ජිමින් ජන්කුක්ව එක්කන් කැෆෙරියා එකට ආවේ හවස තිබ්බ ලෙක්චර් එකට යන්න තරම් සුදුසු මානසිකත්වයක දෙන්නම හිටියේ නැති නිසයි. ඒ එද්දිත් ගොඩක් ළමයි ජන්කුක් දිහා අමුතුවට බැලුවත් ඒ ඇයි කියලා ජන්කුක්ටවත් ජිමින්ටවත් තේරුනේ නෑ. ඒත් මේ වෙනකොට ජන්කුක් ටේහයුන්ගෙන් කැමැත්ත අහලා ප්‍රතික්ෂේප වුනු පුවත මුළු යුනී එක පුරාම වේගෙන් පැතිරෙමින් තිබුනා. කැෆේරියා එකට ඇවිත් වැඩි වෙලාවක් යන්න වුනේ නෑ ජිමින් එක්ක ටේබල් එකක ඉඳන් හිටිය ජන්කුක් කම්මුලත් අල්ලන් බිමට වැටුනේ ලැබුණු පහරේ දරුණුකමටයි.
"තමුසේ කොහොමද හිඟන්නෝ අර වගේ ලැජ්ජා නැති වැඩක් කලේ.. අහ්හ් මට අමතකවුනානේ තමුනුත් කොහෙහරි මිනිහෙක්ගෙන් ලමෙක් හදාගත්ත ගෑනියෙක්ගෙන් ඉපදුනු එකෙක් කියලා. ඉතින් කොහෙද ලැජ්ජාවක්.තමුසේ වගේ කාලකන්ණි මොකට මේවගේ තැන් වලට ගන්නවද මන්ද .තමුන් මේටික හොඳට අහගන්නවා... ටේ කියන්නේ මගේ හස්බන් වෙන්න ඉන්න කෙනා අපේ ෆැමිලි වලින් දැනටම වෙඩින් එක ප්ලෑන් කරලා ඉවරයි. ඒ නිසා එයාගෙන් ඈත්වෙලා ඉන්නාව. අනික ටේ වගේ ලොකු බිස්නස්මන් කෙනෙක්ගේ පුතෙක් තමුසේ වගේ කමකට නැති හිඟන්නෙක්ට කැමති වෙයි කියලා හිතුවේ කොහොමද මට ආයේ කියන්න තියන්න එපා."
හදිසියේම එතනට ආව ඉරේනා ජන්කුක්ට මේ විදියට අපහාස කරමින් බනිද්දී ජන්කුක් කලේ කම්මුලත් අල්ලන් අඬන එක විතරයි.
බැනලා ඉවරවුණු ඉරේනා ජන්කුක්ගේ බඩට කකුලෙන් අනිද්දී ඒ මැද්දට පැන්න ජිමින් ඉරේනාව පැත්තකට තල්ලු කළා.
"අහකට යනවා ඉරේනා... තමුසෙට මොනවා වෙලාද මගෙන් මැරුම් කන්නද ඕනි. ටේ තමුන්ගෙනම් තියාගන්නවකෝ මේ අහිංසකයට වදදෙන්නේ ඇයි"
"හාහ් අහිංසක.. ඇයි මහලොකු යාළුවා කරපු වීරකම ගැන කිව්වේ නැද්ද. මූ ගිහින් මගේ ටේගෙන් යාලු වෙන්න අහලා. වෙලාවට ටේ මේ වගේ එවුන්ට අහුවෙන්නේ නැත්තේ. ඇත්තමයි ජිමින් ඔයා හොඳ ෆැමිලි එකක කෙනෙක් වෙලත් ඇයි මේ වගේ වටේ යන උන් ආශ්‍රය කරන්නේ"
ජිමින් පුදුමෙන් ඉරේනා දිහා බලන් ඉද්දි ජිමින් දිහා සමච්චල් විදියට බලපු ඉරේනා එතනින් යන්න ගියා.
ඉරේනා කිව්ව දේත් එක්ක ජිමින් ගොළුවුනේ ජන්කුගෙන් එයා මෙහෙම හැසිරීමක් කවදාවත් බලාපොරොත්තු නොවුණු නිසයි.
"මේ ඇත්තද කියන්න ජන්කුක්"
බිමට වෙලා ඉකි ගහන ජන්කුක් දිහා බලාලා ජිමින් ඇහුවත් උත්තරයක් ලැබෙනවා වෙනුවට වුනේ ජන්කුක්ගේ කඳුළු තවත් වැඩි වුනු එක විතරයි.
ජන්කුක්ගේ නිහඬ බවෙන් තමන්ගේ ප්‍රශ්නෙට උත්තරය හොයාගත්ත ජිමින් ජන්කුක් ලඟට ගිහින් ජන්කුව නැගිට්ටවලා ජන්කුක්ගේ අත් දෙක අල්ලගත්තා .ඒ වෙනකොට ජන්කුක්ගේ වගේම ජිමින්ගේ ඇසුත් කඳුළුවලින් පිරිලා තිබුනා.
"කුකී ඔයා කලින් ජිවිතේ නැති කරගන්න ගියේ මේ නිසාද අහ්හ්...කියන්න මට ටේහයුන්ග් නිසාද ඒ"
ජිමින් මුලදී සන්සුන්ව ඇහුවත් අන්තිම ටික අහද්දී ජිමින්ගේ හඬේ දුක මිශ්‍රිත ක්‍රෝපයක් තිබුනා.
ජන්කුක්ගෙන් කිසිම පිළිතුරක් නැති තැන ජන්කුක්ගේ උරහිස්වලින් අල්ලන් සොලවන්න ගත්ත ජිමින් කලින් ප්‍රශ්නෙම ආයෙමත් ඇහුවා.
"කියනවා ජියොන් ජන්කුක් ඒ ටේහයුන්ග් නිසාද"
____________________________________
YOU ARE READING
🌷𓂀 ℍ𝕒𝕟𝕒𝕙𝕒𝕜𝕚 𓂀 🌷ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ [Completed✔]
FanfictionTop Tae Bottom Kook 📌Just Fanfiction taekook 💜 covered by @DimelzaPark cover shop