chapter 4

291 69 12
                                    

~රොන් පිරුණු මල් ඇති හැමතැන
රොන් සුවදැති එකම මල නුඹ මට~

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

කාර් එකේ තිබුනේ දැඩි නිශ්ශබ්ද බවක් ඒත් මන් එකෙන් අපහසුතාවයකට පත් වුණේ නෑ. මොකද මිස්ටර් මින්ගෙන් මීට වඩා දෙයක බලාපොරොත්තු වෙන්න බැරි නිසා. එයාගේ ලාගම යාළුවොත් එක්ක වුණත් වචනේකට දෙකකට සීමා වෙන එයා එයාගේ secretary එක්ක කතා කරයි කියලා හිතන්න අමාරුයි.

"බහින්න මිස් සෙවුල්ගී" අපි ඇවිල්ලා කාර් එක park industry එක ලගින් නතර කරපු යුන්ගිශි එහෙම කිව්වම මන් කාර් එකෙන් බැහැලා මිස්ටර් මින් එනකන් ඉදලා එයත් එක්කම conference room එකට ගියා. යද්දී එතන්ට ඇවිල්ලා හිටියා ගොඩක් කට්ටිය මිස්ටර් මින්ට නැගිටලා ආචාර කරා. එයාලට ඔලුව වනලා ප්‍රතිචාර දක්වපු මිස්ටර් මින් මට ඉඳගන්න කියලා එයත් මට එහෙපෙත්තෙන් ඉදගත්තා.

පැය දෙකකින් මිටින් එක ඉවර වුනාම අපි ළඟට ආවේ park industry එකේ CEO පාර්ක් ජිමින්. පොඩි එකෙක් වගේ දුවගෙන අපි ඉන්න පැත්තට ආපු ජිමින්ශි යුන්ගීගේ ඇගේ එල්ලුනා.

" යුන්ගී හියෝන්ව දැක්ක කල් " ඒකියන්නේ මෙයාලා අදුරනවා.

" එයි කොට ජීමිනෝ එහාට යනවා " මෙයා හරිම උස කෙනානේ ජීමිංශිට කොටා කියන්න එහෙම හිතුනා නිසා මගේ කටෙන් පොඩි හිනාවක් පැන්නේ මටත් නොදැනීමයි ඒත් එක්කම වගේ ඒ දෙන්නම මගේ දිහා බැලුවා

" ඕ හියෝන්ගි මෙයා කවුද " අම්මෝ පැණි හිනාව. ඒත් ඒ ප්‍රශ්ණෙට යුන්ගිෂි නම් වැඩි කැමැත්තක් දක්වුවේ නෑ වගේ මට එහෙම හිතුනේ එය දීපු උත්තරෙන්

" තමුසෙටත් ඕනේ නැති දෙයක් නෑනෙ ජීමිනො කොට වගේ නෙවෙයි කට නම් එයා මගේ secretary " තරහින් වගේ මාව ජිමිංශිට හඳුන්වලා දීලා එය යන්න ගියා.

" හදුනාගැනීම සතුටක් මන් පාර්ක් ජීමින් " ඇස් දෙක පෙන්නේත් නැති තරමට හිනි කරපු ජීමිංශි ලස්සන හිනාවක් දැම්මා. දකින ඕනෑම කෙනෙක් ව වසඟයට ගන්න තරම් ලස්සන පිරිපුන් ශරීරයක් ජීම්න්ශිට තිබුනා
හරියට සුරදුතයෙක් වගේ එහෙමයි මට හිතුනේ

" මන් ජියොන් සේවුල්ගි හදුනාගැනීම සතුටක් ජීමිංශී " එහෙම කියලා මාත් එයාට මද හිනාවකින් සංග්‍රහ කරා.

"හයියෝ ජිමිංශි කියන්න එපා අනේ ජීමිනි කියලා කතා කරන්න " එයා එහෙම කතා කරන්න කිවුවත් එහෙම කතා කරන්න අයිතියක් මට නෑ ඒ මගේ බොස්ගේ යාලුවෙක්.

" ඔයා දැම්ම යන්නේ නැත්තං අපි යමුද coffee එකක් බොන්න යමුද ? " එය හරිම සුහදශීලී විදිහට මගෙන් අහද්දි මන් හා කියලා කියන්න ගියත්

" එයාට එන්න වෙන්නේ නෑ ජිමිනෝ එයා දැන් මාත් එක්ක ආයෙත් කම්පැනි එකට යනවා " ඈතින් මතු වුණ යුන්ගිශී එයාට උත්තර දුන්නා. එයාගේ මුණෙන් මට පෙනුනේ නොරිස්සුම් පෙනුමක් මෙයට තරහ යන්න තරම් දෙයක් ජිමිංශී කිවුවේ නෑනේ

" අපි වෙන දවසක හම්බවෙමු එහෙනම් සේවුල්ගී පරිස්සමින් යන්නකෝ එහෙනම් " ජිමිංශි කිව්වහම මන් එයාට ඔලුව වනලා ඉක්මනට යුන්ගිෂී පිටිපස්සෙන් ගියේ නැත්තං මෙයාගෙන් හොදට අහගන්න පුළුවන් වෙයි කියලා හිතුන නිසා

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

අනේ සොරි ළමයි මට අමතක උනානෙ මන් කතාවක් ලියනවා කියලා 😁 ඔතරිගේ මතකේ කොහොමත් හිටපු ගමන් පොඩ්ඩක් අවුල් යනවනෙ හිතලා කරේ නෑ 🥺😁😂 ඔන්න එහෙනම් මන් ගියා

කතාව happy ending ද sad ending ද ඕනේ

ඒකවත් කොටාගෙන යන්න අනේ ඔයාලා comment කරන්නෙත් නැති එකේ 😂😂

Stay safe 💗

UNREQUITED LOVE ( Completed)Where stories live. Discover now