7🥀

884 205 6
                                    

"කියනවා ජියොන් ජන්කුක් ඒ ටේහයුන්ග් නිසාද"

ජිමින් අහද්දී ජන්කුක් පිළිතුර වෙනුවට ඔලුව වනලා තවත් අඬමින් ජිමින්ට තුරුල් වුනා. ඒත් තාමත් ජන්කුක්ගේ උත්තරය විශ්වාසකරගන්න බැරුව බලන් හිටිය ජිමින් ජන්කුක්ගේ අතිනුත් අල්ලන් ඒ ඇස් දිහා බලන් ඉඳලා වේගෙන් ජන්කුක්වත් ඇදගෙන සීනියර් ළමයින්ගේ ලෙක්චර් හෝල් පැත්තට ගියා. ජිමින් ඇදගෙන යන එකටවත් විරුද්ධව එක වචනයක්වත් කියපු නැති ජන්කුක් කලේ නොනවත්වාම අඬන එක විතරයි.

ටේහයුන්ග් තමන්ගේ යාලුවෝ එක්ක ඉන්න ලෙක්චර් හෝල් එකට ජන්කුක්වත් ඇදගෙන ගිය ජිමින් ෆෝන් එක ඔබමින් හිටපු ටේහයුන්ගේ කොලර් එකෙන් අල්ලන් නැගිට්ටවලා මූණට පාරක් අතමිටමොලවල ගැහුවේ පහරේ සැර වැඩිකමට ටේහයුන්ගේ නහයෙන් ලේ එද්දීයි.

"දැන් තමන්ට සතුටුයිද මිනිහෝ. කොහොමද ඔහොම මනුස්සයෙක්ගේ ජීවිතයක් එක්ක සෙල්ලම් කරන්නේ කියපන් මට"

ජිමින් ටේහයුන්ගේ කොලර් එකෙන් අදිමින් කෑ ගහද්දී ටේහයුන්ග් වගේම එතන හිටිය අනිත් අයත් පුදුමවුනා.

"මේ අහන්න පාර්ක් ජිමින්. ඔයාගේ යාලුවට මං කියපු දේ ගැනනම් මේ කතා කරන්නේ මෙතන ඔයා නෙමෙයි ඔහොම හැසිරෙන්න ඕනි මමයි. ඒ නිසා බොරුවට මෙතන තව ප්‍රශ්නයක් දාගන්නේ නැතුව මේ යාළුවාව පැත්තකට කරලා තියාගන්නවා."

ටේහයුන්ග් ජිමින්ගේ අත් කොලර් එකෙන් අයින් කරන ගමන් කියද්දී ජිමින් ආයෙමත් කෑ ගහගෙන ටේහ්යුන්ග්ට ගහන්න පනිද්දී ටේහයුන්ගේ යාලුවෝ ජිමින්ව තදට අල්ලගත්තා.

"තමුසෙට හිතක්පපුවක් නැද්ද. මේ කොල්ලා තමුන් නිසා අද මැරෙන්නයි හැදුවේ. තමුන්ට ආදරේ කරපු එකද මේ අහිංසකයා කරපු වැරැද්ද.තමුන්ට ඒ ආදරේ භාරගන්න බැරිනම් ඇයි ඒක තෙරුම්කරලා නොදී මෙහෙම ජීවිතයක් එපා කරවන්නේ."

ජිමින් සද්දෙට ටේහයුන්ගෙන් අහද්දී දුකට වගේම කේන්තියට ජිමින්ගේ ඇස් වලිනුත් කඳුළු වැටුනා.

ටික වෙලාවක් පැත්තකට වෙලා අඬන ජන්කුක් දිහා බලන් හිටිය ටේහයුන්ග් ජන්කුක් ළඟට ආවේගයෙන් ගිහින් ජන්කුක්ගේ බෙල්ල එයාගේ අත් අතරට තද කරගත්තා.

"මගෙන් පළිගන්නද එහෙම කරන්න හැදුවේ."

"අතෑරපන් එයාව"

ජිමින් ටේහයුන්ගේ ග්‍රහණය නිසා නිසා බෙල්ලත් අල්ලන් වේදනාවෙන් ඇඹරෙන ජන්කුක්ව එයා ලගට ගත්තා.

"මන් තමුන්ට අකැමති වුණු නිසාද මැරෙන්න ගියේ. ඔව් පුළුවන්නේ එතකොට මගෙන් පලිගන්න. මට ලැජ්ජයි තමුසේ ගැන."

ටේහයුන්ග් කියද්දී ජිමින් ආයෙමත් ටේහයුන්ග්ට ගහන්න පැන්නත් ජන්කුක් ජිමින්ගේ අත තදින් අල්ලගත්තා.

"අනේ චිමී එයාට රිදෙයි. අනේ අපි දැන් මෙතනින් යන්."

"ආයිෂ් ඔයාට මෙච්චර රිද්දලත් මේ මිනිහා ගැනමනේ තාම හිතන්නේ"

"තමුන්ගේ බොරු රඟපෑම ඉවරයිනම් මට පාඩුවේ ඉන්න දීලා යනවා. ගිහින් තමුන්ගේ මායම් වලට අහුවෙන වෙන කොල්ලෙක්ව හොයාගන්නවා"

ටේහයුන්ග් තර්ජනාත්මක බැල්මකින් ජන්කුක් දිහා බලන් කියද්දී ටේහයුන්ගේ ඇස් රතුපාටින් දිලිසුනේ ඒ ඇස් වල ජන්කුක් එක්කතිබුනු තරහ කොච්චරද කියලා ජන්කුක්ට පෙන්නමින්.

තවත් වෙලා එතන ඉන්න බැරි නිසා ජන්කුක් එතනින් සමර්හට් එක පැත්තට දිව්වේ ජිමිනුත් ඒ පස්සෙන් දුවද්දීයි.

__________________________

🌷𓂀 ℍ𝕒𝕟𝕒𝕙𝕒𝕜𝕚 𓂀 🌷ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ [Completed✔]Where stories live. Discover now