Chapter 05

230 51 2
                                    

ජන්කුක් කියවන් ගියපු විදිහට ජීමින් දැනගත්තා මූ කෙල්ලගෙ බයෝඩේටා එකක් කියවන්නෙ කියලා.

තමුන්.. ඔය වැඩේට ටේගෙන් උදව් ගත්තා කියලා නම් කියන්න එපා. මරනවා මං තමුන්ව.

ඉතින් හියුන් කොහොම හරි විස්තර ටික හොයාගත්තනෙ.

යාහ්.. දැන් අරූ ඕකට මොනා හිතයිද?

මාත් මොනා හරි හිතන්න කලින් හියුන් ඒ ගැන පැහැදිලි කරානම් නරකද?

මොනා පැහැදිලි කරන්නද? තමුසෙ කියපු වැඩේ කරලා පැත්තකට වෙලා ඉන්නකො. address එක එවන්න මට කෙල්ලගෙ.

අහ්.. දේ දේ.. හියුන්ට හිත ගියාද කෙල්ලට. වාහ්.. මේක නම් සමරන්න ඕනි. මං අනිත් අයටත් කියනවා...

ජන්කුක් එහෙම කියලා දුවන්න යද්දිම ජීමින් ජන්කුක්ගෙ කොලර් එකෙන් අල්ලලා ඔලුවට එකක් ගැහුවා...

ආ...ව්.. අප්පෝහ්.. හියුන් හයියෙන් ගැහුවා.

කුකී බොරුවට අඩ අඩ කිව්වෙ..

ඒක නෙමෙයි අද යමු ගමනක්.

කොහෙද..? කෙල්ලගෙ ගෙදර හොයාගෙනද?

ජන්කුක් බනී දත් දෙකත් එලියෙ දාගෙන කිව්වෙ..

අනී.. මං යන්නම ඕනි තැනක්. කාලෙකින් ගියෙ නෑ ඔම්මව බලන්න.

ජීමින් කියද්දි ජන්කුක් බිම බලාගත්තෙ ඒක මතක් වෙද්දි කදුලු එන එක නතර කරන්න අමාරු නිසා.

යා.. මගේ පොඩි එකා. දැන් දුක් නොවී යමුකො. ඔම්මයි අප්පයි බලන්න යද්දි අඩන්නෙ නෑ ලමයි.

ජීමින් ආදරෙන් කිව්වම කුකී හැමදාම වගේ කදුලු පිහදලා දෙන්නත් එක්කම කාර් එකට නැග්ගා. මග තිබුණු ෂොප් එකෙන් සුදු මල් පොකුරු තුනක්ම අරන් සොහොනට ගිහින් තනකොල වලින් වට වෙලා තිබුන සොහොන් කොත් තුන ලග බිමින් ඉදගත්තා. පාර්ක් ඉයෝන් කියලා කොටලා තිබ්බ සොහොනයි ඊට එහයින් තිබුණ මිසිස් ජියෝන් මිස්ටර් ජියෝන් දෙන්නගෙ සොහොයනයි දකින කොට කුකීට වගේම ජීමින්ටත් මේ ලෝකෙ තියෙන දරාගන්න අමාරුම වේදනාවක් දැනෙන්නේ.

ඔම්මා.. මං ආවා. ඔයාගෙ චිමී ඔයාව බලන්න ආවා.

කොල්ලා ඇස් දෙක පියාගෙනම මුමුණද්දි ඇස් දෙක කදුලු වලින් පුරවන් හිටපු කුකී එයාගෙ ඔම්මගෙයි අප්පගෙයි සොහොන් දෙක මැදින් ගිහින් ඔලුව තියාගත්තා.

𝙺𝚎𝚎𝚙 𝙸𝚝 𝙸𝚗 𝙼𝚢 𝙷𝚎𝚊𝚛𝚝 | 𝙿𝙹𝙼 ✔️Where stories live. Discover now