ජීමින් කෙල්ලට හැමදේම කිව්වා. කෙල්ලට කියන්න දෙයක් තිබ්බෙ නෑ කොල්ලගෙ හිත හදනවා ඇරෙන්න. මෙච්චර දුකක් හිතේ තියාගෙන විදවපු විදිහ දැක්කම කෙල්ලට දුකයි.
ජීමින් හැමදේම හොද විදිහට විසදෙයි.
හොද විදිහට විසදෙන්නෑ ආරා. මං ඉවර කරනකන් මේවා නිකන් විසදෙන්නෑ.
එහෙම කියලා කොල්ලා නැගිට්ටා.
හරි හරි. දැන් ඉතින් කාලා ඉන්නකො. දැන් කොහොමද ඔලුව.
දැන් හොදයි. මේ බැන්ඩේජ් එක කවදා ගලවලා දාන්න ඕනි. හරිම වදයක් ඔලුවට.
අනී අනී.. ඕක හොද වෙනකන් ගලවන්න බෑ. මං කිටීව තියන්න තැනක් බලලා එන්නම්. ඔයා කන්න.
හචින්..
ඔය මොකද? දැන් ටික වෙලාවක ඉදන් නහය උඩට ඇද ඇද ඉන්නේ. අසනීපයක්වත්ද?
කෙල්ල කොල්ලගෙ නලලට අතත් තියලා බැලුවා.
අනී.. මට ඔය පූසො ඇලජික්.
යාහ්.. කියන්න එපැයි. එහෙනම් ඉතින් මෙයාට මෙහෙ ඉන්න බෑනෙ. ටාෂිටවත් දෙන්න ඕනි.
අන්ද්වේ.. මං ආසයි පූසොන්ට. අපි මෙහෙ තියාගමු.
ඔහොම හචින් යව යවද?
දේ.. උඩින් ගිහින් තියන්න.
කොල්ලා එහෙම කිව්වම කෙල්ල හිනා වෙවීම පූසත් අරන් උඩට ගියා. ලොකු වැඩක් තිබ්බෙ නැතත් කොල්ලා සාලෙට වෙලාම ලැප් එක අරන් ඔෆිස් එකේ වැඩ කරා. කුකී ආවට පස්සෙ දෙන්නම එකතු වෙලා මින්හෝ ගැන කතා කරේ.
හියුන් මොකක්ද දැන් ප්ලෑන් එක.
මින්හොව ගෙන්න ගන්න ඕනි ඉස්සල්ලාම. යුන්ගි හියුන් කේස් එකක් ෆයිල් කරාලු. තව සති දෙකකින් නඩුව තියෙනවා. ඌ කෙලින්ම එන්නෙ නඩුවට. ඌ ගාව මගේ එකෙක් ඉන්නවා. ඌ නඩුවට ගියාට පස්සෙ කෙලින්ම යන්නෙ ක්ලබ් එකට. එතනදි ඌව ඩවුන් කරලා දේගු ගෙනියන්න ඕනි. එතකන් ටේගෙ ඔම්මා කිසි දෙයක් දැනගන්න බෑ. යුන්ගි කේස් එක හැන්ඩ්ල් කරනවා කියලා දැනගත්තම ඌ එන්නෙ ප්ලෑන් එකක් ඇතුව. ටේගෙ උදව්වෙන් කොහොමහරි ටේගෙ ඔම්මට ඒ දවස් ටිකට මුකුත් කරගන්න බැරි කරන්න ඕනි. ඒත් එයා මෙහෙ හිටියොත් ලමයි ටිකව තමයි ගන්නෙ මින්හො වෙනුවට.
YOU ARE READING
𝙺𝚎𝚎𝚙 𝙸𝚝 𝙸𝚗 𝙼𝚢 𝙷𝚎𝚊𝚛𝚝 | 𝙿𝙹𝙼 ✔️
FanfictionA PJM fanfiction ✍story by blacklove.. ✨cover by Baby_gguk_ Published date :- 2021.11.30