"ටික් ටික් ටික්"
එලාම් එකේ සද්දෙට ඇහැරුණු ජියොන් ජන්කුක් කඩිමුඩියෙ ලෑස්ති වුනේ උදේ පාන්දරම තමන්ගේ එක රස්සාවක් වුනු පත්තර බෙදන රාජකාරියට යන්න කියලා හිතාගෙනයි.පුංචි කාලෙදීම තමන්ගේ දෙමවුපියන් කවුද කියන්නවත් දන්නේ නැතුව අනාථ නිවාසයක හැදුනු වැඩුනු ඔහු යන්තම් වයස අවුරුදු 19වෙද්දී අනාථ නිවාසයෙන් වෙන්ව පුංචි කාමරයක් කුලියට අරන් එහෙ ජීවත් වෙන්න පටන්ගත්තේ යුනී ගමනට ලේසි වෙන්නයි.එදිනෙදා වියදම් වගේම ගෙදර කුලියයි යුනී ගාස්තුයි ගෙවන්න හවසට කරන පාර්ට් ටයිම් ජොබ් එක ප්රමාණවත් නොවුණු නිසා යුනී යන්න කලින් උදේම සොච්චම් මුදලකට අවට අයට පත්තර බෙදෙන්න ජන්කුක් පුරුදුවෙලා හිටියා .
සේරම වැඩ ඉවරකරලා යුනී එකට අඩිය තිබ්බ ජන්කුක්ට එක පාරටම කන් බීරි කරනතරම් හයියෙන් ගෑනුලමයි කෑ ගහනවා ඇහුනා. මේ යුනී එකේ ඉන්න අයට මේක අලුත් දෙයක් නෙමෙයි. සද්දේ එනපැත්ත බලපු ජන්කුක්ගේ මූනේ ඉබේම හිනාවක් ඇඳුනේ එයා මේ ලෝකේ දකින්න වැඩියෙන්ම ආස කරන අවුරුදුගානක් තිස්සේ හිතින් විතරක් ආදරය කරන ඒත් තාමත් අයිතිකරගන්න බැරිවුණු එයාගේ ඒකපාර්ශ්වික ආදරේ කිම් ටේහයුන්ග් එයාගේ යාලුවන්ව වට කරන් ඉස්සරහට එන හැටි දැකලයි.
කිම් ටේහයුන්ග් අවුරුදු 21 වෙන කඩවසම් තරුණයෙක්. උපතින්ම පොහොසත් පවුලක ඉපදුනු ඔහු ටිකක් තද ගතිපැවතුම් තියෙන රළු කෙනෙක්. ඒ වගේම ඔහුගේ හොඳම යාළුවන්ට අමතරව ඔහු එක්ක කෙනෙක්ට ලේසියෙන් කතා කරන්නවත් හම්බුනේ නෑ. කඩවසම් පෙනුමත් එක්ක මුළු යුනී එකේම සිහින කුමාරයා වුනු ඔහු ආදරය කියන දේ විශ්වාස කලේ නෑ. පුංචි කලේ ඉඳන් පවුල ඇතුලේ වුනු අමිහිරි මතකයන් නිසා ආදරයට වෛර කරන්න ඔහු පෙළඹුනා.
තමන් ඉස්සරහින් ආඩම්බරෙන් ඇවිදන් යන ටේහයුන්ග් දිහා ජන්කුක් ආදරේ පිරුණු ඇස් වලින් බලන් හිටියත් ටේහයුන්ග්නම් ජන්කුක් කියලා කෙනෙක් එතන නැති ගානට ජන්කුක්ව පහු කරන් ගියේ ජන්කුක්ගේ මූණ අඳුරු වෙලා යද්දීයි.
ඒත් තමන් වගේ කෙනෙක්ව ටේහයුන්ග් වගේ පොහොසත් කොල්ලෙක් දැනගෙන ඉන්න විදිහක් නෑ නේද කියලා ජන්කුක් එයාගේ පෑරුණු හිත හදාගත්තා.
YOU ARE READING
🌷𓂀 ℍ𝕒𝕟𝕒𝕙𝕒𝕜𝕚 𓂀 🌷ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ [Completed✔]
FanfictionTop Tae Bottom Kook 📌Just Fanfiction taekook 💜 covered by @DimelzaPark cover shop