Chapter 04

261 47 1
                                    

ආහ්.. මැඩම්.. මංවත් දැනන් හිටියෙ නෑනෙ CEO ගෙ ෆියොන්සේ ගැන. කොහොම හරි නයිස් ටු මීට් යු.

කොල්ලා අත දික් කරාම තමයි කෙල්ලට තමන් කියපු දේ ගැන බයක් හිතුනේ. CEO ව දැකලවත් නැතුව ඔය වගේ කතාවක් කියලා ටේයොන්ට අහු වුණොත් අවසානෙ තමයි කියලමයි හිතුනෙ.

අහ්.. මේ.. සොරි.. මං දන්නැති අයට අත දෙන්නෙ නෑ.

කෙල්ලගෙ ඔලුව කැරකෙන එක වැඩි වුණා තාම ඉන්නෙ දහවෙනි ෆ්ලෝ එකේ නිසා කරගන්න දේකුත් නෑ. පණත් නෑ වගේ දැන්නම්. කෙල්ල ඔලුවට අත් දෙක තියාගෙනම බිමින් ඉදගත්තා.

මිස්.. මිස්.. මොකක් හරි අසනීපයක්ද?

ජීමින් ඒ ගමන නම් බය වුණා. කෙල්ලගෙ ඇක්ට් එකක් කියලා හිතුවත් හොදටම දාඩිය දාලා ඉන්න කෙල්ලව දැක්කම කොල්ලට අමුතුම බයක් දැනුනෙ. කෙල්ල ලගට ගිහින් ඉදගෙන කෙල්ලව අත් දෙකෙන් අල්ලගෙන මූණට වැටිලා තිබුණ කොණ්ඩෙ අයින් කරලා මූණ දිහා බැලුවා. ඇස් දෙක බාගෙට පියවෙලා දිග ඇහිපිහාටු නහය උඩ තිබ්බ ලපේ රෝස පාට වෙලා තිබ්බ කම්මුල් ලා රතු පාට තොල් දෙක දැක්කම කොල්ලගෙ හිතට මොකක්දෝ හැගීමක් ආවා.

වාහ්.. යෙප්පදා..

කොල්ලා හිතන්නැතුවම කටෙන් පැනපු වචන ටික නිසා කොල්ලට කෙල්ලගෙ අමාරුවත් අමතක වෙලා ගියා.

අහ්.. ඔලු..ව කැ..රකෙ..න..වා.. මු.. මුල්..

කෙල්ල අමාරුවෙන් මුමුණද්දි තමයි කොල්ලා පියවි සිහියට ආවෙ.

අහ්.. ඉන්න.. උඩට යනකන් ටිකක් ඉන්න. මේ බෑග් එකේ මොනාද තියෙන්නෙ.. වතුර නැද්ද..?

අ..අනී..

ලිෆ්ට් එක උඩට ගිහින් දොර ඇරුණම කොල්ලා දෙපාරක් නොහිතා අත් දෙකට කෙල්ලව අරගෙන ගියේ කුකීගෙ කැබින් එකට. කුකීගෙ secretary ගර්ල් කෙනෙක් නිසා තමයි එතන්ට ගියෙ. කෙල්ලෙක් උස්සන් යද්දි ඔෆිස් එකේ අය අමුතු විදිහට බැලුවත් ඒක ගනන් ගන්නැතුව කැබින් එකේ දොර ඇරගෙන ගියපු ජීමින් සෝෆා එකේ හිටපු ටේව දකිද්දි තමයි මීටින් එක මතක් වුණේ.

ආරා.. මෙයා මොකද? තමුන්ගෙ අතට කොහොමද මෙයාව ආවෙ. මොකද වෙලා තියෙන්නෙ.

𝙺𝚎𝚎𝚙 𝙸𝚝 𝙸𝚗 𝙼𝚢 𝙷𝚎𝚊𝚛𝚝 | 𝙿𝙹𝙼 ✔️Where stories live. Discover now