19🥀

876 188 1
                                    

"එයා මේ ගෙදර විතරක් නෙමෙයි අපි හැමෝවම දාල ආයේ නොයෙන්නම ගියා"

ජිමින් මුහුණ බිමට හරවන් කිව්වත් ජිමින්ගේ කටහඬේ තිබුණු වෙව්ලීමත් එක්ක ජිමින් අඬන බව ටේහ්යුන්ග්ට  තේරුනා.

ජන්කුක්ගේ හදිසි මරණය ගැන ඇසීම ටේහ්යුන්ග්ව එකපාරටම කම්පනය කලත් ඒකට හෙතුවවත් තමන්ගේ හිත අමුතු දුකකින් පිරිලා යනවා වගේ හැඟීමක් දැනෙන්නේ ඇයි කියන්නවත් ටේහ්යුන්ග්ට අවබෝධයක් තිබුනේ නෑ.

"මට කණගාටුයි ඒ ගැන.ම්ම්ම් මම එහෙනම් යන්නම් පරිස්සමින් ඉන්න."

ටේහ්යුන්ග් හිතේ ඇතිවුණු කනස්සල්ලෙන් ආපහු යන්න හැරුණත් ඉස්සරහට තිබ්බ අඩිය එහෙම්මම නැවතුනේ ජිමින්ගේ කටහඬ නිසා.

"ඔහොම ටිකක් ඉන්න.ඔයාට දෙන්න දෙයක් තියෙනවා."

ටේහ්යුන්ග් ඇහිබැමක් උස්සල ඇයි කියල අහද්දී ඒ විදියට උත්තර දුන්න ජිමින් ටේහයුන්ගේ අතට ලා කහපාට පිටකවරයක් තියෙන පුංචි ඩයරි එකක් දුන්නා.ලා කහපාට පසුබිමේ කවර් එකේ මැද දිලිසෙන ග්ලිටර් වලින් හැඩ කරපු හා පැටියෙක්ගෙ රූපයක් තිබුනා.ඒ හා පැටියාගේ රූපේ මීට කලින් දැකලා හුරුපුරුදු බව ටේහ්යුන්ග්ට දැනුනත් ඒ කවද්ද කොතනකදීද කියන්න ටේහ්යුන්ග්ට හරියට මතක තිබුනේ නෑ.

ඩයරි එක අතට අරන් පරික්ෂකාරිව ඒ දිහා බලපු ටේහයුන්ග් ජිමින් දිහා අයෙමත් බැලුවේ මේ මොකක්ද කියලා අහන්න වගේ.ඒක තේරුම්ගත්ත ජිමින්,

"මේක කුකීගේ ඩයරි එක,එයා නැතිවෙන්න කලින් මගෙන් ඉල්ලුවා මේක ඔයාට දෙන්න කියලා.එයා ඔයාට කියන්න හිටිය දේවල් ඕකේ ලියලා තියෙනවා කිව්වා.ප්ලීස් මේක එයාගේ අන්තිම ඉල්ලීම ඕක කියවන්න."

"හ්ම්ම් thanks "

ටේහයුන්ග් ඩයරි එකත් අරන් පිටත් වෙන්න හැදුවත් ජිමින් නැවතවතාවක් ඔහුව නැවැත්තුවා.

"ඔයා කැමතිනම් මේක ජන්කුක්ගේ කාමරේට වෙලා කියවන්න,අපි තව වෙලා මෙහෙ ඉන්නවා.අස් කරලා එපාර්ට්මන්ට් එක අද බාරදෙන්න ඕනි"

ජිමින් කාමරයක් අතින් ටේහ්යුන්ග්ට පෙන්නුවම මොකුත් නොකියා යන්තමින් හිනා වෙලා ඔලුව වනපු ටේහ්යුන්ග් ජන්කුක්ගේ කාමරේ ඇතුලට ගියා.

ජන්කුක්ගේ කාමරේ ගොඩක් දුරට බඩු අයින් කරලා නිසා ජන්කුක්ගේ ෆෝන් එක වගේම තව බඩු කිහිපයක් ජන්කුක්ගේ ඇඳ උඩ තිබ්බා.

ටේහයුන්ග් කාමරය පුරාම එක් වතාවක් ඇස් යවලා ජන්කුක්ගේ ඩයරි එක පෙරලුවා.පෙරලුව පලවෙනි පිටුවෙම ටේහයුන්ග්වත් පුදුම කරමින් තිබුනේ Mr.බනී ටේහයුන්ග්ට ලියපු මුල්ම චිට් එකේ වගේම කඩදාසි කොලයක්.ඒකෙ තිබුනා වගේම හා පැටියෙක්ගෙ රූපයක මේ ඩයරියේ පිටුවලත් තිබුනා.

ඒ වගේම ඒ අකුරු,ඒ අකුරු ටේහ්යුන්ග්ට ඕනිම තැනකදී අඳුරගන්න පුළුවන්.ටේහ්යුන්ග්ට හිතාගන්න බෑ Mr.බනීගේ අත්අකුරු කොහොමද ජන්කුක්ගේ ඩයරියේ තියෙන්නේ කියලා.

ටේහයුන්ග් දැනුනු කුතුහලය නිසාම ජන්කුක්ගේ ඩයරිය වේගෙන් කියවන්න ගත්තා.වැඩිය දේවල් ඒ ඩයරි එකේ තිබුනේ නෑ.ඒත් ඒ තිබුණු දේවල් සේරම ලියලා තිබුනේ ටේහ්යුන්ග් ගැන.ජන්කුක්ගේ ස්කූල් කාලේ ඉඳන් කොලේජ් කාලේ වෙනකන් ටෙහ්යුන්ග් දිහා හොරෙන් බලන් ඉඳපු විදිය,ටේහ්යුන්ග්ට දුර ඉඳන් වුනත් ආදරේ කරපු විදිය,ජන්කුක් විදියට ටේට ලංවෙන්න බැරිවුනත් Mr.බනී නමින් ටේට ලන්වුනු විදිය මේ හැම දෙයක්ම ජන්කුක් එකිනෙක අකුරුකරලා තිබුනා,

ටේහ්යුන්ග්ට ඒ හැම වචනයක්ම කියවද්දී අදහාගන්න බැරිවුනා එයා මේ දකින්නේ ඇත්තක්ද කියලා.තියෙන කලබලෙටත් එක්කම ඩයරි එකේ තිබුණු දේවල්වේගෙන් කියවන ගිය ටේහ්යුන්ග්ට දැනුනේ එයාගේ ඇඟ සීතල වෙලා ගිහින් උගුරත් වේලිලා වගේ.ටේගේ හුස්ම හිරවෙලා ඇඟට පණ නෑ වගේ දැනෙද්දී තවත් කලබලෙන්  ඩයරි එකේ එක තැනක් වෙනකන් කියවන් ආපු ටේට දකින්න ලැබුනේ ජන්කුක් ටේ වෙනුවෙන් ලියලා තිබුණු කොටසක්.

------------------------------------------------------

🌷𓂀 ℍ𝕒𝕟𝕒𝕙𝕒𝕜𝕚 𓂀 🌷ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ [Completed✔]Where stories live. Discover now