Chapter 10

210 40 1
                                    


ආරා.. මං එන්නද?

දොර ලගට ගිහින් කතා කරාම කෙල්ල ඇවිත් දොර ඇරියා.

එන්න සර්.

යාහ්.. මෝඩි මං කිව්වා නේද සර් කියන්න එපා කියලා. ආ.. මේ ටික හොබී හියුන්ගෙ නූනා ගෙනාවෙ. හරියන ඇදුම් තියෙයිද දන්නෑ. අදට ඕක ඇදගන්න.

කන්සමිදා ජීමින්ෂී.

කෙල්ල ඇදුම් ටික බෙඩ් එක උඩින් තියද්දි ජීමින් පුටුවෙන් වාඩි වුණේ කෙල්ලගෙන් සමාව ගන්න.

මියානේ ආරා.. මං ඉස්සල්ලා කෑ ගැහුවට. මං නිසා ඔයත් මේවට පැටලිලා. ඔයාව තනියම යවලා ඔයාගෙ ජීවිතේ අනතුරේ දාන්න බෑ මට. ඒකයි ඉස්සල්ලා කෑ ගැහුවෙ. මට ඔයාවත් නැති කරගන්න බෑ.

ජීමින්ෂී.. මට තේරෙන්නෙ නෑ මේ කිසි දෙයක්. මට බයයි.

ඔයාට කිසිදෙයක් වෙන්න දෙන්නෙ නෑ මං. බය නොවී ඉන්න. මාව විස්වාස කරන්න.

හේතුවක් නැතුව විශ්වාස කරන්නෙ කොහොමද ජීමින්ෂී.. මාව මෙහෙ කොච්චර කල් තියා ගන්නද? මොකටද මගේ පස්සෙන් ආවෙ. මේ කිසි දෙයක් මට හිතා ගන්න බෑ.

කෙල්ල කදුලු එක්ක කියාගෙන කියාගෙන යද්දි ජීමින් කෙල්ල ලගට ඇවිත් කෙල්ල ලගින් ඉදගත්තා.

මියානේ.. මගේ වැඩ නිසා ඔයා දුක් විදිනවා. මගේ ලමයි ටික බේරගන්න ඕනි මට. එහෙන් හියුන්ලා කුකීලා ඔක්කොම රිස්ක් එකක ඉන්නෙ. ටාෂි ලමයි අත ඇරලා ඉන්න බැරි තරම් ලමයිට ලං වෙලා ඉන්නෙ. එයාගෙ ජීවිතේ අනතුරේ. මට මේ වෙලාවෙ කරගන්න දෙයක් නෑ.

ඔයා කරන්නෙ හොද වැඩක්. ඒක නිසා මාව අනතුරේ වැටුණත් මට කමක් නෑ. ඒ ලමයි වෙනුවෙන් ඔයාලා මෙච්චර දේවල් කරද්දි මට ආත්මාර්ථකාමියෙක් වෙන්න ඕනි නෑ. කොහොම හරි ලමයි බේරගන්න.

ආරා කියලා දැම්මෙ ජීමින් මේ වෙලාවෙ ඉන්න තත්වෙට එයාව ජීමින්ට කරදරයක් නොවෙන්න ඕනි නිසා.

කුමාවො ආරා මාව තේරුම් ගත්තට. අනිත් දේවලුත් ඔය මොලේට ඔහොම තේරුණා නම් කොච්චර දෙයක්ද? මං යනවා. දොර ඇතුලෙන් ලොක් කරගන්න. අද අර මං දීපු ඇදුම් වල තිබ්බ නෝමල් ගවුම හෙට ඔෆිස් අදින්න. ටේට කියලා තියෙන නිසා ඒක අවුලක් වෙන එකක් නෑ.

𝙺𝚎𝚎𝚙 𝙸𝚝 𝙸𝚗 𝙼𝚢 𝙷𝚎𝚊𝚛𝚝 | 𝙿𝙹𝙼 ✔️Where stories live. Discover now