~ දහසක් පැතුම් මහදේ
සිර කොට දමා
මා පෙම් කලේ සිතින්
සුසුමන් දරා ~🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
sevulgi pov
Back to presentමුහුදු වෙරළ කොනේ හිටපු මට ඈතින් ඇහුනේ හොදට හුරු පුරුදු කටහඩක්
" සේවුල්ගියා ගෙදර යන්න උවමනාවක් නැද්ද "
" ආහ් මන් එන්නම් "
මගේ ජිවිතේ කොච්චර නම් වෙනස් වෙලාද ඒත් සමහර මිනිස්සු තාමත් ඒ විදිහටම මගේ ජිවිතේ ඉන්නවා. කොච්චර හිතින් වැටුනත් මාව ආයෙත් හිටපු විදිහටම නැගිට්ටවන්න කෙනෙක් මේ ලෝකේ මට දැන් ඉන්නවා කියලා හිතෙද්දිත් මට දැනේන්නේ පුදුමාකාර සතුටක්.
Back to past
sevulgi's pov
පහු වෙනිදා උදෙන්ම නැගිට්ට මම වෙනදාට වඩා හිමින් ලෑස්ති උනේ ඔෆිස් යන්න කිසිම අදහසක් නොතිබුණ නිසා. ඊයේ මන් හැසිරුණ විදිහ ගැන මට දැන් දැනෙන්නේ කලකිරීමක්, දුකක්. මොන දේ උනත් මන් මගේ බොස් ඉස්සරහ එහෙම හැසිරුණ එක වැරදි. අපි දෙන්නා අතර තියෙන රාජකාරීමය බැදීමට මගේ පෞද්ගලික ජිවිතේ අදාල වෙන්නේ නෑ. ඒත් වෙන්න තියෙන දේ මේ වෙද්දී වෙලා ඉවරයි.
කල්පනාව කිරිල්ල පැත්තකින් තියලා මන් ඉක්මනින් ලෑස්ති උනේ දැනටමත් පරක්කු වෙලා තියෙන නිසයි. යුන්ගිශි එන්න කලින් යන්න ඕනේ. ඒත් අද නම් පරක්කු වෙයි වගේ. ඉක්මනින් ලෑස්ති වෙලා මන් දුවගෙන ගියේ බස් එක අල්ලගන්න ඕනේ උන නිසා. කොහොමහරි අන්තිම මොහොතේදී මන් බස් එකට නැග ගත්තේ මන් දුවගෙන ආපු එකේ මහින්සියට හති දාන ගමන්.
'අද දවස නම් මට ලේසි වෙන එකක් නෑ ' මට ඉබේටම කියවුණේ පාරේ තිබ්බ වාහන තදබදය දකිද්දියි. බස් එකෙන් බැහැලා ඇවිදගෙන යන්නද නැත්තං බස් එකේම ඔෆිස් යන්නද කියලා හිතුන වාරත් අනන්තයි. ඒත් ඒ ඔක්කොම අතරින් මට මතක් උනේ අද නම් යුන්ගිශිගෙන් හොඳටම බැනුම් අහන්න වෙයි කියන එක. මොකද දැනටමත් මන් පැය බාගයක් පරක්කුයි.
කොහොමහරි මන් ඔෆිස් එකට එද්දී මිනිත්තු හතලිහක් පරක්කු වෙලයි තිබුණේ. ඉක්මනින් මිස්ටර් මින්ගේ කැබින් එකට ගියේ කකුල් දෙක පවා බයෙන් වෙවුලද්දී. මොකද මන් දැනන් හිටියා මිස්ටර් මින් කියන්නේ වෙලාවට වැඩ කරන කෙනෙක් කියලා. ඕනෙම දේකට මූන දෙන්න ලෑස්ති වෙලා මන් දොරට තට්ටු කරා.
YOU ARE READING
UNREQUITED LOVE ( Completed)
Fiksi Penggemar🍁 හමුවීම ප්රේමය නොවෙ වෙන්වීම ප්රේමය වඩයි, අපි පතා ආවා වගේ වෙන්වයයි 🍁