chapter 6

312 69 4
                                    

~පර වෙලා මිහිදන් වෙලා හුන්
හිත ඔහේ පර වෙන්න තිබුණා
එදා ඔය ඇස් දිහා නොබලාම
බිම බලාගෙන යන්න තිබුණා~

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

" ඒක දිග කතාවක් යුංගීශි" ඔව් ඒක දිග කතාවක් අද වෙනකන් කවුරුවත් දැනගෙන හිටපු නැති මන් තනියෙන්ම විදවපු මගේ කතාව 

මගේ ජීවිතේට මාස ගානකට කලින් ආපු කෙනෙක්ට මගේ මුළු ජීවිත කතාවම කියන්න සුදුසු ද කියලා මට හිතුනා. මන් කවදාවත් කාත් එක්කවත් මගේ ජිවිතේ අත්දැකීම් හරියට බෙදා ගත්ත කෙනෙක් නෙවෙයි. ඉතින් හැම දුකක් ම, වේදනාවක්ම මගේ හිතයටම හංගන්න ඉන්න උත්සාහ කරපු මට කෙනෙක්ට මෙහෙම කතා කරන එක අමුතු දෙයක් උනා.

හැම දේම කියනවද නැද්ද කියන උත්තර දෙක අතරෙ මගේ හිත දෝලනය උනා. කිව්වොත් යුන්ගිශි මට අනුකම්පා කරයිද නැත්තං එයත් මාව අවාසනාවන්ත කෙනෙක් විදිහට සලකයි ද?

මට හැම දේම කෙනෙක්ට කියලා හිතේ මෙච්චර කාලයක් හිත වෙලා තිබුණා බර  නිදහස් කරගන්න ඕනේ උනත් ඒ කෙනා යුන්ගීෂි ද කියලා මට හරියටම සහතික කරගන්න බෑ. මොකද එයාගෙයි මගෙයි අතර තියෙන්නේ සේවකයෙක්ගෙයි ප්‍රධානියෙක්ගෙයි අතර තියෙන බැදීමක්. හදවත දිගින් දිගටම කිවුවත් එයාට හැමදේම කියන්න කියලා මගේ හිත කිවුවේ ම එයාට මගේ පෞද්ගලික ජීවිතය ගැන වැඩක් නෑ කියලමයි.

"මිස් සේවුල්ගි ඔයාට ඒක කියන්න උවමනාවක් නැත්තං මන් ඔයාට බල කරන්නේ නෑ " යුන්ගිශි කිවුවේ හරිම සන්සුන් කටහඩකින් , ඒ කටහඬේ ලොකු හිත් රිදීමක් ගැබ් වෙලා තියෙනවා කියලමයි මට හිතුනේ එයා එහෙම කතා කරේ  ඇයි කියන්න දන්නේ නැති උනත් මට මන් ගැනම කලකිරීමක් ඇති උනා.

මොකද යුන්ගිශි කියන්නේ කවදාවත් මට වචනෙකින් වත් අහිතක් කරපු කෙනෙක් නෙවෙයි. වැඩිය කතාබහක් , හිනාවක් නැති උනත් මන් එයාට දුන්න ගෞරවය එයා ආපිට මටත් හැම වෙලාවකම දෙන්න තරම් කාරුණික වුණා. අදටත් එයා මට මගේ නම විතරක් කියලා කතා කරලා නෑ. ඒ නිසා යුන්ගිශි ගැන මගේ හිතේ තිබ්බ ඒ ගෞරවය දවසින් දවස වැඩි උනා.

"නෑ යුන්ගිශි මට ඒක ඔයාට කියන්න පුළුවන් ඒත්.." මන් කියන්න ගියපු එක මගින් නතර වෙලා ඉකියක් මගේ කටින් පිට වුණේ මන් මේ යුන්ගිෂිට මන් මේ කරන්නේ වැරද්දක් ද කියලා හිතුන නිසයි. යුන්ගිශි මගේ පිටට තට්ටුවක් දැම්මේ අඬන්න එපා කියලා කියන වගේ ඒත් ඒකෙන් උනේ මගේ ඉකි ගැහීම තවත් වැඩි උන එකයි. මොකද මට දැනට මතක ඇති කාලෙක ඉඳල මගේ දුක අහන්න මන් ගැන වද වෙන්න මගේ කියලා කවුරුවත් මට හිටියේ නෑ ඉතින් එක පාරටම කෙනෙක් මට මෙහෙම හොදින් සලකද්දි මට දැනෙන සතුට, මට දැනෙන ඒ හැඟීම වචන වලට පෙරළන්න මට තේරෙන්නේ නෑ. ඒ වචන තිකට මිලක් නියම කරන්න කිව්වොත් ඒක කරන්න හැකියාවක් මට නෑ.

UNREQUITED LOVE ( Completed)Where stories live. Discover now