12🥀

851 189 10
                                    

Mr බනී පහුවදා කොලේජ් එකේ සමර්හට් එකට එද්දී ටේ එයා වෙනුවෙන් පාර්සලයක් තියලා තියෙනවා දැක්කම ඒ හිත සතුටින් පිරිලා ගියා. ඒත් ටේගේ ආරාධනා පත්‍රය දැක්කම ඒ හිත ලොකු දුකකින් පිරිලා යන්න මොහොතක්වත් ගතවුනේ නෑ.

ඒ ආරාධනා පත්‍රයත් එක්කම ටේහයුන්ගේ ෆෝන් නම්බර් එකත් දීලා ගිහින් තිබුනා.ඒක අතට ගත්ත Mr. බනී ටේහයුන්ග්ට කෙටි පණිවිඩයක් යැව්වා. Mr. බනීගේ පණිවිඩයට ටේහයුන්ගෙන් එවලේම ප්‍රතිචාර ලැබුනා.

"Hi ටේටේ"

"Mr. බනී මේ ඔයාද "

"ඔව් "

"මං කෝල් එකක් ගන්නද,රූපේ දකින්න බැරි නිසා කටහඩ මෙහෙමවත් අහන්න ඕනි "

"එහෙම බෑ. දැන් ඔයා මං කියන දේ කරන්න ඕනි. ඒ වගේම එහෙ ඉන්න ෆාදර්ව මුණගැහිලා එයා කියන දේට ඇහුම්කන් දෙන්න ඕනි "

"ඒත් දැන් ඇයි මම එහෙට යන්න ඕනි "

"මාව විශ්වාසයිනම් ඔයා අනිවාර්යෙන්ම යන්න ඕනි "

"හරි මං යන්නම්. ඇයි අද කොලේජ් ආවේ නැත්තේ "

එතනින් එහාට Mr.බනීගෙන් උත්තර ලැබුනේ නෑ. ටේටත් තේරුම් ගියා Mr. බනීගෙන් මීට වඩා උත්තර නොලැබෙන බව.

පහුවදාම ටේ Mr. බනී කිව්ව විදියටම පල්ලියට ගියා. ඒත් එතනදී ටේහයුන්ග්ට දකින්න ලැබුනේ එයා ජිවිතේ කවදාවත් දකින්න බලාපොරොත්තු වුණු කෙනෙක්වනම් නෙමෙයි.

"අප්පා "

"ටේ "

ටේව දකිද්දී Mr. කිම්ගේ ඇස්වලට කඳුළු පිරුනා. ඒත් ටේහ්යුනම් හිටියේ ගොඩක් කේන්තියෙන්.

"මාවයි ඔම්මව්යි අනාථ කරලා කරපු පව් කමා කරගන්නද මෙහෙම තැනක ඉන්නේ "

ටේහයුන්ග් කේන්තියෙන් කෑගැහුවත් Mr. කිම් ඒකට මොකුත්ම කිව්වේ නෑ. ඒ වෙනුවට Mr. කිම් තවත් ප්‍රශ්නයක් ටේගෙන් ඇහුවා.

"අර හුරතල් පිරිමි ලමයා ඔයාගේ යාලුවෙක් නේද "

"අහ්හ් Mr. බනී කිව්වේ මට තමුන්ව හම්බවෙන්න කියලද, මේ අහනවා තමුන්ට ඕනි ඔම්මට්යි මටයි කරපු දේවල් වලට සමාව ගන්නනම් මතක තියාගන්නවා ඔම්මා සමාව දුන්නත් මම කවදාවත් සමාව දෙන්නේ නෑ "

"සමාව ගන්න ඕනි නෑ මට, මං දන්නවා මම සමාවක් ලබන්න සුදුසු නෑ කියලා. ඒත් ඔයාගේ යාළුවා වෙනුවෙන් මට ඇහුම්කන් දෙන්න ඔයාට පුළුවන් නේද "

ටේහයුන්ග් කොච්චර කේන්තියෙන් හිටියත් Mr කිම් ගොඩක් සන්සුන්ව හිටියා. Mr. කිම් දිහා කිසිම හැඟීමක් නැතුව බලන් හිටපු ටේහයුන්ග් අන්තිමේදී Mr. කිම්ට ඇහුම්කන් දෙන්න කැමති වුනේ එයාට Mr. බනීව විශ්වාස නිසයි.

ඒ විදියට Mr. බනීට කියපු කතාවම පියතුමාගෙන් ටේහයුන්ග්ට අහන්න ලැබෙද්දී ටේහයුන්ග්ට හිතා ගන්න බැරිවුණා තමන් කොහොමද මේ දේට ප්‍රතිචාර දක්වන්න ඕනි කියලා. ඒ වගේම තමන් මෙච්චර කාලයක් ඇත්ත කියලා දැනගෙන හිටිය හැමදෙයක්ම බොරුවක් කියලා දැනගනිද්දී, තමන්ගේම පවුලේ අය එයාලව රවට්ටලා ජිවිතේ විනාශ කලා කියලා දැනගනිද්දී ටේහයුන්ග්ට කියාගන්න බැරි තරම් තරහවක් වගේම ලොකු අසරණකමක්‌ දැනුනා.

ටේහයුන්ග්ට මුලදී Mr. කිම් කියන දේවල් විශ්වාස කරන්න ඕනි වුනේ නැතත් Mr. කිම්ගේ දැනටමත් අහිමිවුණු දකුණු අත ඒ හැම වචනයක්ම විශ්වාස කරන්න පුළුවන් සාක්ෂියක්‌ වුණා.

"මට සමාවෙන්න අප්පා,... මමවත් ඔම්මවත් මේ කිසි දෙයක් ගැන දැනගෙන හිටියේ නෑ. ඔයා අපිව දාල ගියාට පස්සේ මට ඔම්මගේ ආදරෙත් නැතිවුණා අප්පා.... මං තනිවුනා. ඉතින් මම ඔයාගැන තරහක් ඇති වුණු එක වැරද්දක්ද. මං වෙන මොනව කරන්නද "

_

_______________________

ishaniweerasekara මේ බබා තමයි මේ chapter එකයි. ඊළඟට දෙන්න තියෙන එකයි දෙකම type කරලා දුන්නේ. Thank u නංගා ❤️❤️
mention a user

🌷𓂀 ℍ𝕒𝕟𝕒𝕙𝕒𝕜𝕚 𓂀 🌷ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ [Completed✔]Where stories live. Discover now