V යි jk යි තට්ට කොල්ලයි cafeteria එකේ ඉඳගෙන කෑම කන ගමන් හිටියේ
"මගෙ පුරුද්දක් තියනවා... කෑම එකේ හොඳම කොටස අවසානෙ වෙනකල් ඉතුරු කර ගන්න...", v කන ගමන් දොඩවනවා. "මම ලොකුම මස් කෑල්ල කන්නේ අන්තිම බත් කටත් එක්ක... එතකොට තමයි මගෙ ආහාර වේලේ climax එක මට විඳින්න පුලුවන්"
"ඒකෙ තමයි මගෙ ජීවිතේ අර්ථය තියෙන්නේ"
"උඹේ ජීවිතේ අර්ථයෙන් ඇති වැඩේ මොකක්ද බං", තට්ටයා කන ගමන් v ගෙ දාර්ශනික ටෝක් එක මැද්දට පැන්නා
V ට කෝල් එකක් ආවෙ එතකොටමයි.. එයා phone එකත් අරන් එලියට ගියා
"අයියෝ jk... බලන්නකෝ... ඔහොම pancake එකක් විතරක් කාලා ඇතිද... මට නම් උදේ කෑමටත් pancake එකක් මදි", තට්ටයා jk දිහා බලාගෙන ඔලුව දෙපැත්තට වනන ගමන් කිව්වා. "ආ... මෙන්න. V ගෙ පිඟානෙ ලොකු මස් කෑල්ලක් තියනවා. එයා කන්නෙත් නැති එකේ ඔයා ඒක කන්න", තට්ටයා විදුලි වේගෙන් v අමාරුවෙන් පරිස්සම් කරගෙන හිටපු මස් කෑල්ල jk ගෙ කටේ එබුවා
Call එක ඉවර වෙලා එතනට v ආවෙ ඒ වෙලාවෙ
"අනේ දෙවියනේ... මගෙ ජීවිතේ අර්ථය කෝ?? ඒයි තට්ටයා!!!! මගෙ මස් කෑල්ල ආපහු දෙනවා", v තට්ට කොලුවගෙ උරහිස් දෙකෙන් අල්ලලා හොලවන්න ගත්තා
"ඒක jk ගෙ කට ඇතුලෙ හැබැයි", තට්ට කොලුවා jk දිහාට ඇඟිල්ල දික් කලා
V ගෙ මූණ තරහටම රතු වෙලා... ඉදුණු තක්කාලි ගෙඩියක් වගේ... එයා නහයෙන් පිඹින ගමන් jk ගෙ මූණට එබුනා
තට්ට කොලුවා දන්නවා දැන් මෙතන ගුටි කෙලියක් යන්නයි යන්නෙ කියලා... මොකද කලින් සැරේ v ගෙ මස් කෑල්ල කාපු කොල්ලා නතර වුනේ cafeteria එක හරහා පියාඹලා
එයා ලොකු රණ්ඩුවක් බලන්න සැදී පැහැදී බලන් හිටියා
Jk හරිම අහිංසක විදියට v ගෙ ඇස් දෙක දිහා බලාගෙන මස් කෑල්ල හපනවා
V ත් ටිකක් වෙලා නහයෙන් පිඹ පිඹ බලන් හිටියා
"හ්ම්.. කමක් නෑ... jk නෙ කෑවෙ..", v සුසුමක් හෙලලා, ආපහු ඉඳගෙන කෑම එකේ ඉතුරු ටික කන්න පටන් ගත්තා
හෑ!!!!! මොකක්ද යකූ ඒ වුනේ... මෙතන මොකක්මහරි අවුලක් තියනවා
තට්ට කොලුවා ඇස් දෙකත් හීනෙ කරන් මාරුවෙන් මාරුවට jk දිහාත් v දිහාත් බල බල හිටියා~~~~~~~~~~~
👀❤️
YOU ARE READING
Bromance
Humorමේක මම ලියපු කතාවක් නෙවෙයි. මම ගොඩාක් කැමති webcomic එකක්... කතාවක් විදියට wattpad එකේ publish කරන්න හිතුවා... ඒත් මම කතාවෙ චරිතවල නම් මාරු කරලා bts fanfic එකක් කරන්නයි යන්නේ මේක **කතෘ අයිතිය සම්පූර්ණයෙන්ම LiuJia සතු වේ**