21🥀

996 195 1
                                    

ජන්කුක්, ටේ වෙනුවෙන් ලියලා තිබුණු නෝට් එක ඉවරවෙද්දි ටේගේ වෙවුලන අත්වලින් ඒ පුංචි ඩයරි එක අතෑරුනේ ඉබේටමයි.ටේගේ ඇස් වලින් වැටුණු කඳුළු වලින් දැනටමත් ඒ පිටු තෙත් වෙලා.තමන්ගේ ඇස් වලින් වැටෙන කඳුළු පිහදාගන්නවත් මහන්සි නොවුණු ටේ,ජන්කුක්ගේ කාමරෙන් එලියට දිව්වේ ජිමින්ව හොයාගෙන.

ටේහයුන්ග් කොහොම විශ්වාස කරන්නද එයාගේ හැම දුකකටම ලඟින් හිටපු කෙනාටද තමන් අර තරම් දරුණු විදියට සැලකුවේ කියල,එයාගේ ජිවිතේ එළියකරගන්න උදව් කරපු කෙනා අද වෙද්දී එයාව දාලා යන්න ගිහින් කියලා.

කලබලෙන් දුවන් එන ටේහයුන්ග්ව දැක්කම ජිමින්ට තේරුනා මොනවවුනත් වෙලා තියෙන්නේ හොඳ දෙයක්නම් නෙමෙයි කියලා.

"ටේහයුං මොකද මේ"

"ජිමින්!!!"

ටේහයුන්ග්,ජිමින්ව හග් කරද්දී ජිමිනුත් ආපිට ටේව හග් කලේ කිසිදෙයක් තේරුම්ගන්න බැරුවයි.

----------------------------------------------------------

ටේහයුන්ග් හිටියේ හොඳින් සරුසාරව වැඩුණු ගාර්ඩනියා මල් පඳුරක් ළඟ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේහයුන්ග් හිටියේ හොඳින් සරුසාරව වැඩුණු ගාර්ඩනියා මල් පඳුරක් ළඟ.ඒ එක්කම තිබුනේ සොහොන් කොතක්.

"බනී,ඔයා කොහොමද මෙච්චරකල් මේ විදියට හැංගිලා හිටියේ "

ඔයා හිතුවේ දැන් මගේ ජීවිතේ හැමදෙයක්ම සම්පූර්ණයි කියලද? ඒත් ඒ ජීවිතේ ඔයා වෙනුවෙන් ඉතුරුකරලා තිබුණු ඉඩ දැක්කේ නැද්ද? "

"උත්තර ලැබෙන්නේ නෑ කියලා දැන දැනත් ඔයාගෙන් අහන්න දේවල් ගොඩක් තියෙනවා."

"මගේ බනී හිතන් ඉන්නේ මන් ඔයා එක්ක තරහයි කියලද.මං ඔයා එක්ක පොඩ්ඩක්වත් තරහා නෑ.මට තරහා මං එක්කමයි.මගේ මුරණ්ඩුකම හින්දා ඔයාගේ ආදරේ මං පිළිගත්තේ නෑ.ඒත් දැන් ඔයාගේ අහිංසක හිත රිද්දුවට මට ලැබෙන්න ඕනි දඬුවම ලැබිලා ඉවරයි."

ඒත් එක්කම ජන්කුක්ගේ සොහොන ලඟට වෙලා හිටපු ටේහයුන්ගේ අතට කැස්සත් එක්ක ආපු ගාර්ඩනීයා මල් පෙති හුළඟට පාවෙලා ගිහින් ජන්කුක්ගේ සොහොන් කොත උඩ තැන්පත් වුනා. 

ඒ එක්කම ජන්කුක්ගේ සොහොනේ තිබුණු ගාර්ඩනියා පැළේ තිබුණු මලකින් ගිලිහුණු මල් පෙති කිහිපයක් හුළඟ දිගේ ගිහින් ජන්කුක්ගේ සොහොන මත තැන්පත් වෙලා තිබුණු මල් පෙති මතින්ම තැන්පත්වුනේ තාමත් ජන්කුක්ගේ ආත්මය ටේ ලඟින්ම ඉන්න බව දන්වන ඉඟියක් වගේ.

ඒ දිහා බලන් හිටිය ටේගේ තොල් අතර හිනාවක් ඇඳෙද්දී ටේගේ ඇස් වල කඳුළු කැට දිලිසුනේ ඒ ඇස් තවත් දීප්තිමත් කරලා.

ටේටත් ජන්කුක්ගේ ඉරණම අත් වෙද්දී ටේගේ ආදරයත් ඒක පාර්ශවික වුනා.මොකද ටේගේ ජීවිතේ සතුට හොයලා දීලා ඒ වෙනකොටත් ටේගේ ආදරවන්තයා ආයෙමත් නොයෙන ගමන් ගිහින් තිබුණු නිසා.

----------------------------------------------------------------

🌷𓂀 ℍ𝕒𝕟𝕒𝕙𝕒𝕜𝕚 𓂀 🌷ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ [Completed✔]Where stories live. Discover now