හැමෝම ස්ටේඩියම් එකේ දොර දිහා බලද්දී දොරත් ඇරන් ඇතුලට ආවේ ජන්කුක්. හැමෝම පුදුමෙන් ජන්කුක් දිහා බලන් ඉද්දී කෙටි අඩි තියමින් ටේහයුන්ග් ලඟට ආව ජන්කුක් තමන්ගේ අත් එකිනෙක පටලවාගනිමින් බිම බලාගෙනම ටේහයුන්ග් ඉස්සරහින් හිටගත්තා.
හැමෝම ජන්කුක් දිහා බලන් ඉද්දී එතන හිටිය සමහරෙක් තව කෙනෙක්ගේ කනට දේවල් මුමුනමින් ජන්කුක් දිහා සැකෙන් බැලුවා
ජන්කුක් නිශ්ශබ්දව තාමත් වෙවුලන ඇඟිලි තද කරන් රත් වුණු කම්මුල් නොපෙනෙන්න මූණ බිමට හරවන් ඉද්දී ටේහයුන්ග් සීතල හඬකින් කතා කලා.
"මොනවද වෙන්න ඕනි"
"ටේහයුන්ග් මට ඔයාට කියන්න දෙයක් තියෙනවා"
ජන්කුක් වෙවුලන කටහඬකින් අත් දෙක එකිනෙක මත තෙරපමින් කිව්වා.
"ඉතින් කියන්න තියෙන දෙයක් කියනවා ඉක්මනට"
ටේහයුන්ග් ජන්කුක්ව ගානකටවත් නොගෙන සපත්තු ලේස් එකක් ගැටගහමින් ඇහුවා.
"මං... ඔ...යාගේ....boyfriend...වෙන්න කැම....ති."
ලොකු හුස්මක් ගත්ත ජන්කුක් එක පාරටම එහෙම කියලා දැම්මේ ඇස් දෙක තදින් පියාගෙනමයි. ඒ වචන ජන්කුක්ගේ කටින් පිටවෙනවත් එක්කම වටේ හිටිය අය සූස් හඬින් හුස්ම ඉහලට අදිද්දී ටේහයුන්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා ජන්කුක් හෙමින් එක ඇහැක් ඇරලා බැලුවා.
එතකොට ජන්කුක් දැක්කේ ටේහයුන්ග් කිසිම හැඟීමක් මූනේ නැතුව තමන් දිහා බලන් ඉන්නවා කියලයි.
"කියලා ඉවරයිනම් දැන් යන්න පුළුවන් "
ටේහයුන්ග් ගැඹුරු හඬකින් කියලා යන්න හැරුනත් නැවතුනේ ජන්කුක් ආයෙමත් කතා කරපු නිසයි.
"ටේහයුන්ග් මට එකම එක අවස්ථාවක් දෙන්න. මන් පොරොන්දු වෙනවා ඔයා කැමති විදියටම ඉන්නවා. කියලා මං ඔයාට ගොඩක් කල් ඉඳන් ආදරේ කරන්නේ. plz එක චාන්ස් එකක් දෙන්න."
ජන්කුක් දිගින් දිගටම බැගෑපත් වෙද්දී ටේහයුන්ග් කිසි ගානකට නොගෙන කතා කලා.
"ආදරේ!!, මට ආදරේ දෙන්න තමුසේ කවුද, මට ඔය කාගෙවත් ආදරේකින් වැඩක් නෑ. ලැජ්ජාවක් නැද්ද කොල්ලෙක් වෙලත් තව කොල්ලෙක්‌ගෙන් මෙහෙම බැගෑපත් වෙන්න අහ්හ්.... මට ආදරයක් ඕනි වුනානම් මගේ පස්සෙන් කෙල්ලෝ කීයක් එනවද උන්ගෙන් එකෙක් යාලු කරගන්නවානේ. තමුසෙත් උන් වගේම සල්ලි වලට පෙරේතකමේ කොල්ලෝ පස්සේ යන එකෙක් කියලා හිතුවේ නෑ. අප්පිරියයි මට තමුන් වගේ උන්. කොහොමද හිතුවේ මං වගේ කෙනෙක් තමුන් වගේ අනාථයෙක්ට කැමති වෙයි කියලා.තමුන්ගේ දෙමවුපියන්ටත් තමුන් වගේ නිකමේක් වැඩක් නැති නිසා තමයි ඔහොම වෙලා තියෙන්නේ.
