chapter 3

326 78 3
                                    

ජීවත් වෙන්න කියලා ලොකු අසාවක් මට මතක කාලෙක ඉදලා මට නොතිබුනේ ඇයි කියන්න මන් දන්නේ නෑ ඒත් ජීවිතේට ආපු සමහර යාළුවෝ සමහර හිතවතුන් නිසා ජීවත් වෙන්න ආශාවක් ඇති නොවුණාමත් නෙවෙයි. ඒත් ඒ බැඳීම් ටික කාලයකට සීමා වෙද්දී ජීවත් වෙන්න ඕනේ කියලා මට ඇති වුණ ඒ බලාපොරොත්තුව අමු අමුවේම මරා දාන්න උන අවස්ථා ගණන් කරන්නත් බැරි තරම්. හිතින් නොවැටී ඉන්න මන් ගොඩාක් උත්සාහ කරා ගොඩක් උත්සාහයන් සාර්ථක උනත් සමහර ඒවා අසාර්ථක උනා. ඒත් කොහොමහරි ජිවිතේ ගැටගහගන්න තරම් මට හිතේ හයියක් තිබුණා

නෑ

හිතේ හයියට කෙනෙක් හිටියා

දවල් තිස්සේ පිස්සෙක් වගේ හිනා උන මන් ඒ හැම හිනවකටම රැට වගකිවුවා මන් මගේම කඳුළුවලින්. මගේ ඉකිබිඳුම බිත්ති හතරකට පමණක් සීමා වුණා.

"මිස් සෙවුල්ගි ඊළග මිටින් එක කීයටද තියෙන්නේ"  ඒ මගේ ආයතන ප්‍රධානි මිස්ටර් මින් මන් මේ කම්පැනි එකට ඇවිල්ලා මාස ගානක් උනත් ඒ මනුස්සයාගේ එක පොඩි හිනාවක් බලාගන්න මට බැරි උනා ඒ රැවුම් පිටිපස්සේ තියෙන ලස්සන හිනාව දැක ගන්න මගේ මේ අසරණ හිත ටික දවසක ඉඳන් පෙරුම් පිරුවේ මටත් නොදැනීමයි.

ඒක අදරයක්ද ?

නැත්තං ආකර්ශනයක්ද ?

මන් වත් දන්නේ නැති ඒ ප්‍රශ්ණෙට හැමදාම මන් උත්තර හොයනවා. අන්තිමට ඒ ප්‍රශ්නේ ඇතුලේ මන් අතරමන් වෙනවා.

"1.30 මිස්ටර් මින්"  කියලා මන් උත්තර දුන්නත් කිසිම දෙයක් නොකිව්ව එයා එයාගේ පුටුවෙන් නැගිටලා කැබින් එකෙන් එලියට ගියා. ආයෙත් මන් මගේ ළග තිබ්බා ෆයිල් එකට අවදානේ යොමු කළේ අද හවස වෙද්දී මේක මිස්ටර් මින්ගේ අතට ලැබෙන්නෙ ඕනේ නිසා.

කැබින් එකේ දොර ඇරගෙන ආයෙත් මිස්ටර් මින් ඇවිල්ලා එයාගේ ටේබල් එක ලඟට ගිහින් පුටුවේ දාලා තිබ්බා එයාගේ කෝට් එකත් අරගෙන මන් දිහා එක එල්ලේ බැලුවා මන් මගේ ඇස් කොනෙන් දැක්කත් මන් එය දිහා බලන්න ගියේ නෑ.

"දැන්ම ගියොත් අපිට ඉක්මනට යන්න පුළුවන් වෙයි මිස් ජියෝන්"  එය එහෙම කිවුවේ අද මිටින් එක තියෙන්නේ වෙන කම්පැනි එකක නිසා කොහොමත් මිස්ටර් මින් කියන්නේ වෙලාවට වැඩ කරන කෙනෙක්.

"Okay sir" කියලා මාත් මගේ පුටුවෙන් නැගිට්ටෙ මිටින් එකට ඕනේ කරන ෆයිල් ටිකත් අරගෙන මන් දිහා එක බැල්මක්වත් නොදා එයා ඒලියට ගියේ කාර් පාර්ක් එකට එන්න කියලා කියාගෙන. මාත් වැඩිය පරක්කු වෙන්නේ නැතිව ඉක්මනින් එයා පස්සෙන් ගියේ කොයි වෙලාවේ එය මාත් එක්ක තරහා ගනිවිද කියලා නොදන්න නිසයි.

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

ඔන්න එහෙනම් මන් අදත් දුන්නා 😁

ඉතින් කොහොමද කට්ටියට කතාව නම් හොඳයිද දන්නේ නෑ.

කතාව වෙනස් වෙන්න ඕනේ නම් කියන්න හරිද 😁

එහෙනම් මන් ගියා ❤️

UNREQUITED LOVE ( Completed)Where stories live. Discover now