පහුවදා ජන්කුක් යුනිවසිටි එකට ගියේ අද කොහොමහරි තමන්ගේ හැඟීම් ටේහයුන්ග්ට කියනවා කියලා දැඩිව අධිෂ්ඨාන කරගෙනයි උදේම ජිමින් එක්ක ලෙක්චර් හෝල් එකටගිය ජන්කුක් ජීමින්ටත් කියලා හෝල් එකෙන් එලියට ආවේ ලෙක්චර් එක පටන්ගන්න තවත් වෙලා තියෙන නිසයි.
ලෙක්චර් හෝල් එකෙන් එලියට ආව ජන්කුක් වෝශ්රූම් එක ඇතුලට ගියා.
"අහ්හ් හිඟන කොල්ලා මගේ වැඩේ කරන් ආවද "
"ඔව් ඉරේනා මෙන්න "
"ඉරේනා,.... තමුන් වගේ වැඩකට නැති අනාථයෙක්ට කොහෙන් ආපු හයියක්ද මට නම කියලා කතා කරන්න අහ්.. මිස් ඉරේනා කියනවා."
"හරි මිස් ඉරේනා "
"අන්න එහෙම. තමුසේ වගේ දෙකයි පනහේ උන් තමන්ගේ තරම දැනගෙනයි ඉන්න ඕනි "
ඉරේනා කියන්නෙ කොලේජ් එකේ හිටිය ලස්සනම කෙල්ල වගේම ටේහයුන්ගේ පවුල වගේම ගොඩක් පොහොසත් පවුලක එකම ළමයා.
ගොඩක් අහංකාර චරිතයක් වුනු ඉරේනා ටේහයුන්ග්ව ලබාගැනීමේ ආශාවෙන් හිටියා.හැමදාම තමන්ගේත් තමන්ගේ යාලුවෝ හැමෝගෙමත් එසයිමන්ට් ජන්කුක් ලවා කරවගන්න ඉරේනා පුරුදුවෙලා හිටියා. ඉගෙනගන්න දෙයක් කොච්චර කලත් වැඩි වෙන්නේ නැති නිසා ජන්කුක් වුනත් ඒ දේවල් ප්‍රතික්ෂේප කරන්නේ නැතුව කරලා දුන්නා.ඒ වගේම ඉරේනාගේ පවුලේ අයට මේ යුනිවර්සිටි එක අයිති වෙලා තිබුණු නිසා ඉරේනා එක්ක ප්‍රශ්නයක් ඇතිකරගන්න එක හොඳ දෙයක් නෙමෙයි කියලත් ජන්කුක් හොඳාකාරවම දැනගෙන හිටියා
ඒ වගේම අනිත් ළමයින්ගෙන් තමන්ට වෙන හැම කරදරයක්ම ජන්කුක් ජිමින්ගෙන් හැන්ගුවේ මේ දේවල් ජිමින් දැනගත්තොත් එයා කලබල වෙලා ප්‍රශ්නයක් ඇති කරගන්න නිසයි
එදා දවසේ කාලය ගතවීමත් එක්කම දවල් විවේක කාලය වෙනුවෙන් සීනුව නාද කල නිසා හැමලමෙක්ම සුපුරුදු විදියට කැෆේරියා එකට ඇවිත් හිටියා.
අදත් ටේහයුන්ග් එයාගේ යාලුවෝ එක්ක එයාලගේ තැන ඉඳගෙන ඉද්දී ජන්කුක් ජිමින් එක්ක කෙලවරේ තිබුණු ටේබල් එකකට වෙලා ටේහයුන්ග් දිහා බලන් හිටියා.
YOU ARE READING
🌷𓂀 ℍ𝕒𝕟𝕒𝕙𝕒𝕜𝕚 𓂀 🌷ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ [Completed✔]
FanfictionTop Tae Bottom Kook 📌Just Fanfiction taekook 💜 covered by @DimelzaPark cover shop