ජන්කුක්ගේ අවසාන මොහොතේත් ටේහ්යුන්ග් ගැනම හිතන එක ජිමින්ට ගෙනාවේ ලොකු දුකක්.ඒත් ජිමින් එයාගේ කඳුළු හන්ගන් ව්‍යාජ හිනාවක් මුහුණේ තියාගෙන කතා කළා.
"මං ඔයා කිව්ව විදියට කරන්නම් "
ජන්කුක් ජිමින්ගේ ඇස් දිහා බලන් අමාරුවෙන් හුස්ම ගන්න ගමන් යන්තම් ඇස් වලින් හිනාවුනා.දෙන්නම එකිනෙකාගේ ඇස් වල මොහොතක් පැටලිලා හිටියේ හරියට ඇස් වලින් කතාබහා කරනවා වගේ
ඒත් හිතුවෙවත් නැති විදියට එක පාරටම ජන්කුක්ට ආයෙමත් ලේ වමනේ වෙන්න ගත්තා,ජිමින් කලබලෙන් ජන්කුක්ව එයාගේ ඇඟට වාරු කරගත්තත් ජන්කුක්ට ශක්තියක් නෑ.මේ අතරේ ජන්කුක්ගේ කටින් වෙනදාටත් වඩා මල් පෙති පිටවෙනවා කියලා ජිමින් දැක්කා.ජිමින් ජන්කුක්ගේ මුහුණ එයාගේ පපුවට හේත්තු කරන දිගටම ජන්කුක්ගේ ඔලුව මෘදුව අතගෑවේ මං ඔයා ලඟින්ම ඉන්නවා කියන්න වගේ.
ජන්කුක් එයාගේ දුර්වල අඩවන් ඇස් වලින් ජිමින් දිහා බලන් කතා කරන්න උත්සහ කලත් ජන්කුක්ගේ හඬ ජිමින්ට ඇහෙන්න තරම ශක්තිමත් වුනේ නෑ. ගොඩක් දුර්වල කටහඬකින් ජන්කුක් අන්තිමට කිව්වේ,,,
"චිමි... මං දන්න...වා ඔ..යා මට ආදරේ කරනවා.... කිය...ලා සමාවෙන්න මට ඔයා...ගේ වෙන්න බැරි වුනාට..."
ජන්කුක්ගේ කටින් පුංචි කෙඳිරිල්ලක් වගේ පිටවෙද්දී මෙච්චර වෙලා අඩවන්ව තිබුණු ඇස් සදහටම පියවුනා. ජිමින්ගේ ඇස් වලින් එලියට එන්න දඟලපු කඳුළු ලද අවසරෙත් එක්ක නැවතුමක් නැතුව ගලයද්දී ජිමින්ගේ අතක තදින් පැටලිලා තිබුණු ජන්කුක්ගේ අත ජිමින්ගේ අතෙන් ලිහිල් වුනා .
ජන්කුක්ගේ අවසන් හුස්මත් එක්ක වාතයට මිශ්‍ර වුනු ගාර්ඩනියා මල් පෙති ජන්කුක්ගේ නිසල සිරුර වටා තැන්පත් වෙද්දී ජිමින් තාමත් උණුසුම ගියේ නැති ජන්කුක්ගේ සිරුර තව තවත් තමන්ගේ තුරුලට ගත්තේ නිහඬවම අඬමින්.හැමදාමත් වගේ ජිමින්ගේ ආදරේ අදත් නිහඬයි.ජිමින් ජන්කුක්ට අවුරුදු ගානක් නිහඬවම ආදරේ කළා.
---------------------------------------------------------
ජන්කුක්ගේ මරණෙන් සතියක් ගත වෙලා ගියේ කිසිම විශේෂත්වයක් නැතුව. ටේහයුන්ග් එදා ජන්කුක්ගේ එපර්ට්මන්ට් එකට ආවේ හදිසියේම හේතුවක් නැතුව ජන්කුක් එක්ක සිද්දවුණු දේවල් මතක් වුනු නිසා.එදා ජන්කුක්ට බැනලා පිටවෙලා ගියත් තමන් අතෙත් වැරද්දක් තියෙනවා නේද කියන කාරණාව ටේහයුන්ගේ හිතට නිතර වද දුන්නා.
ටේහයුන්ග් එපාර්ට්මන්ට් එකට එද්දී මිනිස්සු බඩු පෙට්ටි වාහනේකට පටවනවා
"ජන්කුක් කොහේ හරි යන්නද හදන්නේ "
එළියේ ඉඳන්ම මුමුණපු ටේ ගේ ඇතුලට ගියත් බලාපොරොත්තු වුනු විදියට ජන්කුක් වෙනුවට හිටියේ ජිමින්.
ටේහයුන්ගේ මුහුණ නැවතවතාවක් දකිද්දී ජිමින්ගේ හිතේ ජන්කුක්ට සිද්දවුණු අසාදරණය නිසා කේන්තියක් ඇතිවුණත් ජිමින් ඒ කේන්තිය පාලනේ කරගන්න ගමන් හිනාවක් මුහුණේ ඇඳන් ටේහයුන්ග්ට කතා කළා
"ටේහයුන්ග් ඔයා මොකද මෙතන කරන්නේ "
ජිමින්ගේ සන්සුන් වචන ටේහ්යුන්ග්ට ගෙන ආවේ පුදුමයක්.ජන්කුක්ට තමන් අතින් කියන්න බැරිතරම් වැරදි වෙලා තියෙද්දී ජිමින්ගෙන් මෙහෙම හැසිරීමක් ටේහ්යුන්ග් බලාපොරොත්තු වුනේ නෑ.
"මම ආවේ ජන්කුක්ව හම්බවෙන්න.එයා ගෙවල් දාල කොහෙහරි යනවද."
ටේහ්යුන්ග් බදු වාහනේකට පටවන පිරිස ඇඟිල්ලකින් පෙන්නලා අහද්දී ජිමින්ගේ මුහුණේ බොරුවට වුනත් ඇඳිලා තිබුණු හිනාව ක්ෂණයකින් අතුරුදහන් වෙලා ගියේ මුහුණත් බිමට හරවමින්
--------------------------------------------------------------------------------------
YOU ARE READING
🌷𓂀 ℍ𝕒𝕟𝕒𝕙𝕒𝕜𝕚 𓂀 🌷ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ [Completed✔]
FanfictionTop Tae Bottom Kook 📌Just Fanfiction taekook 💜 covered by @DimelzaPark cover shop