~ ආදරේ කියලා හිත පිළිගන්නට
නුඹ තනිකර මගේ වෙන්නම ඕනෙද
තණ්හා ආශා නුඹ ගැන මොකටද
එහෙම දේවල් නෑ හිතේ මගේ ~🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
Flashback ends
Sevulgi's pov
හිතෙන් ලොකු දුරක් ගිහින් හිටපු මම ආයෙත් පියවි සිහියට ආවේ කවුරුහරි මගේ උරහිසට අත තියද්දි.
" ඔප්පා "
" මොකද තාමත් මෙතෙන්ට වෙලා ඉන්නේ යමු ගෙදර "
එකට උත්තර දෙන්නේ නැතුව මන් නැගිටලා වටපිට බැලුවේ ඉස්සෙල්ලා වෙරළට වෙලා හිටපු කිසිම කෙනෙක් දැන් එතන නැති එකට පුදුම වෙලා.
' නොලැබෙනවා කියලා දන්නවා නම් මන් ආයෙත් කිසිම ආත්මෙක ඔයාට ලං වෙන්නේ නෑ යුන්ගිශි. මේ වේදනාව දරාගන්න බෑ මට ඒක අසීමාන්තික වේදනාවක් ඒත් කොච්චර රිදුනත් අදටත් මන් ඔය අහංකාර හිතට හරි ආදරෙයි '
ගෙවල් තිබුණේ මුහුද ළඟම නිසා මායි ඔප්පායි ගියේ ඇවිදගෙන. තාමත් මුහුදු රැල්ල ඇවිත් ව්රල තීරේ වැදෙන සද්දෙ ඇහෙනවා. ඒක හරිම ඒකාකාරී ඕනේ තරම් වෙලාවක් අහන් ඉන්න පුළුවන්. මන් ආසයි මේ ජීවිතේට මෙහෙම මිනිස්සුන්ට ලොකු ලොකු බලාපොරොත්තු නෑ, ලොකු ලොකු ආසාවන් නෑ, එදා වෙලා කාල සතුටින් ඉන්න මෙහෙ මිනිසුන්ගේ ජිවිතේ සෝල්වල ජිවිතේ තරම් සංකීරණ නෑ. අපි ඉන්නේ බූසාන්වල පොඩි ගමක. මමයි ඔප්පායි එයා හොයාගත්ත එයාගේ ආදරෙයි. මට එයා ගැන සතුටුයි. අන්තිමට හරි ඒ ජීවිතේට සතුටක් ලැබුණා.
" සෙවූල්ගි කෑම නිවෙන්න කලින් කන්න එන්න ළමයෝ" ඒ එයා ජිහා ඔන්නි. මට මගේම සහෝදරියක් වගේ එයා සලකන්නේ. සහෝදරියකට වඩා මට නොලැබුන ඔම්මගේ ආදරේ මන් ලබන්නේ එයාගෙන් මන් වොෂ් දාලා පල්ලෙහට එද්දී කෑම මෙසේ ඉඳන් හිටපු ඔප්පට කෑම බෙදලා ඉවර වෙලා මටත් බෙදලා දුන්නා.
" ඔප්පා මන් ජොබ් එකකට යන්නද?"
" ඇයි සෙවුල්ගිට මගෙන් වෙන අඩුව මොකද්ද? " ඒ ප්රශ්ණෙට එයා හැමදාම දෙන්නේ උත්තරයක් වෙනුවට තවත් ප්රශ්නයක්.
" මට ඔප්පා අඩුවක් කරන්නේ නෑ ඒත් මන් කැමැති නෑ ඔප්පට බරක් වෙන්න "
YOU ARE READING
UNREQUITED LOVE ( Completed)
Fanfiction🍁 හමුවීම ප්රේමය නොවෙ වෙන්වීම ප්රේමය වඩයි, අපි පතා ආවා වගේ වෙන්වයයි 🍁