙ හිත කොයි තරම් බැඳිලද කියලා හරියටම තේරුම් ගන්න පුළුවන් වුණා.
_____________________________________________________________
මේ ආපහු යන්නෙ අතීතය හොඳේ. ජන්ග්කුක් ජිමින්ට කතාව කියනවා..
යාලුම්වනේ..
මං නෙස්කැෆේ බොන ගමන්. 😌
ඔයාලටත් ඕනිතේඒඒඒ ??
_MatheeJM_
YOU ARE READING
Peaches || Jikook || ✔
FanfictionTake my hands now.... You are the cause of my EUPHORIA 💜️ Start Date :- 27/ 11/ 2021 End Date :- 17/ 01/ 2022