මුලු සෝල් නගරයම හිම වලින් වැහිලා ගිය සීත කාලෙ පටන් අරන් දැන් මාසයක්ම ගෙවිලා වුණත් වසරේ අවසාන කාලය හේතුවෙන් කලබලෙන් එහාට මෙහාට යන මිනිස්සු වගේම වාහන දිහා තට්ටු ගානක ගොඩනැගිල්ලේ තරමක් උසින් තිබුණ කැබින් එකක පැහැදිලි වීදුරුවෙන් බලන් හිටියෙ ඉයෝන් කම්පැණි එකේ CEO පාර්ක් ජීමින්. පාරක් පාරක් ගානෙ සරසලා ලස්සන කරලා තිබුණ නත්තල් සැරසිලි ලගින් එහා මෙහා වෙන පොඩියට පේන මිනිස්සු අතරෙ ජීමින්ගෙ ඇස් දෙක ගියේ පොඩි ලමයෙක්ගෙ අතින් අල්ලන් පාරෙ ඇවිදන් යන ගෑණු කෙනෙක් ලගට. අවුරුදු පහක විතර පොඩි පිරිමි ලමයෙක් පාරෙ තිබ්බ හිම උඩ නට නට ඔම්මගෙ අතේ එල්ලිලා ඇවිදන් ගියේ හරිම සතුටෙන්. ටික වෙලාවකට තමන්ගෙ අතීතෙ මතක් කරගන්න ඒ දැකපු දේ ජීමින්ට ඕනිවටත් වඩා වැඩි. ඇස් දෙක පියාගෙනම අතීතේ මතක් කරන් ඇහැ අගට ආපු කදුල ඇස් දෙකෙන් පිටතට වැටෙන්න නොදී ජීම්න් තමන්ටම මුමුණගත්තේ හැමදාම හිර කරන් හිටපු ඒ වේදනාව.
"ඔම්මා බොගෝෂිප්පසයෝ .."
සුව පහසුව ආසනයක ඉදගෙන අතීතෙ හිර වෙලා හිටපු ජීමින්ට වැඩි වෙලාවක් එහෙම ඉන්න ලැබුණෙ නැත්තේ සුපුරුදු විදිහටම ඇහුණ කටහඩ නිසා.
"හ්යොන්ග් ... මං ආවෝ.."
"කුකී.. "
තනිකමෙන් ගෙවපු ජීවිතේ ජීමින්ගෙ තනිය මකපු තමන්ගෙ නොවන සහෝදරයා. තමන්ගෙ කියලා හිටපු මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ගෙවපු ජීවිතේ වැඩිපුරම තමන්ගෙ කියලා කෙනෙක්ට හිටියෙ ජන්කුක්.
"අද කලින්ම ඇවිත් මොකද? හවස ලෙක්චර්ස් කට් කරලා එහෙම නෙවෙයිනෙ ආවෙ."
"අනී.. හවස ලෙක්චර්ස් නෑ. මං ආවෙ ලොකු දෙයක් හොයාගෙන. "
ජන්කුක් බෑග් එකත් කැබින් එකේ තිබුන සෝෆා එකට විසි කරලා ජීමින්ගෙ ඉස්සරහින් ඉදගත්තෙ ලොකු දෙයක් කියන්න වගේ.
"මොකක්ද? ඇයි මේ පාර කාවද දාගත්තේ ?"
ජීමින් නෝන්ඩියට වගේ ඇහුවෙ මේ වෙද්දි ජන්කුක්ට ගණන් කරන්න බැරි තරමට කෙල්ලො ඉදලා තිබුණ නිසා.
"යාහ් .. මේක අහලා ඉන්නවකෝ. අන්න ටේහ්යොන් හ්යොන්ග් ගන්න බෑ කියපු බිස්නස් එකට ආපහු බැහැලා. "

ВЫ ЧИТАЕТЕ
𝙺𝚎𝚎𝚙 𝙸𝚝 𝙸𝚗 𝙼𝚢 𝙷𝚎𝚊𝚛𝚝 | 𝙿𝙹𝙼 ✔️
ФанфикA PJM fanfiction ✍story by blacklove.. ✨cover by Baby_gguk_ Published date :- 2021.11.30