~ රාත්රිය මනරම් කියා
සදට තරුවට කවි ලියා
මාත් මගේ හිත හදාගන්නම්
නුඹත් මා ලග නැති නිසා ~🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
sevulgi's pov
මගේ ම හිත ඇතුලේ යුද්දෙකට අහුවෙලා හිටපු මන් මට පුළුවන් ඉක්මනින් ඔක්කොම ෆයිල්ස් ටික කම්ප්ලිට් කර යුන්ගීශිගේ ටේබල් එක උඩින් තිබ්බේ එයාගේ සයින් එක ඕනේ නිසා.
මගේ ඔෆිස් ටයිම් ඉවරයි ඒත් යුන්ගිශි තාම ආවේ නෑ. මන් යන්නත් ඕනේ මොකද ඔෆිස් එකෙන් බාගයක් ම මේ වෙද්දී ගිහිල්ලා ඉවරයි. මන් මගේ ටේබල් එකට වෙලා බලන් හිටියේ යුන්ගිශි කොයිම මොහොතක හරි ඇවිල්ලා දොර අරි කියන බලාපොරොත්තුවෙන්.
හිතුවා වගේම දොර ඇරුනා.
" සේවුල්ගී අද ගෙදර යන්නේ නැද්ද කෙල්ලේ "
" මම දැන් යන්න කියලා බැලුවේ ඔන්නි ඒත් යුන්ගිශි තාම නෑ නේ එයාට කියලා sign කරගන්න ඕනේ files වගේකුත් තියෙනවා "
" එයා අද එන්නේ නැති වෙයි හෙට උදේට තමා වැඩේ කරගන්න වෙන්නේ දැන් ඔයා ගෙදර යන්න මාත් යන්න කියලා බැලුවේ "
ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ ඔෆිස් එකේ receptionist යුනා ඔන්නී එය හරිම කාරුණික කෙනෙක් හැමදාම වගේ ඔෆිස් එකේ කට්ටිය යනකම් ඉදලා තමා එයා යන්නෙ සමහරවිට එක යුන්ගිශි යූනා ඔන්නිට දාපු නීතියක් වෙන්න ඇති.
යුන්ගිශි එන පාටක් නැති නිසා මාත් කැබින් එකෙන් ඇවිල්ලා යුනා ඔන්නිටත් කියලා බස් හොල්ට් එකට ආවේ සිංදුවකුත් මුමුණන ගමන්.
බස් එකේ යන ගමනුත් මන් කල්පනා කාර් යුන්ගිශි ගැන යුන්ගි ශි කියන්නේ ගොඩක් කඩවසම් කෙනෙක් උසට ගැලපෙන ඇග එයාගේ කඩවසම් බව තවත් ඔපනන්වල ගත්තා. ලේසියෙන් කාටවත් පිහිටන්නේ නැති ඒ කිරි සුදු පාට හම, කළු පාට කොන්ඩේ, හිනී ඇස් දෙක, පිරුණු කම්මුල්, අහිංසක හිනාව වගේම වෙලාවකට දාන නෝන්ඩි හිනාව ඕනෙම කෙනෙක් වශී වෙන්න තරම් ලස්සනක් යුන්ගිශි ළග තියෙනවා
(A/n - මේ වෙනකොටත් වශී වෙලා ඉන්න ඔතරි 🤭🤭)
එතකොට ජිමිංශි
ජීමිංශි කියන්නේත් ගොඩක් කඩවසම් කෙනෙක්. ඇගට ගැලපෙන උස, පෘෂ්ඨිමත් ඇග, කාටවත් ම ලේසියෙන් ගැලපෙන්නේ නැති එයාට විතරක් ම ගැලපෙන ඒ රිදී පාට කොන්ඩේ, හිනවෙනකොට චූටි වෙන ඇස් දෙක, අනිත් එක ඒ හිනාව කෙටියෙන් ම කිව්වොත් ජිමිංශි කියන්නේ හරියට ම දේවදූතයෙක් වගේ කෙනෙක්. යුන්ගිශිට වඩා හාත්පසින් ම වෙනස් ගති ගුණ තියෙන ජීමිංශි හැම වෙලාවකම සිනා මුසු මුහුණින් ඉන්න කෙනෙක්.
YOU ARE READING
UNREQUITED LOVE ( Completed)
Fanfiction🍁 හමුවීම ප්රේමය නොවෙ වෙන්වීම ප්රේමය වඩයි, අපි පතා ආවා වගේ වෙන්වයයි 🍁