8🥀

914 203 18
                                    

ජිමින් ජන්කුක්ගේ පස්සෙන් දිව්වත් ජන්කුක් හරියටම ගිය දිහාව හොයාගන්න ජිමින්ට පුළුවන් වුණේ නෑ.

------------------------------------

ටේහයුන්ග් කොච්චර තරහෙන් කෑ ගැහුවත් ජන්කුක් එයා නිසා ජිවිතේ නැති කරගන්න උත්සාහකලා කිව්වම ටේහයුන්ගේ හිතට ලොකු වරදකාරී හැඟීමක් දැනුනේ තමන් නිසා ජීවිතයක් නැති වෙන්න තිබ්බා නේද කියලා හිතලයි. ඒ වගේම එයාගේ අතීතය ආයෙමත් එයාගේ ඉස්සරහට එන්න හදනවද කියලා ටේහ්යුන්ග්ට හිතෙන්න ගත්තා

සුපුරුදු විදියටම තමන්ගේ මනස නිදහස් කරගන්න පුළුවන් එකම විදිය Mr. බනී හම්බෙන එක කියලා හිතුව ටේහයුන්ග් සමර්හට් එකට ගියා.

මේ අතරේ වොෂ්රූම් එකක් ඇතුලේ හිටපු ජිමින්,

"ඔයා ටේහයුන්ග්ට එච්චරටම ආදරෙයිද කුකී. ඔයාගේ ජිවිතේ එයා වෙනුවෙන් නැති කරගන්න තරම් ආදරෙයිද එයාට. ඒ ආදරේ මං වෙනුවෙන් වුනානම් කවදාවත් ඔයාව රිද්දන්නේ නැතුව ජීවිත කාලෙම පරිස්සම් කරනවා මං. මම කොච්චර අවාසනාවන්තයිද. ඔයාගේ ආදරේ ලබන්න තරම් වාසනාවක්‌ නෑ මට‍ අද මට‍ තිබුණු අන්තිම බලාපොරොත්තුවත් නැතිවුණා කුකී. මං මෙච්චරකල් ඔයාගෙන් මගේ ආදරේ හන්ගන් හිටියේ ඔයාටත් මට වගේම මං ගැන ආදරයක් දැනෙන දවස එනකම්. ඒත් දැන් මං පරක්කු වැඩි නේද මැණික. ඔයාට මාව අමතක වෙලා. ටේහයුන්ග් වෙනුවෙන් මැරෙන්න යන තරමටම ඔයා එයාට ආදරේ කරන්න පටන්අරන්. මාව ඔයාට ඒ වෙලාවේ පොඩ්ඩක්වත් මතක් වුනේ නෑ නේද. ඔයා වෙනුවෙන් අවුරුදුගානක් තිස්සේ බලන් ඉන්න කෙනෙක් ඉන්නවා කියලා මතක් වුනේ නෑ නේද .
ඔයාගේ වැරද්දක් නෑ. මගෙයි වැරැද්ද. හොඳම යාලුවට ආදරේ කරපු එක වැරදි. මං ඔයාගෙ යාළුකමටත් ද්‍රෝහී වුණා. ඒකට මන් දඬුවම් විඳින්නම්. මට පුළුවන් ජීවිත කාලෙම දුරට වෙලා ඔයාට ආදරේ කරන්න. ඒකට තරහ වෙන්න එපා මාත් එක්ක.ඔයා ආදරේ ටේහයුන්ග්ටනම් මං ඔයාට උදව් කරන්නම් එයාව ලබාගන්න. මට මගේ මැණික වෙනුවෙන් කරන්න පුළුවන් එච්චරයි...."

ජිමින් එදා ජිවිතේ පලවෙනි වතාවට හුස්ම හිරවෙනකම් ඇඬුවා. එයාගේ හිතේ හිරකරන් හිටිය හැඟීම් හැමදේම කඳුළු වලට හරවලා ඒ කඳුළු ඔහේ ගලන් යන්න ඉඩ දීලා හිටියා. ඒ වගේම මෙච්චරකාලයක් රහසක් විදියට තිබ්බ දේ ඒ විදිහටම ඉස්සරහටත් රහසක් විදියටම පරිස්සම් කරන්න හිතුව ජිමින් වොෂ්රූම් එකෙන් එලියට ආවා.

_______________________________

🌷𓂀 ℍ𝕒𝕟𝕒𝕙𝕒𝕜𝕚 𓂀 🌷ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ [Completed✔]Where stories live. Discover now