Chapter 15

194 42 2
                                    

කුකී ජීමින්ට කොහොමද? වාහනේටවත් ලොකු ඩැමේජ් එකක් තිබ්බෙ නෑනෙ. මං ඒක බලලා ආවෙ. ඔලුව වැදුන පාර ෂටර් එක කැඩිලා තිබ්බා.

යුන්ගි කියාගෙන යද්දි තියටර් එකේ ඉදන් ඩොක්ටර් ආවා.

ඩොක්ටර් මගේ හියුන්ට කොහොමද?

බය වෙන්න දෙයක් නෑ. ඔලුවෙ තිබුණ කටු අයින් කරා. සිහිය එන්න තව පැය දෙකක් යයි. ඔලුවට වුණත් ලොකු ඩැමේජ් එකක් නෑ. අපේ කොල්ලා දක්ෂයානේ.

කුමාවෝ ඩොක්ටර්.

ඒක ඇහුවම නම් කෙල්ලට සැනසීමක් දැනුනා. කුකී වුණත් සන්සුන් වුණේ එතකොට.

At minho place~

තමුසෙලාට ඔය වැඩේවත් හරියට කර ගන්න බැරිද යකෝ. මං කිව්වෙ ඌව මරන්න කියලා.

මැඩම් ඌ වාහනේ නවත්තගත්තා. එතන මිනිස්සු හිටපු නිසා අපි දෙන්නා පැන්නා.

ඕකා මට කරදර කරනවා වැඩි. අර ටාෂි කියන එකීවත් බේරගත්තා.

මැඩම් ඒත් බොස් කිව්වෙ බොස් එනකන් කිසිම දෙයක් කරන්න එපා කියලා.

එක මිනිහෙක් කිව්වම ටේගෙ ඔම්මා හයියෙන් හිනා වුණා.

ඒක තමයි තමුසෙලාගෙ බොස් එන්න කලින් අපි එයාට හරස් වෙන දේවල් අයින් කරලා තියන්න ඕනි. උන් එකෙක්වත් මාව දන්නෙ නෑ. මේ වෙලාවෙ බොස් නැති නිසා අපිව සැක කරන්නෑ කවුරුත්. අර මින්හියුක් කාරයාව හොයාගත්තද?

තාම නෑ මැඩම්.

තොපිට ඒකවත් හොයාගන්න බැරි නම් මෙතන ඉදලා පොල් ගානවද? ඉක්මණට ඌව හොයාගන්න. මගේ නම කියන්න කලින්.

ටේ ගෙ ඔම්මා එහෙම කියලා එතනින් ගියා.

ඒ අතරෙ ජීමින්ට සිහිය ආවම වෙන රූම් එකකට මාරු කරා.

හියුන්.. මගේ හියුන් මං බයවුණා.

යාහ්.. මෙතන ගෑණි මිනිහා වගේ ඇගේ වෙලෙන්නැතුව ඉන්නවා. මට හුස්ම ගන්න දීලා.

කුකී ජීමින්ගෙ ඇගට පැනපු පාරට ජීමින් කෑ ගැහුවා.

ජීමිනා උබ මාර වැඩ්ඩෙක්නෙ. සීසිටීවි හැටියට හෙන ගේමක් දීලා නවත්තගත්තනෙ වාහනේ.

𝙺𝚎𝚎𝚙 𝙸𝚝 𝙸𝚗 𝙼𝚢 𝙷𝚎𝚊𝚛𝚝 | 𝙿𝙹𝙼 ✔️Where stories live. Discover now