දින කිහිපයක් කිසිම වෙනසක් නැතුව ගතවුණා. ඒත් මේ ගතවුණු දින කිහිපයේම ටේහයුන්ග් යුනී ආවේ නෑ. ඒ ගැන ජන්කුක් ටේගේ යාලුවන්ගෙන් ඇහුවත් සතුටුදායක පිළිතුරක් ලැබුනේ නෑ.
ඒත් ඒදින කීපය ඇතුලත ජන්කුක්ට පුලුවන් උනා ටේගේ අප්පා ඒ කියන්නේ Mr.Kim ගැන තොරතුරු හොයාගන්න.ඒ තොරතුරු වලට අනුව Mr.kim මේ වෙනකොට හිටියේ කතෝලික පල්ලියක පියතුමෙක් විදියට. ඒ නිසා ජන්කුක් තීරණය කලා ටේගේ අප්පා මුනගැහිලා කතා කරන්න. මොකද ජන්කුක්ට ඕනෙ වුනේ ටේගෙ හිතේ තියෙන තරහව, බය නැති කරලා දාන්න. ජන්කුක්ට ටේගේ හිතේ එයා වෙනුවෙන් ආදරයක් ඇති කරන්න බැරි වුනත් ටේගේ හිතටත් කවදහරි කාගැන හරි ආදරයක් ඇති කරවන්න ජන්කුක්ට ඕනෙ කලා .ආදරය කියන හැඟීමට බය නොවී ඒ හැඟීම ටේටත් ජීවිතේ කවදාහරි දවසක විදින්න දෙන්න ජන්කුක්ට ඕනෙ කලා. ඒ නිසා ජන්කුක් තීරණය කලා ටේට පුන්චි කාලෙදිම ආදරේ කියන හැඟීම ජීවිතේ කලුපැල්ලමක් බවට පත්කරපු පුද්ගලයව මුණගැහෙන්න.
එදා ජන්කුක් යුනිවර්සිටි නොයා ටේගේ අප්පා හොයාගෙන ගියා. නමුත් නොසිතූ විදියට එදා දවසෙම ටේ අවසන් වතාවට යුනිවර්සිටි එකට ආවා.ටේ යුනිවර්සිටි එකේ එයාට හුරුපුරුදු සමර්හට් එකට ගියේ Mr.බනීව හමුවීමේ බලාපොරොත්තුවෙන්. ඒත් ටේගේ බලාපොරොත්තු සුන්වෙලා ගියේ ටේට සමර්හට් එකේදී කිසිම ප්‍රතිචාරයක් නොලැබුනු නිසයි. Mr.බනි මේ විදියට හදිස්සියේම අතුරුදහන් වීම ටේයුන්ගේ හිතට පුදුමයක් වගේම දුකටත් කාරණයක් වුනා. මොකද දැනටත්මත් ටේගෙයි ඉරේනාගෙයි විවාහය තව දින තුනකින් සිදු කරන්න සූදානම් කරලා තිබුනා.
ටේට මේ විවාහය ගැන කිසි උනන්දුවක් නැතත් තමන්ගේ ඔම්මගේ සතුට වෙනුවෙන් ඕනම දෙයක්.කරන්න ටේ සූදානම්ව හිටියා ඒ නිසාමයි ටේ මේ විවාහයටත් කැමැත්ත දුන්නේ.තමන්ගේ උපාධිය විවාහයෙන් පස්සෙ පෞද්ගලිකව අවසන් කරන්නත්, ව්‍යාපාර සියල්ල ටේහයුන්ග් භාරගන්නත් නියමිතව තිබුණා.
ඒ නිසා ටේහියුන් අද සමර්හට් එකට ආවේ Mr. බනීව අවසාන වතාවට හමුවෙන්න වගේම Mr. බනීටත් එයාගේ විවාහයට ආරාධනා කරන්නයි.
