chapter 9

254 63 5
                                    

~ අතින් අතවත් නොඅල්ලා අපි
කොහොම බැදුනාද මන්දා
අත අරින්නේ නෑ එනිසා ~

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Yoongi pov

පහුවෙනිදා ටිකක් පරක්කු වෙලා ඔෆිස් එකට ගියේ ඔලුව රිදුන නිසා නැගිටින්න පරක්කු උන නිසයි. කොහොමත් බොස් උදෙන්ම එන්න ඕනේ කියලා නීතියක් නැති නිසා මන් තව ටිකක් දවල් වෙනකම් හිටියේ විශේෂ වැඩක් මට අද කරන්න තියෙනවා කියලා මතකයේ නෝතිබිච්ච නිසා.

දවල් වෙලා මගේ රූම් එකෙන් එළියට ගියේ ඊයේ රැ ඉදලා මුකුත් කාලා නැති නිසා. පල්ලෙහට යද්දිම අප්පා සෝෆා එකේ හිටියේ පොතක් කියවන ගමන්.

" ආහ් පුතා දැන් ද නැගිට්ටෙ "

" නෑ අප්පා දැන් ටිකක් වෙලා කෝ ඔම්මා ඉන්නවද "

" ඔව් ඉන්නවා මන් ඊයේ රෑ කිවුව business party එකේ invitation තමා මේ තියෙන්නේ "

" ආහ් හරි අප්පා "

අප්පාට එහෙම කියලා මන් එතනින් කුස්සියට ගියේ මොනාහරි කන්න හිතාගෙන. දවල් කෑම එකත් අරගෙන කෑම මේසේ ට ගිහිල්ලා ටික වෙලාවක් කකා ඉද්දී මට කොල් එකක් ආවේ ඔෆිස් එකෙන්.

" හෙලෝ මිස්ටර් මින් මිස් සේවුල්ගි ඇහුවා මිස්ටර් මින් කීයටද ඔෆිස් එකට එන්නේ කියලා important files වගයක් sign කරන්න තියෙනවා කියලා තමා කිවුවේ නම් "

" ආහ් එහෙමද යුනා මන් ඉක්මනට එනවා කියන්න "

කෑම ඒකත් පැත්තකින් තියලා මන් ඉක්මනින් ලෑස්ති වෙලා ගියේ files sign කරන්න ඕනේ නිසා.
ඒත් මට මැවිලා පෙනුනෙ මන් එනකන් බලන් ඉන්න මිස් සේවුල්ගිව ඒ සිතුවිල්ලත් එක්කම මන් කාර් එක රේස් කරලා ඔෆිස් ඒකට ගිහිල්ලා ආපු වේගෙන්ම කැබින් එකට ගියේ මිස් සෙවුල්ගි ව තවත් බලන් ඉන්න තියන්න උවමනාවක් නැති නිසා.

" Good Afternoon Mr. Min "

" Good Afternoon මොනාද මිස් සේවුල්ගි sign කරන්න තියෙන files "

" මේ ටික සර් "

මිස් සේවුල්ගි එහෙම කියනවත් එක්කම මන් මගේ ටේබල් එකට ගියේ files ටික sign කරන්න හිතාගෙන. ඒ ගම්මන්ම මට මතක් උනේ අද උදේ invitation එක දුන්නාට පස්සේ අප්පා කිවුව කතාව. ' ඔය party එකට ඔයාගේ secretaryවත් එක්කන් යන්න පුතා එක ගොඩක් හොදයි ' අප්පා කියපු විදිහට එයාගෙන් මන් යන්න ඇහුවොත් එය කැමති වෙයිද කියන දෙගිඩියාව හිතේ තිබුන. ඒත් මන් අන්තිමේදී ඇහුවා.

UNREQUITED LOVE ( Completed)Where stories live. Discover now