ටේ ලැප් එක දිහා බලලා කල්පනා කරලා තමන්ට ඒ වැඩේ ලේසියෙන් කරන්න පුලුවන් වුණත් ටිකක් try කරලා බෑ කියලා තමයි කිව්වෙ.
මේකෙ සිකියුරිටි එක කඩන්න බෑ. අනික තමුසෙ හිතනවා වගේ මේ තියන මේල් ටික ඔක්කම එක address එකකින් ආවා වගේ පෙනුනට එකකට එකක් වෙනස්. මොනා නැතත් එවන එකා ස්මාර්ට්. මොනාද බං මේ දිනයි වෙලාවලුයි තැනුයි. තොපි මේක එවන එකා එක්ක එකතු වෙලා හොර වැඩ කරනවා එහෙම නෙවෙයිනෙ. අත ඇරලා දානවා මේක කරන්න බෑ මොකෙක්ටවත්.
ටේ ඇහිබැමකුත් උස්සන් කියලා දැම්මා.
තමුන්ට ඒකෙන් වැඩක් නෑ. හරි එහෙනම් අපිට මේකට මේල් එකක් යවාගන්න විදිහක් නැද්ද?
ඒ මොකටද හියුන්?
ඒ ගමන කතා කරේ නම් කුකී.
මං අද දැනගත්තා මේකෙ පිටිපස්සෙ ඉන්න එකා. අර මින්හො කාරයා තමයි ඒ වැඩේ කරන්නෙ.
ජීමින් කුකීට කියද්දි ටේ දෙන්නා දිහා නොබලම එලියට ගියා. ටේට කොහොමත් තියෙන්නෙ අමුතු හැසිරීමක්. තමන්ට අදාල නැති දෙයක් කතා කරන තැනක ඉන්නෙ නෑ ටේ. කුකී ටේ දිහා බලලා ආයෙම ජීමින්ට කතා කරා.
හියුන් කොහොමද දැනගත්තේ.
මං අද ගියා ඉන්චොන් වලට. ඇමරිකන් කාරයො ෆලෝ කරා. උන්ව හම්බෙන්න ඩිරෙක්ට්ම ආවෙ මින්හෝ.
හියුන්.. මං නැති වෙලාවෙ තනියම ගියාද? මොකක් හරි වුණා නම් එහෙම.
යාහ්.. මේ ඉන්නෙ මං පණ පිටින්. දැන් ගෙදර යමු මහන්සි හොදටම..
කොල්ලො දෙන්නත් ගෙදර ආවා. මහන්සියටම යන ගමන් කඩෙන් කාලාම ගිහින් ඇදට වැටුණා විතරයි දෙන්නටම මතක.
Next day~
ටේ කාරයා ලෑන්ඩ් එක දැකලා මොනාද කිව්වෙ.
උදේ කන ගමන් ජීමින් කුකීගෙන් ඇහුවෙ.
හියුන්ට පුදුමයි ඒක දැකලා. ටවුන් එකෙන් එච්චර හොද තැනක් හම්බුණ එකට නම් හියුන්ට හෙන හැපි.
එහෙමද? ආරාව හොදට බලාගත්තනේ.
දේ දේ.. කෙල්ලට වෙලාවකට නම් පිස්සු. ටේ හියුන්ට කෑ ගහනවා වෙලාවකට. ආයෙ මුකුත් වුණෙ නෑ වගේ කතා කරනවා.

YOU ARE READING
𝙺𝚎𝚎𝚙 𝙸𝚝 𝙸𝚗 𝙼𝚢 𝙷𝚎𝚊𝚛𝚝 | 𝙿𝙹𝙼 ✔️
FanfictionA PJM fanfiction ✍story by blacklove.. ✨cover by Baby_gguk_ Published date :- 2021.11.30