Mr. බනීගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා තමන් ගෙනාපු ආරාධනා පත්‍රයත් සමර්හට් එකේ සිවිලිමේ කොනක රදවපු ටේහියුන් අවසන් වතාවට සමර්හට් එක දිහා බලලා ගැඹුරු හුස්මක් ගත්තා.තමන්ගේ හිතේ තියෙන තාමත් පිලිගන්න අකමැති වුනු හැඟීම , Mr.බනී එක්ක එයාට තියෙන නමක් නැති සම්බන්දයක් මේ හැමදේකින්ම ටේයුන්ගේ හිත පිරිලා ගිහින් සිතුවිලි වලින් කැලඹිලා තිබ්බා. mr. බනී තමන්ට මේ හට් එකේදී මුලින්ම මුණගැහුනු විදිය, තමන්ගේ හැම ප්‍රශ්නෙකදිම mr. බනීව හොයාගෙන ආපු වෙලාවට mr. බනී එයාගේ හිත හදපු විදිය , එයාට ශක්තියක් උනු විදිය ඒ හැම මතකයක්ම ටේහයුන්ගේ මනස පුරා එක පෙලට මැවිලාපෙනුනා. ඒ හැම මතකයක්ම හිතේ පුරවගෙන ආපහු යන්න හැරුනු ටේහයුන්ට ලොකු දුකක් වගේම තමන්ගැනම ලොකු කලකිරීමක්,පසුතැවීමක් ඇති උනා.මේ අතරේ ජන්කුක් ජිමින්ටත් නොකියම Mr. කිම් ඉන්නවා කියලා ආරන්චි වුනූ පල්ලියට ආවා.ජන්කුක් ඇතුළට යද්දිත් අල්තාරය දිහා බලාගෙන හැඩිදැඩි සිරුරකට හිමිකම් කියන පියතුමෙක් ජන්කුක් දැක්කා.
ජන්කුක් පියතුමා එක්ක කතා බහ කරන ගමන් පල්ලිය වත්තේ තිබුණු බෙන්ච් එකක් ළගට ආවා. ඒ වෙනකොටත් ජන්කුක් පියතුමාට තමන්ව ටේහයුන්ගේ යාළුවෙක් විදියට හදුන්වාදීලා, ටේහයුන්ගේ හිතේ අප්පා ගැන තියෙන තරහව ගැනත් කියලා තිබුනා. ඒ දේවල්.දැනගත්තට පස්සේ පියතුමාගේ මුහුණේ තිබුනේ කලකිරීමකට පත් උනු හැඟීමකුයි. ඒ වගේම අවුරුදු ගානක් තිස්සේ තමන් කරපු හැමදෙයක් ගැනම දුක් වුනු බවක් ඒ ඇස් වල ලියවිලා තිබුණා.
" මේ දේවල් තවත් හන්ගගෙන ඉදලා තේරුමක් නෑ. මට තවත් නැති වෙන්න කියල දෙයක් නෑ. මගෙම පුතා දැනටමත් මට නොසෑහෙන්න වෛර කරනවා. මේවා මගෙම වැරදි. මගේ වැරදි වලට ලැබෙන්න ඕන දඩුවම දෙවියන් වහන්සේ මට දැනටමත් දීලා තියෙන්නේ දරුවෝ "
එහෙම කියපු පියතුමා මෙච්චර වෙලා තමන්ගේ ආවරණය වෙලා තිබ්බ දකුණු අත ජන්කුක්ට පෙන්නුවා.එතකොට තමයි ජන්කුක් දැක්කේ දකුණු අතේ වැලමිටෙන් පහල කොටස නෑ කියලා. ජන්කුක්ට ඒ දැකපු දේ පුදුමයට වගේම කම්පනයට හේතු වුණු බව මේ මොහොතේ ජන්කුක්ව දකින ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන්. ඒ නිසා ජන්කුක්ගේ මුහුණ එවෙලේ දැකපු mr.කිම්ටත් ජන්කුක්ගේ ඇස් වල තිබුනු බය,පුදුමය වගේම කනස්සල්ල පැහැදිලිවමදැකගන්න පුලුවන් උනා.
"මන් දන්නව ඔය දරුවට මේ කිසි දෙයක් තාම තෙරුම්ගන්න බැරුව ඇති ,මම හැමදෙයක්ම කියන්නම් මගේ කතාවත් මේලොකෙ එක්කෙනෙක්හරිදැනගෙන ඉන්න ඕන"
ඉන් පස්සෙ පියතුමා ලොකු කතාවකට මුලපිරුවා.
______________________
YOU ARE READING
🌷𓂀 ℍ𝕒𝕟𝕒𝕙𝕒𝕜𝕚 𓂀 🌷ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ [Completed✔]
FanfictionTop Tae Bottom Kook 📌Just Fanfiction taekook 💜 covered by @DimelzaPark cover shop