ටේහයුන්ග් ජන්කුක්ට මහහඬින් කෑ ගහද්දි ඒ වචනයක් ගානේ ජන්කුක් බයටම ගැස්සුනා. කඳුළු කැට එක දිගට ඇස් වලින් කඩන් වැටෙද්දී පිටවෙන ඉකිය නවත්තගන්න ජන්කුක් තොල් තදින් විකා ගත්තා.
"අනේ එහෙම කියන්න එපා ටේ. මන් ගොඩක් කාලෙක ඉඳන් ඔයාට ආදරේ කරන්නේ.ඔයා නැතිවුනොත් මැරිලා යයි මං."
"ඉතින් ගිහින් මැරෙනවා!!! මට මොකද තමුන් මැරෙන එකමයි හොඳ"
කේන්තියේ උපරිම සීමාවට ඇවිත් හිටිය ටේහයුන්ග් ජන්කුක්ගේ අත ගසලා දාලා එතනින් ගියේ අනිත් අයත් ජන්කුක් දිහා අප්‍රසන්න විදිහට බලමින් යද්දීයි.
ටේහයුන්ග් වචන හමුවේ තවත් හිටගෙන ඉන්නවත් පණක් නොතිබුණු ජන්කුක් එතනම දනින් වැටිලා අඬන්න ගත්තේ ටේහයුන්ග් එක වචනයක් ගානේ ඒ පුංචි හදවත පසාරු කරන් යන තරම් වේදනාවක් දැනුනු නිසයි.
"ඇයි ටේ ඔයාට මගේ ආදරේ දැනෙන්නේ නැත්තේ... මං අනාථයෙක් වුණු එකද මේ සේරටම හේතුව. ඇයි ඔම්මා ඔයාලා මාව දාල ගියේ. මෙහෙම වෙන්න මං කරපු වැරැද්ද මොකක්ද.මාව එපා නිසාද දාලා ගියේ... අනේ මං හිතලා කලේ නෑ කිසි දෙයක්. මං ඉපදුනාම ඔයාල දෙන්නව මට නැති වෙනවා කියලා දන්නවනම් මං ඔයාලා ළඟට එන්නේ නෑ කවදාවත්. අනේ මට සමාවෙන්න ඔම්මා.. ඔව් ටේ කිව්වා හරි ඔයාලටත් මාව වැඩක් නැති නිසා නේද මාව දාලා ගියේ ටේ කිව්වා වගේ මගෙන් කාටවත් වැඩක් නෑ.මාව හැමෝටම කරදරකාර අනාථයෙක් විතරයි.මන් වගේ කෙනෙක් ජීවත් වෙන්නවත් සුදුසු නෑ තමයි"
ජන්කුක්ගේ හිතේ වේදනාව නැති කරන්න ඒ කම්මුල් සෝදමින් ගලන කඳුළු වලටවත් බැරිවුණා. තමන්ටම හැම වැරද්දක්ම පටවගත්ත ජන්කුක්ගේ මනස පුරා ටේහයුන්ගේ දරුණු වචන හොල්මන් කලා.
"ඉතින් ගිහින් මැරෙනවා.මට මොකද තමුන් මැරෙන එකමයි හොඳ "
ටේහයුන්ගේ ඒ වචන කන් අතර දෝංකාර දෙද්දී ජන්කුක් කඳුළු පිහදාගෙන නැගිට්ටේ තමන් ගැන තීරණයක් අරගෙනයි.දිගින් දිගටම තමන්ගේ ආදරයෙන් ප්‍රතික්ෂේප වීම තමන්ගේ වැරද්දක් විදියට දැක්ක ජන්කුක් තමන්ගේ ජිවිතේ ගැන තීරණයක් ගත්තේ ඒ වැරැද්දේ දඬුවම විදියටයි.
---------------------------------
YOU ARE READING
🌷𓂀 ℍ𝕒𝕟𝕒𝕙𝕒𝕜𝕚 𓂀 🌷ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ [Completed✔]
FanfictionTop Tae Bottom Kook 📌Just Fanfiction taekook 💜 covered by @DimelzaPark cover shop